Author: Kesara Athipola

2024 ප්‍රංශයේ පැරිස් සංසදයට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් සිදු විය. මෙහි දී ආර්ථික හැඩගැස්වීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන සහයෝගය ශ්‍රී ලංකාව අගය කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

තව කියවන්​න

කෑගල්ල, පින්නවල – කිතුල්ගල සංචාරක කොරිඩෝව ඇතුළු සංවර්ධන කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පැවැත්විණ. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දීය. සංචාරක අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන සහ නිවාස ඉදිකිරීම් අමාතයංශයේ ලේකම්වරුන් සහ මුදල් අමාතයංශයේ අදාළ නිලධාරීන් ඊට එක් විය.

තව කියවන්​න

ප්‍රංශයේ පැවැත්වෙන පැරිස් සංසදයට සමගාමීව පැරිස් සමාජයේ සම සභාපති විලියම් රූස් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් සිදු විය. එහි දී නිල ණය හිමියන්ගේ කමිටුව සහ එහි සාමාජිකයින් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් කිරීමේ වැදගත් සන්ධිස්ථානයට එළැඹීම දක්වා ප්‍රංශය සහ පැරිස් සමාජ ලේකම් කාර්යාලය විසින් ශ්‍රි ලංකාවට ලබා දුන් සහයෝගය රාජ්‍ය අමාත්‍යවරයා අගය කර තිබේ.

තව කියවන්​න

ආරුගම්බේ සංචාරක ප්‍රදේශයේ සංචාරකයින් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් නිලධාරීන්, හෝටල් හිමියන් සහ සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් පසුගියදා (25) පොතුවිල් ප්‍රාදේශීය කාර්යාලයේ දී පැවැත්විණ. මෙම සාකච්ඡාවේ දී විදේශීය සංචාරකයින් ශ්‍රී ලංකාව තුළ අනවසරයෙන් රැඳී සිටීම, ධීවර වරාය වෙනත් ස්ථානයකට විතැන් කිරීමේ ගැටලුව, රජයේ ඉඩම්වල අනවසර පදිංචිය සහ ඉදිකිරීම්, බලපත්‍ර රහිත සුරාසැල් පවත්වාගෙන යාම මෙන්ම ජනතාව දැඩි අපහසුතාවයට පත්වන පරිදි අධික ශබ්ද සහිත සංදර්ශන සහ උත්සව පැවැත්වීම යන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය. තව ද අම්පාර දිස්ත්‍රික්කයේ හෝටල් කර්මාන්ත ක්ෂේත්‍රයේ යෙදී සිටින පිරිස් හමු වී ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද අමාත්‍යවරයා සාකච්ඡා කරනු ලැබූ අතර…

තව කියවන්​න

ලබන නොවැම්බර් මස 5 වනදා පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබේ. ඒ හා සමගාමීව ජනාධිපති ජෝ බයිඩන් හා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන පළමු රූපවාහිනී විවාදය මේ වනවිට ආරම්භ කර ඇති අතර මෙම විවාදය මිනිත්තු 90 ක කාලයක් පැවැත්වෙනු ඇති. ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරණයට තරග වදින ජනාධිපති ජෝ බයිඩන් මේ වනවිට 81 වන වියේ පසුවන අතර, රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 78 හැවිරිදි වියේ පසුවනවා.

තව කියවන්​න

ලෝක වෙළද පොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81 යි ශත 74 ක් ලෙස සහ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඩොලර් 86 යි ශත 3 ක් ලෙසයි.

තව කියවන්​න

ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ‘ෆාස්ටර් ජෙරොම්’ යන දේවගැතිවරයා උසාවි නියෝගයක් අනුව රජයේ රස පරීක්ෂකවරයා හමුවේ ඊයේ (27) පෙනී සිට තිබේ. ඒ දේවගැතිවරයාට හඬ සාම්පල ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා පෙරේදා (26) කළ නියෝගයකට අනුවයි. ඊයේ පෙරවරු 10ට පමණ එහි පැමිණි දේවගැතිවරයා මිනිත්තු 45ක් පමණ රැඳී සිට ඉන් පිටව ගොස් ඇත. ‘ෆාස්ටර් ජෙරොම්’ යන දේවගැතිවරයා ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් අන්‍යාගමිකයන් අතර ඇති සංහිඳියාව බිඳහෙළන ආකාරයේ දේශන පැවැත්වූ බවට චෝදනා ලබා තිබුණා.

තව කියවන්​න