- ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්වෙළා – ඉන්දික අනුරුද්ධ
- නිසි බස් ගාස්තු සංශෝදනයක් සිදු කළ යුතුයි-අසේළ සම්පත්
- තුර්කියේ ලැව් ගිනි
- නව කම්කරු පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක්
- වාර්ෂික පළාත් පුස්තකාල සමුළුව 6 වැනි වරටත්
- බීමතින් රිය පැදවූ රියදුරුට අධිකරණයෙන් ලැබුණු දඬුවම
- වෛද්‍ය මහේෂිගේ ඇප ඉල්ලීම සලකා බැලීම 8 වැනිදා
- අස්වැසුම අභියාචනා භාරගැනීම 16 වැනිදායින් අවසන්
Author: Kesara Athipola
සෝමාලියාව විසින් අමෙරිකාවට ගෙවීමට තිබූ ඩොලර් බිලියන 1.1කට වැඩි ණය ප්‍රමාණයක් ඔවුන් විසින් අවලංගු කරන ඇති බව සෝමාලියානු රජය නිවේදනය කළා. එය සෝමාලියාව විදේශ රටවලට ගෙවීමට ඇති සමස්ථ ණය වලින් හතරෙන් එකක කොටසක් ලෙසයි දැක්වෙන්නේ දිගුකාලීන අර්බුද රැසකට මුහුණ දී සිටින සෝමාලියාවට මෙය මහත් අස්වැසිල්ලක් වන බවයි ජනාධිපති, හසන් ෂෙයික් සදහන් කළේ.
ජනාධිපති ලේකම් ආචාර්යය නන්දික සනත් කුමානායක මහතා සහ මෙරට බි්‍රතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘා පැට්‍රික් මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුව තිබෙනවා. වංචා දූෂණ අවම කිරීමට පළාත් පාලන ආයතන පිළිබඳ බි්‍රතාන්‍යයේ පවතින ක්‍රමවේදය පිලිබදව එහිදී දෙපාර්ශවයේ සාකච්ඡාවට ලක් කළා. ඒ අනුව බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ හැකි බවයි මෙරට බි්‍රතාන්‍ය මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ.
ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තය ගංවතුරට යට වූ සිදුවීමේ උණුසුම මැකී යෑමටත් පෙර එරට බාසිලෝනා නගරයටත් දැඩි වර්ෂාවක් ඇඳ හැලීමෙන් ගංවතුර තත්ත්වයක් උද්ගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ඊයේ ඇඳ හැලුණු දැඩි වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් බාසිලෝනා නුවර එල් ප්‍රැට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද යට වී ඇති අතර, ගුවන් ගමන්වාර 70ක් අවලංගු කිරීමටත්, තවත් ගුවන් ගමන් 50ක් එරට වෙනත් නගරවල ගුවන්තොටුපොළට ගොඩබැස්වීමටත් බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් තවත් නගර කිහිපයක් ගවතුරට යට වීමේ අවධානමක් ඇති බවයි එරට කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට පැවැත්වීමට කටයුතු යොදා තිබෙන ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ සියලුම තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පවත්වන බව ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කලා. දෙස් විදෙස් සුපිරි ක්‍රිකට් තරු රැසක් එක්වන මෙම තරගවලිය දෙසැම්බර් 12 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාවල්ස්, ජැෆ්නා ටයිටන්ස්, කැන්ඩි බෝල්ට්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් හා නිගම්බු බ්‍රේව්ස් යන කණ්ඩායම් මෙහිදී තරග වදින බව සඳහන් කරනවා. තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම එළැඹෙන 10 වනදා කොළඹදී සිදු කිරීමට නියමිත වනවා සෑම කණ්ඩායමකටම උපරිම වශයෙන් ක්‍රීඩකයින් 17 දෙනෙකු ද සිටිය යුතු අතර, සෑම සංචිතයකම අවම වශයෙන් 15 දෙනෙකු සිටිය යුතු බවට…
රත්මලාන, බඩෝවිට ප්‍රදේශයේ ඇළ මාර්ගයක් රතු පැහැගැන්වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳව කලබලයට පත් නොවන ලෙසයි. මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලද තොරතුරකට අනුව, මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පළාත් කාර්යාලය විසින් මේ පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. වර්ණකයක් අදාළ ඇළ මාර්ගය වෙත මුදා හැරීම හේතුවෙන් ඇළ මාර්ගයේ ජලයේ වර්ණය මෙලෙස වෙනස්වී ඇති බවටයි මෙම ක්ෂේත්‍ර පරීක්ෂණයේ දී අනාවරණ වී ඇත්තේ. මෙම වර්ණකය ජලයේ දියවන වර්ණකයක් වන බවත් පීච් අගයන් සහ පරාමිතීන්, පවතින පාරිසරික තත්ත්වයට අනුකූල වන බවත් ඉන් ඉහළ අගයන් නොපෙන්වන බවත් එම පරීක්ෂණවල දී අනාවරණ වී ඇති බවද මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ…
අයි.එම්.එෆ් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී එකගවු ප්‍රතිපත්ති පිළිබදව ජනාධිපතිවරයා රටට පැහැදිලි කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තරුණ නීතිඥවරුන් පිරිසක් සමග කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇතිකර ගත් ගිවිසුම් නව රජය ක්‍රියාත්මක කරනු ලබන ආකාරය ගැටළු සහගත බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.
ඇමරිකා එක්සත් ජනපදයේ 47 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය නිල එක්ස් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින්. දෙරටේ ජනතාවට වැදගත් වන පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා මැදිහත්ව කටයුතු කිරීම තම අපේක්ෂාව බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දී තිබෙනවා. මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට හිටපු විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සුබ පැතුම් එක්කර තිබුණා.
දිවයිනේ දිස්ත්‍රික්ක 08ක් සදහා පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් බලාත්මක වනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ අද පස්රු 04 දක්වා ඊට අදාළ අනතුරු ඇගවීමේ නිවේදනය බලාත්මක වන බවයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ,රුවැන්වැල්ල, දෙහිඹ්විට, යටියන්තොට, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, වරකාපොළ සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අවධානයෙන් පසුවන ලෙස නිවේදනය කර තිබුණා. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ද එම නිවේදනය නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කළේ. මේ අතර බදුල්ල , ගාල්ල , කළුතර , මහනුවර , කුරුණෑගල සහ මාතර දිස්ත්‍රික්කවලට විමසිලිමත්ව සිටින ලෙසට නායයාම් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබුණා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබු වෛද්‍ය ඒකකය විසුරුවා හැරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එහි සේවය කළ වෛද්‍ය නිලධාරීන්, සේවක පිරිස , සෞඛ්‍ය උපකරණ , ඖෂධ සහ ගිලන් රථ දෙක සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රිගේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත ඊට අදාළ ලිපි ලේඛණ භාර දීම සිදුකෙරුණා. අනවශ්‍ය වියදම් අවම කිරීම සදහා රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයට අනුව මෙය සිදුකර තිබෙනවා. එම වෛද්‍ය ඒකකය සතුව තිබු මානව සහ භෞතික සම්පත් ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මහජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යොදවීමට නියමිතයි.
වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් නව නීති සම්මත කිරීමට ඕස්ට්‍රේලියාව පියවර ගන්නා බව එරට අගමැතිවරයා ප්‍රකාශකර සිටිනවා. ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කළේ තරුණ පරිශීලකයින් ආරක්ෂා කිරීමට අපොහොසත් වන තාක්ෂණික සමාගම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ප්‍රතිඥා ලබා දෙමින්. අගමැතිවරයා මෙම වසර මුලදී සමාජ මාධ්‍ය වයස් සීමාවක් ප්‍රථම වරට යෝජනා කළ නමුත් ඔහු එයට ස්ථිර වයස් සීමාවක් ලබා දුන් පළමු අවස්ථාව ද මෙය වනවා නව නීති නොවැම්බර් අගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මෙම සතියේ රාජ්‍ය සහ ප්‍රදේශීය නායකයින්ට ඉදිරිපත් කරන බවයි එරට අගමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222