Author: Kesara Athipola

කලාවැවේ ඉපැරැණි පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට සිදුකර ඇති අනවසර කැණීම් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කළ බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා පවසයි. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස මහතා ගේ සභාපතිත්වයෙන්, යුත් පංච පුද්ගල කමිටුවක් මේ සඳහා පත් කළ බව ඒ මහතා සඳහන් කරයි. මෙම අනවසර කැණීම් සිද්ධිය හමුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කිසියම් නිලධාරියෙකු වගකීම් පැහැර හැර ඇතිබවට සනාථ වුව හොත් ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බව ද…

තව කියවන්​න

කොළඹ වරායේ පැළෑටි නිරෝධායන සේවාව නවීකරණය කිරීමේ වැඩපිළිවෙළට කොරියානු රජය සහ කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය සහයෝගය ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. ඒ අනුව කොළඹ වරායේ පැළෑටි නිරෝධායන සේවාව ඊයේ (25) සිට පුළුල් කර ඇති අතර ඩොලර් මිලියන 1.3ක වියදමින් ඉදි කරන ලද නව පැළෑටි නිරෝධායන සේවා ගොඩනැගිල්ල ඊයේ (25 කොළඹ වරාය පරිශ්‍රයේ දී විවෘත කෙරිණි. එමෙන්ම කොරියානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි Miyon Lee, KOICA ආයතනයේ උප සභාපති Mr. Lee Yunyong, KOICA ආයතනයේ මෙරට අධ්‍යක්ෂිකා Ms. Kim Miyungjin,ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. කොරියානු රජය 2019 සිට 2024 දක්වා පැළෑටි නිරෝධායන සේවාව නවීකරණය සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක…

තව කියවන්​න

පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව තුළ ආයෝජන දිරිමත් කරමින් කොළඹ වරාය නගරය අක්වෙරළ ක්‍රියාකාරකම් සඳහා ද පහසුකම් සලසෙන මූල්‍ය කලාපයක් ලෙස නිර්මාණය කිරීම තම අරමුණ බවත් ඒ තුළ ව්‍යවසායන් දියුණු කිරීම සහ ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කිරීම වැනි කටයුතු දෙස් විදෙස් ආයෝජකයන් වෙත පැවරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ 2024 ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි. ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතා නොකළ විභවයන් උපයෝගී කර ගැනීම’ යන තේමාව යටතේ පැවැත්වෙන 2024 ‘DigiEcon’ ගෝලීය…

තව කියවන්​න

පසුගිය දිනවල දිවයිනට බල පෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නිවාස හානි වලට ලක් වූ පුද්ගලයන්ට සහන සැලසීම වෙනුවෙන් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (25) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණ. මෙහි දී අමාත්‍යවරයා ආපදාවන්ට ලක්වූ ජනතාව වෙත ඔවුන්ගේ නිවාස පිළිසකර කරගැනීම සඳහා අවශ්‍ය සහාය කඩිනමින් ලබාදීම සඳහා ගත යුතු ඉදිරි පියවරයන් සම්බන්ධව පැමිණි සිටි නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය. අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විසින් අනුමත කර ඇති පරිදි පුර්ණ හෝ අර්ධ නිවාස හානි වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල් වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් මේ…

තව කියවන්​න

තරුණ පරපුරට අවශ්‍ය අනාගත ශ්‍රී ලංකාව නිර්මාණය කිරීම පිළිබඳ රට පුරා පුළුල් සංවාදයක් ආරම්භ කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රට තුළ අලුත් ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් අලුත් ගමනක් යා යුතු බවත්, එහිදී තරුණ පරපුරට ප්‍රමුඛ වගකීමක් පැවරෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (25) අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේ දී ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කර තිබු තරුණ හමුවට එක් වෙමිනි. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය, “ත්‍රිකුණාමලයේ තිබෙන තරුණ සේවා සභාවට අයත් අක්කර 200ක ඉඩමෙන් කොටසක් සංචාරක ව්‍යාපාරය සඳහා ලබාදී ඉතිරි කොටස ස්ථීර…

තව කියවන්​න