- තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව භාරයට
- මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
- සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්
- ප්‍රංශයේ පිහි ඇනුමක්
- භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
- පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
Author: Kesara Athipola
මේ වසරේ පැරිස් හි පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සහ සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පසුගියදා සිදුවිය. මෙවර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රීඩකයා මෙන්ම, ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන්නේ ද විරේන් නෙත්තසිංහයි. අදාළ සුදුසුකම් සදහා වූ පරිසාධන මට්ටම සපුරා ගැනීමට 20 හැවිරිදි විරේන් නෙත්තසිංහ පසුගිය මාස කිහිපයේ දී ලොව පුරා විවිධ රටවල පැවති තරගවලට සහභාගී විය. 2012 වසරේ දී නිලූක කරුණාරත්න පරිසාධන මට්ටම පසු කර ඍජු ලෙස ඔලිම්පික් වරම් දිනා ගත්තේ ය. ඉන් අනතුරුව එවැනි දස්කමක් කළ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයා විරේන් නෙත්තසිංහ…
සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට පසුගියදා (19) උපදෙස් දී තිබේ. මෙම ව්‍යාපෘතියේ නාගරික පහසුකම් සැපයීමේ පහසුකම වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් කමිටුවක් ද පත්කර තිබේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බවයි. 2019 වසරේ දී ආරම්භ කෙරුණු මේ ව්‍යාපෘතිය රටේ ඇති වූ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර කෙරිණි. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිවයි.
”ශ්‍රී ලංකාවේ තේ, ලෝකයේ හොඳම තේ ”යන විශ්වාසය තවමත් ලෝක ප්‍රජාව තුළ තිබෙන බවත් මෙම කීර්ති නාමය අඛණ්ඩව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දැනට තේ වෙළඳ පළෙහි මිල අධික තේ විශේෂයක් ලෙස සැලකෙන Silver tips තේ නිෂ්පාදනය කිරිම සඳහා යොදා ගැනෙන 20/43 නැමැති තේ ප්‍රභේදය දකුණු පළාතේ වගාව ආරම්භ කළ පවුල් 300ක ගෘහණියන් අතර තේ පැළ බෙදාදීමේ වැඩසටහනට එක් වෙමිනි.
ජගත් මිහිතල දිනය අදට (22) යෙදී ඇත. මෙවර එහි තේමාව වන්නේ “මිහිතලය සහ ප්ලාස්ටික්” යන්නයි. ප්ලාස්ටික් භාවිතයෙන් මිනිසාට සහ පාරිසරික සෞඛ්‍යයට ඇති කරන අහිතකර බලපෑම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණ බව සඳහන්. වර්ෂ 1970 අප්‍රේල් 22 දින ප්‍රථම වරට අමෙරිකා එක්සත් ජනපදයේදී ජගත් මිහිතල දිනය සමරා ඇති අතර අද වන විට රටවල් 193ක බිලියනයක පමණ ජනතාව මිහිතල දිනය වෙනුවෙන් එක්ව සිටී.
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 63 වන වියේ පසුවුනා.
වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඩෙංගු රෝගයේ මෙරට නවතම තත්වය පිළිබඳ වාර්තාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් එළිදක්වා තිබෙනවා. එම වාර්තාව පහතින්.
විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වූ වහාම නවතා ඇති සියලුම සංවර්ධන ව්‍යාපෘති යළි අරඹන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යටතේ 2024 වර්ෂයේදී මාර්ග කි.මී. 1,500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙන කොස්ගම – දාතුරුගොඩ පාර, තවල්ගොඩ දක්වා මාර්ගයේ සහ ඇස්වත්ත උතුර- හද්දුව ජනපද මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222