- තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව භාරයට
- මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
- සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්
- ප්‍රංශයේ පිහි ඇනුමක්
- භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
- පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
Author: Kesara Athipola
උතුරු ඉන්දියාවේ ආගමික රැස්වීමකදී සිදුවූ අධික තෙරපීමකින් පුද්ගලයන් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රස් දිස්ත්‍රික්කයේ පැවැති හින්දු ආගමික උත්සවයකදී මෙම සිදුවීම සිදුවූ අතර තෙරපීමට ලක්වීමෙන් තුවාල ලැබූ පිරිස 200කට ආසන්න වෙනවා. මිය ගිය අය අතුරින් වැඩි පිරිස කාන්තාවන් වන බව උත්තර් ප්‍රදේශ් පොලිසිය සඳහන් කරනවා. තෙරපීම සිදුවී ඇත්තේ එම ආගමික උත්සවය නිමාවීමෙන් පසු බැතිමතුන් ඉන් පිටව යෑමේදී බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ලොව ප්‍රථම වතාවට රොබෝවරයකු සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වනවා. දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ ගුමී නගර සභාවේ ලියකියවිලි එහා මෙහා රැගෙන යාමේ කාර්ය පැවැරී තිබූ සිවිල් සේවක රොබෝවරයකු මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි. එම රොබෝ සේවය කළ ගොඩනැගිල්ලේ පඩිපෙළේ වැටී තිබියදී රොබෝවරයාගේ සිරුර සොයාගත් බව ගුමී නගර බලධාරීහු පැවැසුහ.
ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් හේතුවෙන් මේ වන විට ගාසා තීරයේ මිලියන 2කට ආසන්න පලස්තීන වැසියන් සංඛ්‍යාවක් අවතැන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා. එය ගාසා තීරයේ ජීවත් වන ජනගහනයෙන් සියයට 80ක් පමණ වන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය දිනවල එල්ල කරන ලද ප්‍රහාරවලින් තවත් මිලියනයක පමණ පිරිසක් අවතැන් වී ඇති බවයි.
විසි එක් වන සියවසේ සියලු ක්ෂේත්රයන්හි පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අදාළ වන බවත් අප රටට ද ඊට මුහුණ දීම අනිවාර්ය කාරණයක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. ඒ අනුව කෘත්‍රිම බුද්ධියත් සමග ලොව නැගී එන තාක්ෂණික විෂය ධාරාවන් වූ නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය වැනි නව තාක්ෂණ විෂයන් පිළිගැනීම සඳහා අප සූදානම් විය යුතු වුවත් අපගේ සූදානම තවමත් පවතින්නේ ලොව අන් රටවලට සාපේක්ෂ ව වසර 15 ක පමණ පිටුපසින් බවත් ඒ මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශය හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව තෝරා ගන්නා ලද පාසල් 100…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත ඊයේ (02) පස්වරුවේ පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්, එස්. රාසමාණික්කම් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසිඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩිතරමක් තද වැසි ඇතිවිය හැක. වයඹ පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයසහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222