- තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව භාරයට
- මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
- සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්
- ප්‍රංශයේ පිහි ඇනුමක්
- භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
- පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
Author: Kesara Athipola
ශ්‍රී ලංකාවේ දෙවන රබර් පර්යේෂණ ආයතනය මොණරාගල කුඹුක්කන දී පසුගිය සෙනසුරාදා (28) විවෘත විය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රබර් පර්යේෂණායතනය විවෘත කරනු ලැබූ අතර ඒ සදහා රජය විසින් වැය කරන ලද මුදල රුපියල් මිලියන 11කි. ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් මෙම කටයුතු සංවිධාන කර තිබු අතර එම ආයතනයේ නව සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ. මේ වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 16,000ක රබර් වගා කර තිබේ. මෙම ප්‍රමාණය හෙක්ටයාර් 50,000 දක්වා ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇත. දැනට කුඩා පරිමාණ ගොවීන් 1000ක් පමණ මොණරාගල රබර් වගාවේ…
ව්‍යවසායකත්වය පිළිබඳ අවබෝධයක් හා පුහුණුවක් පාසල් වියේ සිට ම සිසු සිසුවියන්ට ලබා දිය යුතු බවත් නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය සමග 9 ශ්‍රේණියේ සිටිය දී එනම් 14 වැනි විය පමණ වන විට දරුවන්ට සිය දෙමාපියන් ද සමග සාකච්ඡා කර ඉදිරි වෘත්තීය දිශානතිය තෝරා ගැනීමේ අවකාශ හිමි වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. ඒ අනුව සාමාන්‍ය පෙළින් පසු අධ්‍යාපනය අවසන් කරන සිසුසිසුවියන්ට මෙම ව්‍යවසායකත්වය පිළිබඳ හැදෑරීමේ වැඩි උපයෝගීතාවයක් පවතින බව කී අමාත්‍යවරයා 6 ශ්‍රේණියේ සිට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දීමත්, මෙම පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය හරහා උදා කරන බව ද පැවසී ය. අ.පො.ස උසස් පෙළ අධ්‍යයන කටයුතු සිදුකරන පාසල් තුන්දහසක…
මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ දියරයක් විදෙස් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් දිවි බේරුණු එකම ධීවරයා නාවික හමුදා “විජයබා” නෞකාව භාරගෙන මේ වන විට හම්බන්තොට රෝහල වෙත භාර දී තිබෙනවා. “ඩෙවෝන් 05” බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයින් 06 දෙනෙකු මෙලෙස මුහුදේ පාවෙමින් පැමිණි දියරයක් පානය කර තිබූ අතර ඉන් සිව් දෙනෙකු එම ධීවර යාත්‍රාව තුළදීම ජීවිතක්ෂයට පත්වුණා. සෙසු ධීවරයන් දෙදෙනා විදෙස් නෞකාවක් විසින් මුදාගෙන ඇති අතර එහි සිටි තවත් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උතුරු නයිජීරියාවේ බෝර්නෝ ප්‍රාන්තයේ ස්ථාන 3කට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරමාලාවක් එල්ල වීමෙන් පුද්ගලයන් 18 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 43 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විවාහ උත්සවයක්, අවමංගල උත්සවයක් සහ රෝහලක් ඉලක්ක කරමින් පසුගිය සෙනසුරාදා එම ප්‍රහාරමාලාව සිදුවී ඇති අතර, එය මරාගෙන මැරෙන බෝම්බකාරිනියන් විසින් සිදු කරනු ලැබූ ප්‍රහාරයක් බව එරට පොලිසිය සැක පහළ කර තිබේ. කෙසේවෙතත් බෝම්බ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් බාර ගෙන නැහැ.
උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා. මෙම මිසයිල කිලෝමීටර් 600ක් දුරින් නැගෙනහිර චොංජින් නගරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට දියත් කර තිබුණා. උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බලා ඇත්තේ යුද අභ්‍යාසයක් සිදුකරන අතරතුරදියි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222