Author: Kesara Athipola

ඉරාන ජනාධිපති , ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වුණා. ඊයේ රාත්‍රියේදී ජනාධිපති ලේකම් කාර්යලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. එම සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් පහක් අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. ඒ අනුව චිත්‍රපට කර්මාන්තයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම, මාධ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම සහ ඉරාන සමුපකාර මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික සමුපකාර සභාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. එමෙන්ම ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජාතික පුස්තකාලය සහ ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය අතර සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා…

තව කියවන්​න

පාසල් අවට මතින් තොර නිදහස් කලාපයක් බවට පත්කිරිමේ විශේෂ නියමු ව්‍යාපෘතිය අද ආරම්භ වනවා. පොලිස්පති දේශබන්දු තෙන්කෝන් මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන නම් කර ඇත්තේ පවුර සංසදය ලෙසයි. ඒ අනුව දිවයින පුරා පිහිටි මත්ද්‍රව්‍ය ව්‍යසනයට ගොදුරු වියහැකි බවට හදුනාගත් පාසල් 5,202ක මෙම වැඩසටන ක්‍රියාවට නංවන බවයි පොලිසිය සදහන් කළේ. මෙහි පළමු වැඩසටහන අද කොළඹ ආනන්ද විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදය අද දෙවන දිනටත් පැවැත්වෙනු ඇති. විපක්ෂය විසින් ගෙන එනු ලැබූ යෝජනාවක් අනුවයි මෙම විවාදය පැවැත්වෙන්නේ. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබද විවාදයට එක්වෙමින් මධුර විතානගේ මහතා කියා සිටියේ රටතුළ තවදුරටත් අන්තවාදී පාර්ශව කටයුතු කරමින් සිටින බවයි.

තව කියවන්​න

ආනයනික කිරිපිටි මිල අද සිට පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ආනයකින කිරිපිටි කිලෝග්‍රෑම් එකක පැකට්ටුවක මිල රුපියල් 250 ත් 300ත් අතර මිලකින් පහළ යනු ඇති. එමෙන්ම ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100ත් 130ත් අතර මිලකින් අඩු වනු ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සදහන් කළේ.

තව කියවන්​න

ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට ඇමරිකානු සෙනෙට් සභාවේ අනුමැතිය හිමිව ඇත. ඊට පක්ෂව ඡන්ද 79 ක්ද, විපක්ෂව ලැබුණේ ඡන්ද 18 ක්ද ලැබී තිබුණු අතර සෙනෙට් සභාව අනුමත කළ මෙම යෝජනාව ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් වෙත යොමු කර ඇත. ඔහු ඊට අත්සන් තැබීමෙන් අනතුරුව ටික්ටොක් යෙදවුම ඇමරිකාවේ තහනම් වනු ඇති.

තව කියවන්​න

උමා ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමයේ ඉදිකිරීමේ සහ ඉංජිනේරු සහය සපයන ලැබූ ෆරාබ් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා, අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් සහ ඉරාන බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේක මහතා සමඟ සාකච්ඡාවක් අමාත්‍යාංශයේදී පැවැත්විණි. හෙට දින සිට උමා ඔය ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික විදුලිබල පද්ධතියට එක්වන අතර එමගින් විදුලිබල උත්පාදන වියදම තවදුරටත් අවම කරගැනීමට හැකියාව ලැබේ. මෙම බහුකාර්යය යෝජනා ක්‍රමය විදුලිබල උත්පාදනයට අමතරව දිස්ත්‍රික් තුනක ජනතාවට අවශ්‍ය පානීය ජලය, කෘෂිකර්මාන්තයට සහ වාර්මාර්ග පහසුකම් වලට අවශ්‍ය පහසුකම් සලසන ව්‍යාපෘතියකි. විවිධ දේශපාලනික බලපෑම් සහ විරෝධතා හේතුවෙන් 2015 වසරේ දෙසැම්බර් මාසයේ වැඩ අවසන් වීමට නියමතව තිබූ මෙම ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීමේ කටයුතු…

තව කියවන්​න

අසීරු අභියෝග පැවති වසර ගණනාවකට පසු 2024 පළමු තෙමස තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉක්මවා යාමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම කාලය තුළ මෙරට ප්‍රධාන ආදායම් ලබන ශ්‍රී ලංකා රේගුව, සුරාබදු සහ දේශීය ආදායම් යන දෙපාර්තමේන්තු උපයා ඇති ආදායම රුපියල් බිලියන 834ක් බවයි. එය අපේක්ෂිත ආදායම වූ රුපියල් බිලියන 787ට වඩා 6%ක ආදායම් ඉලක්ක අභිබවා යාමක් බවයි. 2024 වසරේ පළමු කාර්තුව සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ රුපියල් බිලියන 381 ඉක්මවා 13%ක ආදායමක් ලබමින් රුපියල් බිලියන 430ක් උපයා ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. රේගු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 353ක ඉලක්කය…

තව කියවන්​න