- මත්කරල් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළට
- පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි
- පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කෙරේ
- කතෝලිත සභාවෙන් ලොව පුරා බැතිමතුන්ට ඉල්ලීමක්
- කෝලි යළි වාර්තා අතරට
- පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව වතිකානුවෙන් නිවේදනයක්
- ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට නියෝග
Author: Kesara Athipola
නීති විරෝධී ආකාරයෙන් රැකියා සඳහා පුද්ගලයන් විදේශගත කිරීම පිළිබඳ ලැබෙන පැමිණිළි පිළිබඳ කඩිනමින් ක්‍රියාත්මක වීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ වැටලීම් ඒකකය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි. මෙවැනි ආයතන හෝ පුද්ගලයන් පිළිබඳව කාර්යංශයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 භාවිතා කර තොරතුරු ලබාදීමට මහජනතාවට හැකියාව ඇත. එසේම,ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කොට්ටාව, මාකුඹුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිතායතනයක් වටලා එහි හිමිකරු අත් අඩංගුවට ගැනීමට කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් විය . ”Pearl Wings Visa Consultancy” නමින් පවත්වාගෙන ගිය මෙම ආයතනයේ හිමිකරු වෘත්තියෙන් නීතිඥයෙකු බව වාර්තා වේ.…
දියුණු රටක් බවට පත්වීමට ශක්තිමත් නීති පද්ධතියක් අත්‍යවශ්‍ය බවත් නීති විරෝධිව උපයාගත් වත්කම් රාජ සන්තක කිරීමට අදාළ පනත් කෙටුම්පත ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ දහම් පාසැල් ගුරුවරයෙකු ලෙස ගුණ නැණින් පිරිපුන් දැයක් ගොඩ නගන්නට 25 වසරකට වඩා කැප වු සුදුසුකම්ලත් දහම් පාසැල් ගුරුවරුන් 361 දෙනෙකු සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු තනතුරු පිරිනැමීම වෙනුවෙන් ගාල්ලේ පැවති උත්සවයටකට එක්වෙමිනි.
2024 ජුනි මාසය ජාතික පෝෂණ මාසය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කර ඇති අතර ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය පසුගිය (26)දා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දී පැවැත්විණි. සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා පාරිභෝගිකයාට ඇති අයිතිය විශේෂයෙන් අවධාරණය කරමින් “සෞඛ්‍ය සම්පන්න ආහාර අපේ අයිතියයි: සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා පාරිභෝගිකයා බලගැන්වීම” යන කාලීන තේමාව යටතේ මෙවර ජාතික පෝෂණ මාසය ප්‍රකාශයට පත් කර තිබේ. මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ, වර්ථමානය වන විට අධිරුධිර පීඩනය , හෘර්ද අකර්ණිය, දියවැඩියා ඇතුළු රෝගී තත්වයන් විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත් එය ඉතාම…
2024 ප්‍රංශයේ පැරිස් සංසදයට සමගාමීව ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජපාන නියෝජ්‍ය උප මුදල් අමාත්‍ය ෆුජි ඩයිජෝ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් සිදු විය. එහි දී ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා ජපානයේ භූමිකාව සහ කැපවීම රාජ්‍ය අමාත්‍යවරයා අගය කර තිබේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222