- ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
Author: Kesara Athipola
වතු ක්ෂේත්රයේ සෞඛ්‍ය ආරක්ෂණය සහ ප්‍රවර්ධනය උදෙසා ක්‍රියාත්මක කෙරෙන “Happy Estate” හෙවත් “සතුටු වතු” වැඩසටහනේ ආරම්භය පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි. වැවිලි කර්මාන්ත ක්ෂේත්රයට විශාල දායකත්වයක් ලබාදෙන වතු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය ලේකම්තුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පූර්ණ මැදිහත්වීමෙන් සංවිධානය කෙරේ.
මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක කළ “හරිත දුම්රිය ස්ථාන” වැඩසටහනේ ජයග්‍රාහකයන්ට සම්මාන, සහතික පත්‍ර සහ ත්‍යාග පිරිනැමීම “ජගත් පරිසර දින” ජාතික උත්සවයේ දී සිදුකෙරිණ. හරිත දුම්රිය ස්ථාන වැඩසටහනේ දී දුම්රිය ස්ථාන හරිතකරණය කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ දුම්රිය කලාප තුන වන කොළඹ, අනුරාධපුර සහ නාවලපිටිය යන දුම්රිය කලාප ආවරණය වන පරිදි විශේෂඥයින්ගේ දායකත්වය ලබාගනිමින් වැඩමුළු පවත්වා දැනුම්වත් කළ අතර තම දුම්රිය ස්ථානය හරිතකරණය කිරීමට වසරක කාලයක් ඔවුන් වෙත ලබා දුන්නේය. තරඟය සඳහා ප්‍රධාන දුම්රිය ස්ථාන තිහකින් සහ උප දුම්රිය ස්ථාන දෙකකින් අයඳුම්පත් ඉදිරිපත් විය. ප්‍රධාන දුම්රිය ස්ථාන අතුරින් පළමු ස්ථානය ඇල්ල දුම්රිය ස්ථානයට ද දෙවන ස්ථානය වේයන්ගොඩ දුම්රිය ස්ථානයට…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ දෙවන සමාලෝචනය අද (12) සිදු කිරීමට නියමිතය. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉදිරි ගමනට වැදගත් සන්ධිස්ථානයක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙන්නේ. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් ශ්‍රී ලංකාවේ ප්රයත්නයන්ට අඛණ්ඩව සහය දක්වන බව විශ්වාස කරන අතර අපේක්ෂිත ඇමරිකානු ඩොලර් මිලියන 335ක 3 වැනි වාරිකය නිදහස් කර ගැනීමට අවස්ථාව ලබා දෙන බවයි. එමඟින් මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සහ වර්ධනය පිළිබඳ විශ්වාසය තවදුරටත් ඉහළ නැංවෙනු ඇත. ද්විපාර්ශ්වික හවුල්කරුවන්ගේ අඛණ්ඩ සහයෝගය මත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අවසන් කිරීමේ අවසන් අදියර ශ්‍රී ලංකාව පසු කරමින් සිිටී.
දීඝවාපී සෑ රඳුන්ගේ ධාතු ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහා පිංකම හා ඊට සමගාමීව සිදුකෙරෙන අභිනව ධාතු මන්දිරය, සුවිසල් කාමර 20කින් හා විශාල ප්‍රමාණයේ ශාලා 4කින් සමන්විත ‘අති පූජ්‍ය දරණාගම කුසලධම්ම නා හිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව’ සහ දාන ශාලාව විවෘත කොට සම්බුදු සසුනට පුජා කිරීමේ අතිශය දුර්ලභ වූ පුණ්‍ය මහෝත්සවය වර්ෂ 2024 ක් ජූලි මස 14 වන දින පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සංවිධානය කර ඇත. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් දීඝවාපිය අරුණ භාරය” භාරකතෘ සහ පළමුවන භාරකරු ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී පැවැත්විණි. සම්මා සම්බුදු…
ඔලුවිල් වරාය ප්‍රතිසංස්කරණය කර එය රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය. පසුගිය සමයේ පැවති පෝලිම් යුගය අවසන් කර ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බවත් ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහය දෙන බවත් ඒ මහතා සඳහන් කළේය. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබේ. හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ උදය සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එස්.ඩී.ජේ. නිලුක්ෂාන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් හිරන්සා කලුතන්ත්‍රි, ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර, ආයතන අධ්යක්ෂ ජනරාල් එච්.ඒ. චන්දන කුමාරසිංහ, වෛද්‍ය ටෙරන්ස් ගාමිණි ද සිල්වා, දුමින්ද හුලංගමුව, චන්දි එච්. ධර්මරත්න, ඉසුරු තිලකවර්ධන යන මහත්ම මහත්මීහු පත් කර තිබේ. ජනාධිපති අතිරේක ලේකම් ජී.එල්. වර්නන් පෙරේරා මහතා කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරනු ලබයි. රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවන් පිළිබඳ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222