Author: Kesara Athipola

නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථ වාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවන බව අමාත්‍යවරයා සඳහන් කරයි. විවිධ නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙම රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. මෙම රථවාහන දැනට භාවිත කරන පුද්ගලයන්ගෙන් රැගෙන රාජසන්තක කිරීම සිදු කිරීමට නියමිතයි. රථ වාහන මිල දී ගැනිමේ දී ඒවා නිසි ක්‍රමවේද ඔස්සේ ආනයනය කර තිබේ ද යන්න සොයා බැලීම මිල දී ගන්නා පාර්ශ්වයන්වල වගකීම බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

තව කියවන්​න

ලංකාවේ නිපදවන විද්‍යුත් ත්‍රීවිලයේ ආසන සැකසීමේ කටයුතු ලබන මැයි මාසයේ සිට මහර බන්ධනාගාර කර්මාන්ත අංශය විසින් ආරම්භ කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී පැවසීය. එමෙන්ම නව බන්ධනාගාර පනත තුළින් රැඳවියන්ගේ රැඳවුම් කාලසීමාව යම් පමණකට අඩු කිරීම තුළින් ඔවුන්ට මානුෂීය සාධාරණයක් ඉෂ්ඨ කරන බව අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කර්මාන්ත ශාලා 2ක් ආරම්භ කර ඇති බවයි. බන්ධනාගාරගත රැඳවියන් පුනරුත්ථාපනයෙන් සමාජයේ නිවැරදි පුද්ගලයන් ලෙස සමාජගත කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවත් පසුගිය වසරේ…

තව කියවන්​න

ඊශ්‍රායලයේ ඉදිකිරීම් අ‍ංශයේ රැකියා අවස්ථාවන් හිමිවූ තවත් ශ්‍රී ලාංකිකයන් 550ක් වෙත ගුවන් ටිකට්පත් ලබාදීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණ. මෙම රැකියාලාභීන් අප්‍රෙල් මස 23 සිට 25 දක්වා කාලය තුල ඊශ්‍රායලයේ බලා පිටත්ව යාමට නියමිතයි.

තව කියවන්​න

ඉදිරි වසර තුළ රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට සහ සමස්ත වෛද්‍ය උපකරණ සදහා රුපියල් කෝටි 100 බැගින් මුදල් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 250 වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීම ඊයේ (24) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ජපානයේ නිෂ්පාදිත අති නවීන තාක්ෂණයෙන් යුත් මෙම CT Scanner යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලට ලබාදී ඇති අතර, රෝහලේ විකිරණ විද්‍යා අංශය (Department of Radiology) තුළ ස්ථාපිත කර ඇත. පසුගිය සදුදා දින මෙම CT Scanner යන්ත්‍රය ස්ථාපිත කර අද දින…

තව කියවන්​න

මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 21ක දකුණු ආසියාවේ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ විශාලතම ජාත්‍යන්තර ප්‍රදර්ශනය ලෙසින් ක්‍රියාත්මක “Industry EXPO 2024” කර්මාන්ත ප්‍රදර්ශනය ජූනි මස 19 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ කෙරේ. කර්මාන්ත අමාත්‍යංශය, ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හා එක්ව පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනයට මෙවර ප්‍රදර්ශන කුටි 1300කට අධික ප්‍රමාණයක් අන්තර්ගත වෙයි. නවෝත්පාදන, නව තාක්ෂණය සමගින් නව කර්මාන්ත රැසක නවංගයන් “Industry EXPO 2024” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේදී දැකගත හැකි වන අතර නවොත්පාදනයන් සඳහා වෙනම පරිශ්‍රයක්ද මෙහි අන්තර්ගත කොට තිබේ. එමෙන්ම විදේශිය ගැනුම්කරුවන් විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය හා එක්වීමට සැලසුම් කර ඇත. ප්‍රදර්ශනයට සමගාමීව දේශිය වාහන එකලස් කිරීමේ ආයතනවල සහභාගිත්වයෙන් ජාතික රථවාහන පෙරහැරක්, තිරසර…

තව කියවන්​න