Author: Kesara Athipola

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම වළක්වාගත නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එබැවින් මෙම ආර්ථික වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට මේ රටේ සියලු පුරවැසියන්ගේ සහාය අවශ්‍ය කාලය එළැඹ තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න

මේ වන විට ලබන වී අස්වනු ප්‍රමාණය දෙගුණ කර ගත යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති ඉලක්කය ඉදිරි වගා කන්න හයක් තුළ සපුරා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා පැවසීය. මේ සඳහා තාක්ෂණික පැකේජයක් හඳුන්වා දී ඇති බවත් සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයෙන් ඔබ්බට ගොස් වැඩිවන ආහාර අවශ්‍යතාව සපුරාලීමේ වගකීම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. කෘෂි…

තව කියවන්​න

ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය අරඹමින් අරලිය ගහ මන්දිරයේ සේවා කටයුතුවල නිරත වූ බාලදක්ෂයින් වෙත පළමු සේවා කාර්ඩ් පත ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමය මගින් සංවිධානය කරනු ලබන ජාතික බාල දක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය ජුලි මස 1 සිට 31 දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින 110,000 අධික බාල දක්ෂයින් මෙම කාලය තුළ බාල දක්ෂ සේවාවන්වල නිරත වීමට අපේක්ෂා කෙරේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා “තමන්ගේ ශ්‍රමය කැපකොට යම්කිසි වැඩ කටයුත්තකට සිය ශ්‍රමය ලබා දීමේ බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා ක්‍රියාවලිය ශත වර්ෂයකටත් වැඩි කළක් සිට අපේ රටේ ක්‍රියාත්මක…

තව කියවන්​න