- තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව භාරයට
- මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
- සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්
- ප්‍රංශයේ පිහි ඇනුමක්
- භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
- පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
Author: Kesara Athipola
දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය පිළිබඳ ජාත්‍යන්තර පැසසුම් මැද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු වසර මැද රැස්වීම් 2024 සාර්ථකව අවසන් විය. මෙම තීරණාත්මක රැස්වීම්වලදී ධනාත්මක ප්‍රතිඵල ලබා ගත් අතර, එය අපගේ රට සඳහා නව අධිෂ්ඨානශීලී ගමන්මඟක් සහ බලාපොරොත්තුවක් සනිටුහන් කළ බවයි සමුළුවට එක් වූ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අමෙරිකාවේ වොෂින්ටන් නුවර සිට සඳහන් කළේ. ශ්‍රි ලංකාවේ ආර්ථික සහ මූල්‍ය ස්ථාවරත්වයේ ළගාකරගෙන ඇති ප්‍රගතිය අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් රටේ අභිවෘද්ධිය සඳහා සැලකිය යුතු ප්‍රගතියක් ලෙස පිළිගෙන ඇති අතර ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ රජය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ අගය කළ බව සේමසිංහ මහතා…
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එම්. ජී. වීරසේන ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය. අද (24) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ වීරසේන මහතා එලෙස දිවුරුම් දුන්නේය.
පාකිස්ථාන කාන්තා කණ්ඩායමට එරෙහි තෙවන එක්දින ක්‍රිකට් තරඟය ලකුණු 88න් ජය ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 278ක් රැස් කළා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කාන්තා කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 190ක් පමණයි.
රුපියල් 7500 දීමනාවක් ඉල්ලා සංවර්ධන නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ආර්ථික සංවර්ධන නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ සේවය කරන සංවර්ධන නිලධාරීන් මෙම ක්‍රියාමාර්ගය සඳහා අවතීරණ වීමටයි කටයුතු කර ඇත්තේ. එමෙන්ම අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත් වී දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ඉදිරිපිට විරෝධතා පැවත්වීමටද කටයුතු කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය සඳහන් කළා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු 02 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව යන පළාත් වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැදි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 39 වැනි තරඟයෙන් කඩුලු 06ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 210ක් රැස් කළා. එහිදී නායක රුතුරාජ් ගායික්වාඩ් පන්දු 60දී නොදැවී ලකුණු 108ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 213ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ මාකස් ස්ටොයිනීස් පන්දු 63දී නොදැවී ලකුණු 124ක් රැස් කළා.…
රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයෙකු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට ඉහළම විමර්ශන ආයතනය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. රුබල් මිලියනයක් හෙවත් ඩොලර් 10,700ක මුදලක් ඔහු අල්ලස් ලෙස ලබා ගෙන ඇති බව සඳහන්. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එම නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය කුමක්ද යන්න මෙතෙක් සඳහන් කර නැහැ. මෙම අල්ලස් ලබා ගැනීමේ සිද්ධියට ඔහු වැරදිකරු වුවහොත් සැලකිය යුතු දඩයක් සහ වසර 15ක් දක්වා සිර දඬුවමක් නියම කළ හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222