Author: Kesara Athipola

ඇල්ජීරියානු ජනරජයේ ශ්‍රී ලංකාවේ නව තානාපති වශයෙන් පත්කළ අලි අචෝයි (Ali Achoui) මහතා පසුගියදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියා ය. මෙම හමුවේ දී දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකා – ඇල්ජීරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බව ඇල්ජීරියානු තානාපතිවරයා පැවසීය. ශ්‍රී ලංකාවේ තේ, කුරුඳු සහ ඇඟලුම් කර්මාන්ත හරහා දෙරට අතර වෙළෙඳ සබඳතා ඇති කර ගැනීම පිළිබඳවද මෙහි දී සාකච්ඡා කෙරිණි. මේ අතර, සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා ගැන ද අවධානය යොමු විය.

තව කියවන්​න

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ නවීකරණය කරන ලද භෝජනාගාරය සහ කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී අමාත්‍යවරයා, අපි දිගින් දිගටම ඔබ සියලු දෙනාගේ සුබසාධනය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කරනවා. බටා එක අයින් කරලා ආහාර හා නවාතැන් දීමනාව ගෙනාවේ විශාල මුදලක් වැය කරලා. මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය අනුව එය ඉතා අපහසු කාර්යයක් වුණා. නමුත් මගේ ඉල්ලීම ජනාධිපතිතුමා පිළිඅරගෙන අපට ඒ අවශ්‍ය මුදල් ලබා දුන්නා. ඒත් ඔබ සියලු දෙනා දන්නවා ජනවාරි මාසේ ඉඳන් අපිට ඒ මුළු ගාන ගෙවා ගන්න හැකියාවක් තිබුණේ නෑ. මුදල් අඩුකම නිසා. අපි පුළුවන් මාස වල මුළු ප්‍රමාණයම ගෙව්වා. නමුත් ඒ…

තව කියවන්​න

දකුණු පළාත් පෙර පාසල් ගුරු වෘත්තිකයින්ගේ සම්මේලනය වැලිගම නගර ශාලාවේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහ දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පෙරපාසල් ගුරුවරුන්ට ලබා දෙන දීමනාව වැඩිකිරීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය රජයට පිරි නැමීම ද එම ගුරුවරුන් විසින් එම අවස්ථාවේ දී සිදු කෙරිණි. මෙම අවස්ථාවට පෙර පාසල් ගුරු වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති අසංක ශ්‍රීනාත් මහතා ඇතුළු පෙර පාසල් ගුරුවෘත්තිකයින් රැසක් එක් විය.

තව කියවන්​න

රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ වෙබ් පිටුව එළිදැක්වීම පසුගියදා (12) අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණ. පළමු වටයේ යෝජනා කැඳවීමට අපේක්ෂිත ඉඩම් කීපයක් පිළිබඳව ද මෙම වෙබ් අඩවියෙන් දැනගත හැකි අතර අමාත්‍යංශය පිළිබඳ තොරතුරු, අමාත්‍යංශයට අයත් ප්‍රාදේශීය වැවිලි සමාගම්වල තොරතුරු මෙන්ම ඉදිරියේ දී සිදුවන ප්‍රතිසංස්කරණයන් වඩාත් විනිවිදභාවයෙන් සිදුකිරීමට සහ ආයෝජකයින්, ජනතාව දැනුවත් වීමට මෙම වෙබ් අඩවිය හරහා ද හැකියාව ලැබෙනු ඇත. මේ අතර රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය ලබා ඇති ප්‍රගතිය සහ ප්‍රතිසංස්කරණ සිදුවන ආකාරයන් පිළිබඳ පැහැදිලි කිරීම සඳහා එම අමාත්‍යංශයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද මීට සමගාමීව පැවැත්විණ. එහි දී විශේෂයෙන් වතු සේවකයින් සඳහා රු.1700ක පඩි වැඩිවීම පිළිබඳව දැනුවත් කළ අතර…

තව කියවන්​න

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ 2024 පළමු කාර්තුව වනවිට ගිවිසුම්ගත වී සිටින මෙන්ම ආරම්භ කරන ලද ව්‍යාපෘතිවලට අදාල ආයෝජකයින් සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් පසුගියදා (13) පැවැත්විණ. ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය ඇතුළු නිලධාරීන් ඊට එක්විය. අදාළ ව්‍යාපෘතිවල පවතින ගැටලු මෙන්ම ප්‍රගතිය පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය මගින් ඉටු විය යුතු කාර්යයන් සහ සේවාවන් පිළිබඳ මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබේ.

තව කියවන්​න