Author: Kesara Athipola

සිඩ්නි විශ්වවිද්‍යාලය තුළදී පිහි ඇනුමක් සිදුකර ඇති බව පොලීසිය පවසනවා. ඊට සැකපිට 14 හැවිරිදි පිරිමි ළමයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිදුවීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ගොඩනැගිලි කිහිපයක් වසා දැමීමට බලධාරීන් කටයුතු කළ අතර පිහි ප්‍රහාරයට ලක්වූ 22 හැවිරිදි පුද්ගලයෙක්ට හදිසි ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබුණා. අසාධ්‍ය තත්ත්වයෙන් සිටි එම පුද්ගලයා ගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව පොලීසිය පවසනවා.

තව කියවන්​න

නව විදුලි ගාස්තු සංශෝධනය එළැඹෙන ජුලි 15 වැනිදා ප්‍රකාශයට පත් කරන බව වාර්තා වනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසුවේ ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් විමසීමේ කාලය ලබන 8 වැනිදා අවසන් වන බවයි. ඉන් පසුව 9 වැනිදා පැවැත්වෙන වාචික අදහස් විමසීමෙන් පසු නව ගාස්තු ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

පසුගිය මාසයේ සංචාරකයින් 113,470 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරනවා. ඒ අනුව, මෙම වසරේ මුල් මාස 06 තුල මෙරටට පැමිණි සංචාරකයින් ගේ සංඛ්‍යාව දසලක්ෂ 10249ක්. පසුගිය මාසයේ මෙරට වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 28,631ක් වනවා.

තව කියවන්​න

දෙවන ලෝක යුද සමයේදී ජපන් ගුවන් ප්‍රහාර හමුවේ මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනනහිර මුහුදේ ගිලී ඇති රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS Hermes’ නමැති ගුවන් යානා ප්‍රවාහන නෞකාව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ විශේෂ ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් නාවික හමුදා කිමිදුම් අංශය මඟින් පසුගියදා (30) සාර්ථකව සිදු කෙරිණි. ඒ සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා (විශ්‍රාමික) විසින් ‘HMS Hermes’ නෞකාව මුහුදුබත් වීමෙන් ජීවිතක්ෂයට පත් එම නෞකාවේ අණදෙන නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය සිහිපත් කරමින් පොපි මල් කළඹක් තබා ඔවුන් වෙත උපහාර පුද කෙරිණි. දෙවන ලෝක යුද සමයේදී ජපන් ජාතිකයන් විසින් 1942 වර්ෂයේ…

තව කියවන්​න