Author: Kesara Athipola

2019 වර්ෂයේ ආරම්භ කරන ලද තවමත් වැඩ නිමකොට නොමැති කෙරවලපිටිය – නුගපේ කිලෝ වොට් 33,000ක විදුලි රැහැන ඉදිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති බාධා ඉවත් කිරීමට අදාළ පාර්ශ්වවල එකඟතාව පළ විය. මේ සඳහා එකඟතාවය පළ වූයේ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (18) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීය. මෙම රැස්වීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, විදුලිබල මණ්ඩලය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මුතුරාජවෙල සංරක්ෂණ සංගමය ඇතුළු…

තව කියවන්​න

ඉන්දු – ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයක් සමඟින් ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (ශ්‍රී රාමායන මංපෙත) ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම පසුගියදා පස්වරුවේ කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ දී සිදු විය. ඉන්දියාවේ අයෝධ්‍යයා හි සුවිශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ ප්‍රධාන භාණ්ඩාගාරික අතිඋතුම් ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් ස්වාමිතුමාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා එක් විය. “ශ්‍රී රාමායන් මංපෙත” වන්දනා චාරිකා…

තව කියවන්​න

2023 /24 වර්ෂයේ මහ කන්නයේ දී මෙරටට බලපෑ අධික වර්ෂාව හා ගංවතුර නිසා එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කළ බිම්වලින් හෙක්ටෙයාර් 68,131ක් විනාශයට පත්වී තිබේ. මෙම වගා හානි සිදුවූ බිම් ප්‍රමාණය සමස්ත වගා කළ බිම්වලින් සියයට 71ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව එම වර්ෂයේ මහ කන්නයේ දී වී වගා කළ කුඹුරු ඉඩම් හෙක්ටෙයාර් 100,000ක් ද අධික වර්ෂාව හා ගංවතුර නිසා හානියට පත්විය. පසුගිය වසරේ මාස හතරහමාරක් පමණ අඛණ්ඩව ලැබුණු වර්ෂාව නිසා එළවළු වගාවන් විශාල වශයෙන් හානියට පත්වීම නිසා මෙම වසරේ මුල් මාස තුන තුළ එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යාමට මෙම තත්ත්වය බලපාන ලද බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.…

තව කියවන්​න

අපරාධකරුවන් හඹා ගොස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂිත පුහුණුවක් සහිත යතුරුපැදි 100 කින් සමන්විත කණ්ඩායමක් ඉදිරියේදී යුක්තිය මෙහෙයුමට සමගාමීව යෙදවීමට ක්‍රියාකරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා නුවරඑළිය හා හැටන් පොලිස් කොට්ඨාසවලට අයත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනේදීය. මෙම වැඩසටහන මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් නුවරඑළිය සිනිසිටා ක්‍රීඩාංගනයේ ද ීපැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රජා පොලිස් කමිටු 1500ක පමණ පිරිසක් සහභාගි වූ අතර කමිටු සාමාජිකයන් අමතා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා යුක්තිය මෙහෙයුම තවදුරටත් සාර්ථක…

තව කියවන්​න

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිලාභ රටටත්, ජනතාවටත් අත්කර දීමට හැකි වීම සුවිශාල ජයග්‍රහණයක් බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට අදාළ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවෙන් අනතුරුව වැල්ලවාය කරඳගොල්ල ප්‍රදේශයේ භූගත විදුලි බලාගාරය නිරීක්ෂණයට සහභාගි වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඉබ්‍රහීම් රයිසි ( Dr. SEYYED IBRAHIM RAISI) මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් එළඹෙන අප්‍රේල් 24 දින උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට අදාළ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් උමාඔය බලාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි. වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය…

තව කියවන්​න