- මත්කරල් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළට
- පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි
- පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කෙරේ
- කතෝලිත සභාවෙන් ලොව පුරා බැතිමතුන්ට ඉල්ලීමක්
- කෝලි යළි වාර්තා අතරට
- පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව වතිකානුවෙන් නිවේදනයක්
- ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට නියෝග
Author: Kesara Athipola
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැරදිකරු කර තිබේ. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
දකුණුදිග පාකිස්තානයේ පැතිරී යන දරුණු උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයන් 568 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම පළාතේ ගිලන් රථ සේවාව සඳහන් කර ඇත්තේ මළසිරුරු 30ක් 40ක් අතර ප්‍රමාණයක් දෛනිකව මෝචරියට ප්‍රවාහනය කරන බවයි. පසුගිය දින කිහිපයේදී කරච්චි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවා ගිය බවත්, පසුගිය අඟහරුවාදා දිනයේදී පමණක් පුද්ගලයන් 141 දෙනකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව ඊයේ (27) දිනයේ කැරට් 22 රන් පවුම රු.181,950.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 198,500.00ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව ඊයේ රන් මිල සටහන් වූ ආකාරය පහතින්, කැරට් 24 ග්‍රෑම් 1 – රු.24,810.00 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.198,500.00 කැරට් 22 ග්‍රෑම් 1 – රු.22,750.00 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,950.00 කැරට් 21 ග්‍රෑම් 1 – රු.21,700.00 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.173,600.00
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (28) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතයි. මෙම තරගය අද පෙරවරු 10.00ට ආරම්භවීමට නියමිතයි. මේ වන විට තරගාවලිය 1ට 1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවෙයි.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ඉදිරි සංවර්ධන වැඩකටයුතු පිළිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (27) පැවැත්විණි. මෙහිදි රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සියලු කාර්ය මණ්ඩලවල අවශ්‍යතාවයන් පිළිබඳව, රෝහලෙන් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන්, නව පැකේජ ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රතිකාර සේවාවන් දියත් කිරිම, සවස් කාලයේ ගාස්තුවලට යටතේව ලබාදෙනු ලබන විහේෂඥ වෛද්‍ය සේවාවන් කාර්යක්ෂම කිරිම, රෝහලට පැමිණෙන රෝගීන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් පිළිබදව විශේෂ අවධානය යොමු කෙරිණි. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නිලධාරින්ට උපදෙස් දෙමින් කියා සිටියේ රෝහලේ ඉහත අවශ්‍යතාවයන් පිළිබදව ප්‍රමුඛ අවධානය යොමු කරමින් එම සේවාවන් කඩිනමින් විධිමත් ලෙස ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222