Author: Kesara Athipola

වී FM සූර්ය සිරිත් මංගල්‍යය අද  පස්වරු 7.00 සිට ආරම්භ වනවා. මෙම සජීව විකාශය ගෙන එනු ලබන්නේ ඒ වෙනුවෙන් ම සැකසු විශේෂිත මැදිරියක් තුළ සිටයි. ඒ අනුව මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩසටහන් රැසක් වී එෆ් එම් විශේෂ මැදිරි සංකීර්ණ පරිශ්‍රය තුළ මේ වන විටත් සංවිධානය වෙමින් පවතිනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන අලෙවිය ඉහළ යමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  මහතා ඞ  පණිවිඩයක් මඟින් දැනුම් දී තිබෙනවා. ඒ මෙරට ඉන්ධන භාවිතය 50%කින් අඩු වී ඇති බවට ඉකුත් දිනකදී ශ්‍රී ලංකා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය ප්‍රකාශකර ඇති පසුබිමකයි. මේ  අනුව  සිපෙට්කෝ, ලංකා අයිඕසී සහ සයිනොපෙක් යන මෙරට තුළ ඉන්ධන බෙදා හරින ආයතන විසින් ඉකුත් සමය තුළ අලෙවි කරන ලද ඉන්ධන ප්‍රමාණයන්ට අදාළ දත්ත වාර්තා ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකශ  කර තිබෙනවා.

තව කියවන්​න

මරටින් වාර්තාවන ්‍යෂඪ ආසාදිතයින් සංඛ්‍යාව වසරින් වසර වර්ධනය වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන ප්‍රකාශ කළා. එලෙස වාර්තාවන පිරිසෙන් තුනෙන් එකක්ම අවුරුදු 15ත් 29ත් අතර, වයස්වල පසුවන තරුණ පිරිස් බවයි ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ වැඩැබලන අධ්‍යක්ෂ විශේෂඥ ජනක වේරගොඩ මහතා කියා සිටියේ. ගතවුණු වසර 3ක කාලය තුළ නව ලිංගාශ්‍රිත ආසාදිතයන් 1,700ක් පමණ හඳුනාගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රට පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක  ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් සඳහා  අවුරුදු ත්‍යාග පාර්සල් බෙදාදීම අද (13) දිවයින පුරා සිදු කෙරිණි. කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල අද උදෑසන ආරම්භ වූ මෙම වැඩසටහන සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි අලුත් අවුරුදු රසකැවිලි හා ත්‍යාග පාර්සල් දරුවන්ට බෙදාදීම  දවසපුරාම සිදු කරන ලදී. නිවසින් හෝ ආදරණීය දෙමාපියන්ගෙන් බැහැරව සිටියත් සෑම දරුවකුටම අවුරුදු සතුට ලබාදීම වෙනුවෙන් “ළමා නිවාසවල සිටින දූ දරුවන්ටත් අවුරුදු” මැයෙන් ජනාධීපති කාර්යාලය, සිලෝන් බිස්කට් සමාගම ඇතුළු පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන සංවිධාන කර තිබිණි. ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය සමග…

තව කියවන්​න

සුඛෝපභෝගී මගී නෞකාවක් වන ක්‍රිස්ටල් සෙරිනිටි අද උදෑසන, මගීන් 265 ක් සහ කාර්ය මණ්ඩලය 480ක් සමඟින් ඉන්දුනීසියාවේ සිට කොළඹ වරායට ළඟාවුණා. ජපානය, බ්‍රසීලය සහ ඇමරිකාව යන රටවල මගීන් එහි ගමන් කරන අතර, ඔවුන් අද කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි.

තව කියවන්​න

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව පුණ්‍ය කාලය අද පස්වරු 2.41 ට  ආරම්භ  වුණා . මේ අනුව පුණ්‍ය කාලය   අප්‍රේල් 14 වනදා අලුයම 3.29 දක්වා පැවැත්වනු ඇති . ඒ අනුව පුණ්‍ය කාලයේදී ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බව නැකැත් සීට්ටුවේ සඳහන් වනවා . මේ අනුව සිංහල හා  දෙමළ අලුත් අවුරුද්ද උදාවන්නේ, අද රාත්‍රී 9.05යි.

තව කියවන්​න

අලු‍ත් අවුරුදු සමයේ ජනතාව එක්රැස් වන ස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා. ඒ අනුව පොලිසියේ 14000ක් සහ විශේෂ කාර්ය බලකායේ 500ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ එමෙන් ම ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්  400ක් හා සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් 15806ක් යොදවා ඇති බවයි පොලිසිය ප්‍රකශ කර සිටියේ

තව කියවන්​න

මාර්ග නීති උල්ලංඝනය කරන බස් රියැදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්‍ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය  සඳහන් කළේ උත්සව සමයේදී බස් රථ නිසා සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා බස් රථ හිමියන් සහ රියැදුරන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවයි. ඇය වැඩිදුරත් කියා සිටියේ මෙම ක්ෂණික ඇමතුම් අංකයට ලැබෙන පැමිණිලි සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට නිලධාරීන් යොදවා ඇති බවයි . මේ අතර, අපරභාග 2.41 ට පුණ්‍ය කාලය උදාවීමත් සමඟ කෙටි ගමන් සේවා බස් රථ ධාවනය නතර කරන බව ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා …

තව කියවන්​න

බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියාට රුපියල් 5000ක ත්‍යාගයක් හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා . එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වාහන රාශියක් පරීක්ෂා කිරීමට සිදුවන බවත්, ඒ සඳහා රාජකාරියේ නියැලෙන නිලධාරියා උනන්දු කරවීම සඳහා එම ත්‍යාගය ලබාදෙන බවයි. එමෙන්ම අවුරුදු සමයේ බීමතින් රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පැය විසි හතර පුරා යොදවා ඇති බවත් විශේෂ යතුරුපැදි කණ්ඩායම්ද යොදවා ඇති බවත් ඔහු කියාසිටියා . අධික වේගයෙන් රිය පැදවීම, මංතීරු නීති උල්ලංඝනය කරමින් රිය පැදවීම හා මාර්ග තදබද ඇති අවස්ථාවල අපරික්ෂාකාරී ලෙස රිය පදවන රියදුරන්ට නීතිය තදින් ක්‍රියාත්මක…

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරිය ලෙස ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පත්කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර එම පත්වීම එළැඹෙන ඔක්තෝම්බර් පළමුවැනිදා සිට බලාත්මකවනු ඇති . මේ වන විටද එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය වන ඇය දෙවැනි වරටද එම තනතුරට පත්ව තිබෙනවා. එම ධුර කාලයද වසර 05ක් දක්වා වලංගු වනවා .

තව කියවන්​න