- තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව භාරයට
- මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
- සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්
- ප්‍රංශයේ පිහි ඇනුමක්
- භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
- පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
Author: Kesara Athipola
ලාංකේය මුද්‍රණ කඩදාසි නිෂ්පාදන ඉතිහාසය නැවතත් රන් අකුරින් ලියවීම ආරම්භ කරමින් රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ කර්මාන්ත අමාත්‍යංශයේ සහයෝගීතාවයෙන් KSPA Embilipitiya Paper Mills ව්‍යවසායකත්වයෙන් ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව පසුගියදා සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි. අභිනව කාර්මාන්ත ශාලාව මඟින් වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 90ක් නිෂ්පාදනය කිරීම ඉලක්කය කරන අතර එය මෙරට කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආරම්භයක් වනු ඇත.
2025 වසර සඳහා කෘෂිකර්ම පර්යේෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පද්ධතිය තුළ සිටින විදඥයින්ගෙන් සංකල්ප පත්‍රිකා කැඳවීම අරඹා ඇති අතර ප්‍රදාන යෝජනා ක්‍රම 3ක් යටතේ එය සිදු කෙරේ. සංකල්ප පත්‍රිකා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අප්‍රේල් මස 30 වන දිනෙන් අවසන් වේ. සංකල්ප පත්‍ර ආකෘතිය හා එය සම්පූර්ණ කිරීම සඳහා වන මාර්ගෝපදේශ සහ සුදුසුකම්ලත් ආයතන ඇතුළත් සියලු තොරතුරු SLCARP වෙබ් අඩවියට (http://www.slcarp.lk) පිවිස “NARA” අංශයේ වැඩිදුර කියවීම (read more) මඟින් ලබාගත හැක. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව මෙරට ජාතික කෘෂිකර්ම පර්යේෂණ අධ්‍යයනය ආයතන සම්බන්ධ කිරීම සහ ඒකාබද්ධ කිරීම, පර්යේෂණ ව්‍යාපෘති, වැඩසටහන් සඳහා අරමුදල්…
ගාලු වරාය මැරීනා සංවර්ධන ව්‍යාපෘතිය සහ නිල් ධජ වෙරළ තීරයන් ස්ථාපිත කිරීම කඩිනම් කිරීම සදහා සියලු ආයතන එක්වී නියමිත කාල රාමුවක් තුළ කටයුතු කරන ලෙස පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා අදාළ නිලධාරීන්ට පසුගියදා දැනුම් දුන්නේය. රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැතිකම සහ එකඟත්වයක් නැතිවීම නිසා රටට හිතකර බොහෝ ව්‍යාපෘති ප්‍රමාද වන බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය. වසර 16 ක් පමාවී ඇති ගාලු වරාය මැරීනා සංවර්ධන ව්‍යාපෘතිය සහ 2018 වසරේ ආරම්භ කරන ලද නිල් ධජ වෙරළ තීරයන් ස්ථාපිත කිරීම පිළිබඳව පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ…
විශිෂ්ට සමාජ ක්‍රියාකාරිකයෙකු වු සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය. දේහය තැන්පත් කර ඇති මොරටුව සර්වෝදය මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර එහි තබා තිබූ ශෝක සටහන් පොතේ සටහනක් ද තැබීය. අනතුරුව පවුලේ ඥාතීන් සමඟ කෙටි කථා බහක නිරත වෙමින් ඔවුන් වෙත සිය සංවේගය පළ කර සිටියේය. එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222