Author: Kesara Athipola

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (29) පස්වරුවේ කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණ එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය. කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය කොළඹ අගරදගුරු පදවියේ වැඩිම කතෝලික ජනතාවක් පැමිණෙන සිද්ධස්ථානයක් වන අතර එහි වාර්ෂික මංගල්‍යයට දිවයින පුරා ලක්ෂයකට අධික සැදැහැවත් ජනතාව එක් වෙති. පල්ලිය හා අවට පරිශ්‍රය තුළ එක් රැස් වන ජලය වෙල දක්වා ගෙන යාම සඳහා කාණු පද්ධතියක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස දීර්ඝකාලීන ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා රුපියල් මිලියන 06ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබේ. එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් මිලියන 02ක් ලබාදීමට අදාළ චෙක්පත මෙහිදී ජනාධිපතිවරයා විසින්…

තව කියවන්​න

ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්‍රි මහතා සඳහන් කළේය. එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කරගැනීමට ද මෙම තත්ත්වය ඉවහල් වන බව අමාත්‍යවරයා පැවසීය. විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත පසුගියදා (27) මුදා හැර තිබේ. මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස අවධානමට ලක්වූ කාණ්ඩයේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට රුපියල් 5000 බැගින් 2023 ජූලි මස සිට 2024. 03. 31 දක්වාත්, සංක්‍රාන්ති කාණ්ඩය යටතේ සුදුසුකම්ලාභීන්ට රුපියල් 2500 බැගින් 2023 ජූලි මස 2023. 12. 31 දක්වාත් ගෙවීමට කටයුතු යොදා තිබිණි. වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ සංක්‍රාන්තික කාණ්ඩයේ සහ අවධානමට ලක්වූ කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට විශේෂ…

තව කියවන්​න

සම්පූර්ණයෙන් නවීකරණය කරන ලද නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය (MOH) සහ සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද ඒයාර් ‌ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (28) ජනතා අයිතිට පත් කෙරිණි. මෙම ගොඩනැගිලි ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය, බස්නාහිර පළාත් සභාව, කෝට්ටේ නගර සභාව මගින් ප්‍රතිපාදන ලබාදී ඇත. පළමු අදියර සඳහා වැය වී ඇති මුළු මුදල රුපියල් මිලියන14 කි. නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 15 ක 90,000කට අධික ජනතාවක් සඳහා මෙමගින් සෞඛ්‍ය සේවා සැපයේ. මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රාථමික හා ද්විතීයික සෞඛ්‍ය සේවාවන් ආවරණය…

තව කියවන්​න

මහවැලි ජල සුරක්ෂිතා ආයෝජන වැඩසටහන යටතේ ඉදිවන උතුරු මැද මහඇල ව්‍යාපෘතියේ වැඩ මේ වන විට සිදුවෙමින් පවතී. මෙහිදී මොරගහකන්ද හා කළුගඟ ජලාශවලින් උතුරුමැදට ජලය රැගෙන ඒමට සැලසුම්කර ඇත. මෙම මහ ඇලෙහි ඉදිකීරීම් අවසන් වූ පසුව එහි සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර් 96 කි. ඇල මාර්ගය ඉදිකිරීමේ දී පලුගස්වැව හා මහමීගස්වැව යන ප්‍රදේශවල දී කඳු සහිත ස්ථාන හමුවන නිසා සමස්ත ඇලෙන් කිලෝමීටර් 28ක දුරක් ජලය රැගෙන යාමට සැලසුම්කර ඇත්තේ උමං මාර්ගයක් ඔස්සේ යි. එම උමං මාර්ගයේ දිග කිලෝමීටර් 28 කි. උමං මාර්ගය ඉදිකිරීමෙන් පසුව එය දකුණු ආසියාවේ දිගම උමං ඇල මාර්ගය ද වේ. මෙම උමං මාර්ගය ඉදිකිරිමට වැයවන මුදල රුපියල් මිලියන 49,000…

තව කියවන්​න

සක්‍රීය සේවයේ යෙදී සිටියදී විවිධ ආබාධ තත්ත්වයන් හේතුවෙන් සේවයෙන් විශ්‍රාම ගැන්වූ ආබාධිත රණවිරුවන් පිරිසක් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) කොළඹ පිහිටි කාර්යාලයේ දී පැවැත්විණි. එහිදී එම රණවිරුවන් අදහස් දක්වමින්, වෛද්‍ය මණ්ඩලයක් මගින් ආබාධ තත්ත්වයන් නිශ්චය කිරීමෙන් අනතුරුව දැනට ඔවුන්ට ලබා දී තිබෙන 10% දීමනාව, 20% දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන මෙන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව, රජය මේ වන විටත් විශාල පිරිවැයක් දරමින් ආබාධිත රණවිරුවන් විශ්‍රාම යන විට ඔවුන් සඳහා ජීවිතාන්තය දක්වා අදාළ වැටුප් හා දීමනා ගෙවීම, ආබාධිත රණවිරුවන්ගේ මරණයෙන් පසු පවුලේ සාමාජිකයින්හට ඊට අදාළ වන පරිදි වැටුප්…

තව කියවන්​න