Author: Kesara Athipola

ආසියාන් සංවිධානයේ සභාපතිත්වය දරන ඉන්දුනීසියානු තානාපති තුමිය හා එම සංවිධානයේ සාමාජික රාජ්‍යයන් වන තායිලන්ත, මියන්මාර, මැලේසියානු, වියට්නාම් රටවල මෙරට තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා අතර හමුවක් පැවැත්විණි. පළාතේ ව්‍යවසායකත්වය විදහා දක්වන දේශීය නිෂ්පාදන ප්‍රදර්ශනයක් මෙහිදී සූදානම් කොට තිබූ අතර මෙම නිෂ්පාදන රැසක් පිළිබඳ තානාපතිවරුන්ගේ අවධානය යොමු වීම තුළ ආසියාන් සංවිධානයේ සාමාජික රාජ්‍යයන්වල වෙළෙඳපල සඳහා මෙම නිෂ්පාදන යොමු කිරීම සඳහා සූදානම් බව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

තව කියවන්​න

ඉදිරි දිනවලදී (මැයි 08 වනදායින් පසු) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 පමණතරමක තද වැසි ඇතිවිය හැක. මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව 2024 මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 4.96 ට සාපේක්ෂව 2024 අප්‍රේල් මාසයේදී USD බිලියන 5.43 දක්වා වැඩිව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 9.6% ක ප්‍රමාණයක්. එමෙන්ම මූල්‍ය හුවමාරු එකඟතාවක් යටතේ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ද ඊට ඇතුළත් බව සඳහන්.

තව කියවන්​න

ඉන්දීය මහමැතිවරණය එනම්, ලෝක් සභා මැතිවරණයේ තුන්වන අදියරේ ඡන්දය ප්‍රකාශ කිරීම මේ වන විට ක්‍රියාත්මකයි. ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද උදෑසන අහමදාබාද්හි රනිප් ප්‍රදේශයේ නිශාන් උසස් ද්විතීයික පාසලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දැක ගැනීම සඳහා අතිවිශාල ජනකායක් මග දෙපස රැස් ව සිටි අතර මැතිවරණ තොරතුරු අඛණ්ඩව සපයන මාධ්‍යවේදීන්ට අග්‍රාමාත්‍යවරයා කියා තිබුණේ, “ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න, වතුර ගොඩක් බොන්න” යනුවෙනි.

තව කියවන්​න

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා පුළුල් හා ශක්තිමත් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාවට නංවා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය පවසනවා. මෙම තරඟාවලිය සඳහා ත්‍රස්ත අවධානමක් පවතින බවට වන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනුයි ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ. 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි පළමු වැනිදා සිට 29 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී සහ අමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට අද දිනයේදී සංචාරක අමාත්‍යාංශය කැඳවා තිබෙනවා. ඒ අනුව කමිටු රැස්වී පස්වරු 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මීට අමතවර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ද අද දිනයේදී රැස්වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න