Author: Kesara Athipola

දකුණුදිග ඉරානයේ පාකිස්තාන දේශසීමාව අසළ පිහිටි සිස්ටාන් බලුකිස්තාන ප්‍රාන්තයේදී සටන්කාමී කණ්ඩායමක් විසින් සිදු කළ ප්‍රහාර දෙකකින් ඉරාන ආරක්ෂක නිලධාරීන් පස්දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයේ දෙවැනි විශාලතම ප්‍රාන්තය ලෙස සැලකෙන සිස්ටාන් බලුකිස්තාන ප්‍රාන්තයේ රාස්ක් සහ චබහාර් දේශසීමා මුරපොළ ඉලක්ක කරමින් එම ප්‍රහාර සිදු වී ඇති අතර, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ සහ ඉරාන පොලිසියේ නිලධාරින් පස්දෙනකු මිය ගිය අය අතර සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

තව කියවන්​න

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයේ ස්ථාපිත කරන ලද අති නවීන තාක්ෂණයෙන් යුත් සීටී ස්කෑන් (128-Slice CT Scan)යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීම ඊයේ (11) සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. රුපියල් මිලියන 220 ක වටිනාකමකින් යුත් මෙම අති නවීන සීටී ස්කෑන් යන්ත්‍රය සදහා මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය හරහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබා දී ඇත. මෙම 128-Slice CT Scan යන්ත්‍රය මගින් වේගවත්, ආරක්ෂිත වඩාත් නිවැරදි රෝග විනිශ්චය ලබාදෙන අතර, මෙමගින් පටක අතර වෙනස හඳුනා ගැනීමට සහ රෝගය තීරණය පහසු කිරීමට අවශ්‍ය රෝග විනිශ්චය දත්ත සපයයි. රෝගියාගේ අපහසුතාවයන් සහ විකිරණ නිරාවරණය අවම කරන…

තව කියවන්​න

දකුණු ආසියානු කලාපය තුළ ඉතා ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් සපයන රටක් ලෙස අපේ රට හදුන්වා දිය හැකි බවත්, මෙම වර්ෂයේදී සෞඛ්‍ය සේවාව සඳහා රුපියල් බිලියන 410 ක මුදලක් රජය වෙන් කර දී තිබෙන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. සෞඛ්‍ය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා (10) මහනුවර ජාතික රෝහලේ කළමනාකරණ කමිටුව සදහා සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළේ මහනුවර ජාතික රෝහලට මේ වර්ෂයේ අවශ්‍ය උපකරණ පමණක් මිලදී ගැනීමට රුපියල් මිලියන 1000 ක මුදලක් වෙන් කර දී තිබෙන බවයි. එමෙන්ම මහනුවර රෝහලේ…

තව කියවන්​න

දකුණු කොරියාවේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් පාලක පක්ෂය වන මහජන බල පක්ෂය පරදවා විපක්ෂය විශිෂ්ට ජයක් අත්කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ තවත් සුළුතර පක්ෂ එක්ව දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ ඡන්ද 300න් 192ක්ම ලැබූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

තව කියවන්​න

හෙටින් උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට මේ වනවිට රටම සූදානමින් පසුවනවා, ශ්‍රි ලාංකිකයන්ගේ රේඩියෝව ලෙස FM 107න් වී FM තුළින් අවුරුදු දා දිනය පුරා “වී සූරිය සිරිත් මංගල්‍යය” විශේෂ අලුත් අවුරුදු විකාශයද ගෙන එනු ලබයි. මෙවර අවුරුදු නැකැත් සීට්ටුව පහතින්.

තව කියවන්​න

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මේ වනවිට ප්‍රතිඵල ලේඛන නැවත පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

තව කියවන්​න

වසර 4කට පසු කොළොම්බියාවේ බොගෝටා අගනුවරට බලපෑ දරුණුම නියඟය මේ වනවිට වාර්තා වන අතර ඒ හේතුවෙන් අවම ජල පරිභෝජනයක් සිදුකරන ලෙසයි එරට බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා. කෙසේවෙතත් රෝහල් සහ පාසල් සඳහා අඛන්ඩව ජල සැපයුම ලබාදීමට අවද්‍ය පියවර ගෙන ඇති බව එරට රජය පවසනවා.

තව කියවන්​න