Author: Kesara Athipola

අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලබා ඇති ක්‍රමික වර්ධනය හා එමගින් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය ජනපතිගේ ඇගයීමට. ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේ දෙසැම්බර් මාසයේදී ද අඹේවෙල කිරි ගොවිපොළේ හදිසි ‍නිරික්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී ලබාදුන් උපදෙස් අනුව ගොවිපොළ තුළ පුළුල් සංවර්ධන ක්‍රියාවලියක් පසුගිය වසරේදී ආරම්භ කෙරිණි. අද පෙරවරුවේ අඹේවෙල කිරි ගොවිපොළ වෙත පැමිණි ජනාධිපතිවරයාව කිරි ගොවිපොළ සමූහයේ සාමාන්‍යාධිකාරී සරත් බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය. ගොවිපොළේ නව සංවර්ධන කටයුතුවල ප්‍රගතිය විමසා…

තව කියවන්​න

පළාත් 07ක උණුසුම අදත් අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල ප්‍රදේශ රැසක උණුසුම ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

තව කියවන්​න

ඉරානයේ සහාය ලබන ඉරාක හමුදා කඳවුරකට එල්ල වූ ගුවන් ප්‍රහාර කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙතත් මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාකය ඊශ්‍රායලයට චෝදනා කර සිටියත් ඊශ්‍රායලය මෙන්ම අමෙරිකාව ද පවසන්නේ එම ප්‍රහාර සඳහා ඔවුන්ගේ කිසිදු සම්බන්ධයෙක් නොමැති බවයි.

තව කියවන්​න

මෙම මස ආරම්භයේ සිට පාකිස්තානයේ කලාප රැසකින් වාර්තා වන අධික වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 87ක් දෙනෙකු මියගොස් තවත් 80කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. ඉන් වැඩි මරණ සංඛ්‍යාවක්, කයිබර් පක්තුන්ක්වා පළාතෙන් වාර්තා වී ඇති අතර දරුණු ජල ගැලීම් ආශ්‍රිත අනතුරු සහ අකුණුසැර වැඳීම බහුතර මරණ සංඛ්‍යාවකට හේතුවී ඇත. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මේ වනවිට පාකිස්තානය පුරා නිවාස 3,000කට ආසන්න සංඛ්‍යාවක් අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් විනාශවී ඇති බවයි.

තව කියවන්​න