- තායිවානය චීන නැවක් අල්ලයි
- කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
- ඉදිරියේදී අලුත් මැතිවරණ නීති
- එක් කෝටි විසි ලක්ෂයක කුෂ් සමඟ කාන්තාවක් කොටුවෙයි
- චීන මාර්ගගත සිල්ලර වෙළෙඳපොල තවදුරටත් වර්ධනය වෙයි
- යුරෝපා සංගමයේ සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි
- රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර
- ඩොලර් මිලියන 05කට අමෙරිකාවේ පුරවැසිභාවය
Author: Kesara Athipola
‘අපගේ සන්නද්ධ හමුදාවන් දේශසීමා ආරක්‍ෂාව සම්බන්ධයෙන් සහ දේශසීමා හරහා සිදුවන තැනැත්තන් වෙළඳාම් වැළැක්වීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබයි. තවද, තැනැත්තන් වෙළඳාම නිසා පීඩාවට පත්වන්නන් පුනරුත්ථාපනය කිරීමේ සහ නැවත සමාජගත කිරීමේ වැඩසටහන් සඳහා සන්නද්ධ හමුදාවන්ගෙන් ලැබෙන මැදිහත්වීම මෙරට මිනිස් ජාවාරම් විරෝධී ක්‍රියාවලියේ තීරණාත්මක සාධකයකි. ආරක්‍ෂක ලේකම් සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න ජුනි 07 දින කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා පවත්වන ලද මිනිස් ජාවාරම් පිටුදැකීම පිළිබඳ පුහුණු සැසියේ ආරම්භක දේශනය පවත්වමින් මෙම අදහස් පළ කළේය. ‘මිනිස් ජාවාරම්කරුවන්ගේ ජාලයන් ලුහුබැඳීම සහ විනාශ කිරීම සඳහා හමුදා බුද්ධි අංශ සහ අනෙකුත් ආයතන අතර අන්තර්…
රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත ඊයේ (07) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත විය. ඊයේ පැවති පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අවසානයේදී කාරකසභා අවස්ථාව එළඹි අතර එහිදී පනත්කෙටුම්පතට සංශෝධන එක්විය. අනතුරුව පනත්කෙටුම්පත තෙවනවර කියවීද සම්මත විය. ආණ්ඩුව වෙනුවෙන් රාජ්‍ය ණය ගැනීම, නිකුත් කිරීම සහ රාජ්‍ය ණය සේවාකරණය සඳහා බලය ලබාදීම සහ ඇපකර නිකුත් කිරීම ආදී රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පිහිටුවීම මෙන්ම ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත 2024 අප්‍රේල් 26 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක, ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ චමින්ද්‍රි සපරමාදු මහත්මිය විසින් අදාළ දැනුවත් කිරීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට ලබා දුන්නාය. මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ රට තුළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඊට එරෙහිව ගෙන යන ප්‍රචාර හේතුවෙන් සමස්ත සංවර්ධන ක්‍රියාවලියට බලපෑම් එල්ල විය හැකි බවයි. එබැවින් නිසි කළමනාකරණයක් යටතේ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමේ අවශ්‍යතාවය නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.
රජයේ බදු ආදායම් රැස්කිරීම වර්ධනය කිරීම හා විධිමත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග රජයේ ආදායම් රැස්කිරීමේ දෙපාර්තමේන්තු මගින් වඩාත් ප්‍රගතිශීලීව ක්‍රියාත්මක කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. රාජ්‍ය ණය කළමනාකරණ පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය. ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පවරන ලද රාජකාරී අනුව රටේ මූල්‍ය කටයුතු අධීක්ෂණය කිරීමට බලතල පවරා ඇති බවත්, ඒ අනුව එම කාරක සභාව විසින් බදු අය කිරීම් තීරු බදු සහ රජයේ අනෙකුත් බදු අය කිරීම්වලට අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමටත් එම ප්‍රතිපත්තිවල වෙනස්කම් සිදුකිරීම අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු ක්‍රමවේද යෝජනා කිරීමටත් පියවර ගැනීම…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222