- තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව භාරයට
- මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
- සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්
- ප්‍රංශයේ පිහි ඇනුමක්
- භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
- පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
Author: Kesara Athipola
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. ඒ අනුව පෙර දිනයේ ඩොලර් 90 ආසන්නයේ පැවති බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 91 ඉක්මවූ අගයක සටහන් වුණා. එය ඩොලර් 1.70 ඉක්මවූ අගයකින් ඉහළ ගොස් තිබුණා. එය අප්‍රේල් 5 වනදායීන් පසු ලෝක බොරතෙල් මිලේ වාර්තා වූ ඉහළම අගයයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75පමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. දෘශ්‍ය…
බන්ධනාගාර ගතව දඩුවම් ලබමින් සිටින රැඳවියන් 779 දෙනෙකු සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස ලබාගැනීමට නියමිතයි. ඒ අනුව ඒ සඳහා සුදුසුකම් ලබන සිරකරුවන් 768 දෙනෙකු සහ සිරකාරියන් 11 දෙනෙකු මෙලෙස නිදහස ලබාගැනීමට නියමිත අතර දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම අද දිනයේ අදාළ සිරකරුවන් පිරිසට නිදහස ලබාදීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙන බව වාර්තා වනවා. දකුණු කළුතර සිදුවූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණා.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාව අදට යෙදී තිබෙනවා. අද අපර භාග 9.05 ට යෙද සුබ නැකැතින් උදාවන අලුත් අවුරුද්ද පිළිගැනීමට ශ්‍රි ලංකාවාසී ජනතාව මේ වනවිට සූදානමින් පසුවනවා. ශ්‍රි ලාංකිකයන්ගේ රේඩියෝව ලෙස FM 107න් වී FM තුළින් අද දිනය පුරා “වී සූරිය සිරිත් මංගල්‍යය” විශේෂ අලුත් අවුරුදු විකාශයද ගෙන එනු ලබනවා. අදට යෙදී ඇති සියලු අලුත් අවුරුදු නැකැත් ඇතුලත් රාජ්‍ය නැකැත් කමිටුව විසින් සම්පාදිත නැකැත් සීට්ටුව පහතින්.
අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගනිමු යැයි සිංහල දෙමළ අලුත් අවුරුදු දින සුබපැතුම් පණිවිඩය එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. එම සුබපැතුම් පණිවිඩය මෙසේය. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලෝකවාසී මෙන්ම ලක්වාසී සිංහල සහ දෙමළ ජනතාව ඉතාමත් ප්‍රීතියෙන් සමරන උත්සව අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස හැඳින්වෙන මෙදින සියලු දෙනා එකම නැකතක සිට එකම කාර්යයක නියැළෙන අතර මෙකී චාරිත්‍රය නිසාම ලෝකයේ සෙසු රටවල් අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඉතා ප්‍රචලිතව තිබේ. සියලු ජනතාව මෙදින තමන්ට හැකි උපරිම අයුරින් මෙකී චාරිත්‍ර…
අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය දූ දරුවන් සතු බවත් ඒ අවුරුදු අසිරිය මතු පරපුර උදෙසා රැක දීම අප සැමගේ යුතුකමක් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම සුබ පැතුම් පණිවිඩය මෙසේය. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍යය හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයි. මෙලෙස නැකැත් චාරිත‍්‍රයන්ට හා ආගමික කටයුතුවලට මූලිකත්වය දෙමින්, පාරම්පරික සම්ප‍්‍රදායන් හා සිරිත් සුරකිමින් එකම අරමුණකින් යුතුව, එකම මොහොතක එකම නැකතකට එක්ව කටයුතු කිරීම ලොව කිසිදු රටක සංස්කෘතියක දක්නට නොලැබේ. ස්වභාවධර්මයා සමඟ ගනුදෙනු කළ අපේ මුතුන්මිත්තෝ අලුත් අවුරුද්දේ එය තව තවත් යථාවත් කළෝය. ඔවුන්ගේ දරු මුනුපුරන්…
අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මඟක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා සාමූහිකත්වය යැයි සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එම අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය මෙසේය. අලුත් වීම ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කරයි.ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් වීමෙනි. අලුත් අලුත් සිතුවිලි ඔස්සේ අලුත් අලුත් දෑ නිර්මාණය කරලීමෙනි. සාම්ප්‍රදායික අවුරුද්දට අලුත් වීම, කැලැන්ඩර අවුරුද්දට අලුත් වීම, ඍතුවෙන් ඍතුවට අලුත් වීම ආදී වශයෙන් ලෝකයේ රටවල ජනතාව ඔවුනට ලැබී ඇති අවස්ථාවන්හි අලුත් වෙති. මේ හැම අලුත් වීමක් පසුපසම තවත් අතිශය වැදගත් කාරණයක් වෙයි.…
තමන් කිසිවිටක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර නොයන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ ඇතැම් පාර්ශව ද්වේශ සහගතව, පටුදේශපාලන අරමුණින් මඩ ප්‍රචාර සිදුකරන බවයි. එවැනි අසාත්‍ය ප්‍රකාශවලට නොරැවෙටෙන ලෙස ද බන්දුල ගුණවර්ධන මහතා සිය පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් පිරිසක් සමගි ජන බල සන්ධානය සමග එක්වන බවට වාර්තා පළව තිබුණා.
කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තාවී තිබෙනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් රෝගියෙකු සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත කරන ලද පී.සී.ආර් පරික්ෂාවකදී එම මරණයට හේතුව කොවිඩ් වෛරසය ආසාදනය වීම බවයි අනාවරණය වී ඇත්තේ. මේ හේතුවෙන් එම රෝගියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීම කල යුතු බවයි අනාවරණ වී ඇත්තේ. මේ වනවිට කොවිඩ් වසංගත තත්ත්වය සාමාන්‍ය මට්ටමෙන් සලකා මරණයට පත් වන රෝගීන්ගේ මෘත දේහ ආදාහනයකට ලක් නොකර පවුලේ ඥාතීන් වෙත බාර දීම සිදුවන බවද මෙය නැවත කොවිඩි වෛරසය රට තුළ පැතිර යාමට ඇති අවදානම් තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222