Author: Kesara Athipola

හිටපු ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරියා වූ කේ එම් අයි ද සිල්වා මහතා පෙරේදා අලුයම අභාවප්‍රාප්ත වුණා. ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ඊයේ පස්වරු 5 සිට පස්වරු 10 දක්වා දේහය ජයරත්න මල්ශාලාවේ ලෝටස් ශාලාවේ තැන්පත් කළ අතර, අද දිනයේද පෙරවරු 8 සිට දහවල් 12 දක්වා අවසන් ගෞරව දැක්වීමට හැකියාව පවතිනවා. අනතුරුව දේහය අලුත්ගම මල්ශාලාවට ගෙනගොස් පස්වරු 02 සිට පස්වරු 03 දක්වා අවසන් ගෞරව දැක්වීම සඳහ තැන්පත් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. කේ.එම්.අයි. ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දිනයේ අලුත්ගම රෝමානු කතෝලික දේවස්ථානයට යාබද සුසාන භූමියේදී සිදු කරන අතර අද පස්වරු 03.30ට අලුත්ගම මල්ශාලාවේ සිට දේහය සුසාන භූමිය…

තව කියවන්​න

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි වාර්ෂික සම්මේලනය අමතමින්.

තව කියවන්​න

මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 26 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම දින තුන තුළ විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. අද දිනයේදී පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට ආරම්භ වීම නියමිත අතර, එහිදී පෙරවරු 10.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම සහ විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතයි. අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පාස්කු ප්‍රහාරය පිළිබඳ කල් තැබීමේ විවාදය පළමු දිනය සඳහා පවත්වනු ලබනවා.

තව කියවන්​න

ලංකා විදුලි සේවක සංගමය මගින් අද පොල්දූව වටරවුම ආශ්‍රිතව සංවිධානය කර ඇති විරෝධතාවයට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබා දී තිබෙනවා. වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දීමටයි කටයුතු කර ඇත්තේ. එම නියෝගයේ දැක්වෙන්නේ පොල්දූව වටරවුම ආශ්‍රිතව මහජනතාවට අවහිර වන ලෙස කිසිදු මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමට එමගින් නියෝග කර ඇති බවයි.

තව කියවන්​න

උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය අද ජනතා අයිතියට පත් කරනු ලබනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ සහ ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඉබ්‍රහීම් රයිසි මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාව සහ ඉරානය විසින් අරමුදල් සපයන ලද උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලිය උත්පාදනයක් එක් කිරීමට නියමිතයි. ඒ අනුව උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිල වශයෙන් ජාතියට තිළිණ කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා ඉරාන ජනාධිපති සෙයිඩ් ඉබ්‍රහීම් රයිසි මහතා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. මේ අතර ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව…

තව කියවන්​න

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු අද සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ පවසනවා. ඒ අනුව මෙම වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද දිනයේදී ආරම්භ වන අතර එය ලබන මස තුන්වනදා දක්වා ක්‍රියාත්මකයි. පළමු වාරයේ තුන්වන අදියර ලබන මස 20 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වෙනවා. සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.

තව කියවන්​න

තමන් බලයේ සිටින තාක් තරාතිරම කුමක් වුවද අදාළ පුද්ගලයා වැරදිකරුවෙකු නම් දඩුවම් නොකර නිදහස් කිරීමක් සිදු නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදුකළේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.

තව කියවන්​න

පාස්කු ප්‍රහාරයෙන් බිහි වූ ආණ්ඩු සහ නායකයින් කාදිනල්තුමා ප්‍රමුඛව කතෝලික සභාව සහ ජනතාව රවටා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් කළ යුතු බවයි.

තව කියවන්​න

සැබෑ කම්කරුවාට පවතින ගැටඵ පිළිබද අවධානය යොමු කරමින් ඔවුන්ව රැකගැනීමට රජය කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. බොහෝ පක්ෂ නියෝජනය කරන මැතිඇමතිවරුන් කම්කරුවා පිළිබදව විවිධ දේ ප්‍රකාශ කළද ඔවුන්ව නගාසිටුවීමට නිසි වැඩපිළිවෙලක් මේ වන තෙක් සිදු කර නොමැති බවයි ඒ මහතා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

තව කියවන්​න