Author: Kesara Athipola

2022 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ දුන් වෙළෙඳ හිඟය අඩු කිරීම සඳහා නීත්‍යානුකූල මාර්ග ඔස්සේ අවම වශයෙන් මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 500කින් වත් දායක වන ලෙස විගමණික ශ්‍රමිකයන්ගෙන් කරන ලද ඉල්ලීමට අනුව 2022 ජුනි මස සිට 2024 මැයි මස දක්වා කාලය තුළ ශ්‍රමික ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් බිලියන 11ක් දක්වා වර්ධනය වී තිබේ. එබැවින්, මූල්‍ය හා ආර්ථික පසුබෑමේදී විගමණික ශ්‍රමිකයන් විසින් ලබා දුන් මහඟු දායකත්වය ඇගයීම වෙනුවෙන් “විගමණික හරසර” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

තව කියවන්​න

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙළ යටතේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි නවක වෛද්‍යවරුන් 475 දෙනෙකු සදහා සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්වීම් ලිපි ප්‍රදානය පසුගියදා (01) කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේ දී සෞඛ්‍ය ලේකම්තුමා අතින් නවක වෛද්‍යවරුන් 25 කට නිල වශයෙන් සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්වීම් ලිපි ලබාදීම සිදු විය. මෙසේ පත්වීම් ලබාගත් නවක වෛද්‍යවරුන් දිවයින පුරා රජයේ රෝහල් 68 ක වර්ෂයක පුහුණුව සදහා අනුයුක්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති අතර, මෙරට වෛද්‍ය…

තව කියවන්​න

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත ශක්තිමත් කිරීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට වෙන් කරනු ලැබ ඇති රුපියල් බිලියන 20ක ප්‍රතිපාදනවලින්, රුපියල් බිලියන 02ක් යොදා ගනිමින් කාන්තාවන්ට ආර්ථික කටයුතුවල නිරත වීම සඳහා ඇති බාධා ඉවත් කිරීම පිණිස විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

තව කියවන්​න