Author: Kesara Athipola

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස ඔලිම්පික් ශූර ජැමයිකාවේ උසේන් බෝල්ට් පත් කර තිබෙනවා. උසේන් බෝල්ට් ඔලිම්පික් රන් පදක්කම් 8කට හිමිකම් කියන අතර, ක්‍රිකට් ක්‍රීඩාව ද ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් කර ඇති පසුබිමක ඔහුව මෙලෙස තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස පත් කර තිබීම විශේෂත්වයක්. 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී සහ අමෙරිකාවේදී දී පැවැත්වෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන අර්බුදය විසඳා ගැනීම සඳහා වන සාකච්ඡාවක් අද පැවැත්වීට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡාව අද පස්වරු 03ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වෙන බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරු මේ සඳහා සහභාගි වනු ඇති බවද ඔහු සඳහන් කළා.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු යන පළාත්වල අද පස්වරු 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

විදේශ රැකියා ලබා ලෙස පවසා මෙරට විශ්‍රාමික හමුදා සෙබලුන් රුසියා- යුක්රේන යුද්ධය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පාර්ලිමෙන්තුවේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. එලෙස විශ්‍රාමික හමුදා සෙබලුන් යැවීමට කටයුතු කළ පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ පිළිබඳ තොරතුරු පොලීසිය අනාවරණය කරගෙන ඇති බවයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ. දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ මතු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

තව කියවන්​න

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ 33 හැවිරිදි සූරියවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා හමුවී තිබෙනවා. එම තරුණයා ඊයේ උදෑසන ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතු යායේ රාජමලේ ප්‍රදේශයේ සිටිනු දැක වතු කම්කරුවන් පිරිසක් විසින් නල්ලතන්නිය පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් භාරදීමටයි කටයුතු කර ඇත්තේ. එහිදී පොලිස් නිලධාරීන් විසින් එම තරුණයාව ප්‍රතිකාර සඳහා මස්කෙළිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. තරුණයා සෙවීම සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දින 3ක් තිස්සේ විශේෂ මෙහෙයුමක් සිදුකර පසුව එම මෙහෙයුම අත්හැර දැමීමට කටයුතු කරනු ලැබුවා.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 40 වැනි තරඟයෙන් ලකුණු 4ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 224ක් රැස් කළා. එහිදී නායක රිෂාබ් පාන්ට් පන්දු 43දී නොදැවී ලකුණු 88ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 220ක් පමණයි. එහිදී සායි සුදර්ශන පන්දු 39දී ලකුණු 65ක් රැස් කළා.

තව කියවන්​න

නෙත්මිකා මදුශානී හේරත් ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමිකරගෙන තිබෙනවා. එහිදී ඇය මීටර් 13.01ක දුරක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමටයි සමත් වුණේ. මෙවර ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලිය ඩුබායි හිදී පැවැත්වෙනවා.

තව කියවන්​න

කෙන්යාවේ නයිරෝබි අගනුවරට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම තවත් 40,000ට අධික පිරිසක් සිය නිවෙස් වලින් පිටව ගොස් ආරක්ෂිත ස්ථාන කරා යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. නයිරෝබි අගනුවර මහාමාර්ග ගංවතුරෙන් යටවීම නිසා වාහන තදබදයක් ඇතිව තිබෙනවා.

තව කියවන්​න

නවීන තාක්ෂණයෙන් යුතු ජාතික හැදුනුම්පත කඩිනමින් හදුන්වාදීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ නව ජාතික හැදුනුම්පතට කිව්ආර් කේතයක් ඇතුලත් කිරීමට ද පියවර ගන්නා බවයි. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ටිරාන් අලස් මහතා මේ බව ප්‍රකාශ කළා. නවීන පහසුකම්වලින් සමන්විත මෙම නව කාර්යාලය මගින් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව මෙන්ම විදේශ ගමන් බලපත්‍ර සදහා ඇගිලි සලකුණු ලබා ගැනීම ද සිදුකෙරෙන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කළා.

තව කියවන්​න