- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
- අයවැය හිඟය පියවීම සඳහා ණය මුදල් භාවිත කරනවා – මන්ත්‍රී සරත් කුමාර
Author: Kesara Athipola
මැයි මස 02 දා සිට 05 දා දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවර දී ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුව පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ සඳහා සහභාගී වේ. ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයකු වන ශ්‍රී ලංකාව විවිධ අවස්ථාවන් හීදී රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් හා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගෙන ඇති සහය ඉතා සුවිශේෂී වේ. මෙම සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අර්ථවත් දායකත්වයක් ලබා දීමට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අපේක්ෂා කරන අතර එහි දී සෙසු සාමාජික රටවල් සමග හවුල්කාරීත්වය හා සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීම අපේක්ෂාවයි.
ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ජෝර්ජියාව බලා පිටත් විය. සමුළුව අද (02) සිට ලබන 05 වැනි දා දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවර දී පැවැත්වෙයි. ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භ සාමාජිකයකු වන ශ්‍රී ලංකාව එහි මූල්‍ය පහසුකම් මගින් මෙරට ආර්ථික වර්ධනය සඳහා විවිධ සහය ලබා ගෙන තිබේ. සමුළුව සඳහා අර්ථවත් දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන අතර මෙවර සමුළුව සෙසු සාමාජික රටවල් සමග හවුල්කාරීත්වය ඇති කර ගැනීමේ සංසදයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ජාතික නාමල් උයන 33 වැනි සංවත්සරයට සමගාමීව නාමල් උයන මතු පරපුර වෙනුවෙන් රැකගැනීම සඳහා උරදුන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවලට උපහාර පිදීමේ උත්සවය අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහ, සිරි රණසිංහ ඇතුළු මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන මෙහිදී ඇඟයීමට ලක්කෙරිණි. ඓතිහාසික නාමල් උයන පිළිබඳ පුරාවිද්‍යා ගවේෂණ කෙටුම්පත් වාර්තාව එළි දැක්වීම හා ජාතික නාමල් උයන මතු පරපුර වෙනුවෙන් රැක ගැනීමට අදාලව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ ගිවිසුමකට අත්සන් කිරීමද මෙහිදී සිදු කෙරිණි.
පොදු ජන එක්සත් පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්දන මහතා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තිබෙනවා. හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්දන මහතා අද එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළියට සහභාගී වීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222