- මිනුවන්ගොඩ වෙඩි තැබීමක්
- ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක්
- මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 1.3 ඉක්මවයි
- ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
Author: Kesara Athipola
අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අතර ඉන්දු – ශ්‍රි ලංකා සබඳතා සවිමත්ව ඉදිරියට ගෙන යාමට යළිත් නායකයෝ ප්‍රතිඥා දුන්හ. නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය පසිගියදා (09) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ඇරයුම පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක් විය. බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල්, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු , සීෂෙල්ස් උප ජනාධිපති, මොරිෂියස් අගමැති මෙන්ම භූතාන අගමැතිවරයා ප්‍රමුඛ කලාපයේ රාජ්‍ය නායකයන් රැසක් ද දිවුරුම් දීමේ උත්සවයට එක්ව සිටි අතර…
ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාක්ෂණ අමාත්‍ය කනක හේරත් මහතා සහ ස්වීඩනයේ දූත පිරිසක් අතර හමුවක් පසුගියදා (05) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මේ සඳහා, ස්වීඩනයේ තානාපති Mr. H.E. Jan Thesleff, වෙළෙඳ හා ආයෝජන කොමසාරිස් Ms. Cecilia Oskarsson, කොළඹ ස්වීඩන් ගෞරවනීය කොන්සල් ජනරාල් Mr. Sanjay Kulatunga, ආර්ථික සහ වාණිජ උපදේශක (වෙළඳ සහ සංස්කෘතික කටයුතු) Mr. Markus Lundgren ඇතුළු පිරිසක් සහභාගි විය. දෙරට අතර තාක්‍ෂණික හුවමාරුව පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර, මෙම සහයෝගීතා වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාමට රාජ්‍ය අමාත්‍ය හේරත් මහතා එකඟ විය. එමෙන්ම, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ ගතික ඩිජිටල් ආයෝජන පරිසර පද්ධතිය ප්‍රදර්ශනය කිරීම අරමුණු කරගත් DigiEcon ගෝලීය ආයෝජන සමුළුව…
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ පහකට අයත් ග්‍රාම නිලධාරි වසම් 72 ක් ඒකාබද්ධ කරමින් ගොඩකවෙල සහ වැලිගෙපොල වශයෙන් නව මහවැලි කොට්ඨාස දෙකක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත් බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඒ අනුව ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 37 ක්, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 30 ක්, ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යේ ග්‍රාම නිලධාරි වසම් 02 ක්, බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යේ ග්‍රාම නිලධාරි වසම් 02 ක් සහ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යේ එක් 01) ග්‍රාම නිලධාරි වසමක් ලෙස ඒකාබද්ධ කරමින් ගොඩකවෙල සහ වැලිගෙපොල නව මහවැලි කොට්ඨාස ලෙස…
ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ දැවැන්ත පරිවර්තනයක් උදෙසා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධාන කරනු ලබන “Smart youth” ප්‍රදර්ශන මාලාවේ ආරම්භක ප්‍රදර්ශනය එළැඹෙන 14-15 දෙදින ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ. සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත පරිශ්‍රය පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා (08) එක් විය. තාරුණ්‍යය බල ගන්වන සුවිශේෂී ප්‍රදර්ශනයක් වන මෙය මෙරට තාරුණ්‍යයට සුවිශේෂී අත්දැකීමක් එකතු කරනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඉදිරි වසර පහ තුළ රුපියල් බිලියන 70 ක් වැය කර මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්, දිවයිනම ආවරණය වන පරිදි හෘද කැතීතකරණ ඒකක පහක් ස්ථාපිත කිරීමටත්, පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි. ඒ අනුව ඉදිරි අවුරුදු පහ තුළ ලෝක බැංකු ආධාර යටතේ රුපියල් බිලියන 70 ක්, වර්ෂයකට රුපියල් බිලියන 14 ක් බැගින් වැය කොට මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත්, ඒ තුළින් රෝගියාට සියලු ප්‍රතිකාර සේවාවන් එකම ආයතනයක් තුළදී විශේෂඥ වෛද්‍ය පහසුකම් සහ තොරතුරු සහිතව ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් මෙයින් ඇති වන බවත් ලේකම්වරයා පවසයි. පසුගියදා රිකිල්ලගස්කඩ මූලික රෝහලේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222