Author: Kesara Athipola

ශ්‍රි ලංකාවේ නිෂ්පාදනය කරන කෘෂිකාර්මික බෝග චීන වෙළඳපොලට ආනයනය කිරීම සඳහා දැනට පවතින අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට චීන රජය සූදානම් බව චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ (Vice Minister of General Administration of Customs) උප අමාත්‍ය Wang Lingjung මහතා පවසයි. ඊයේ (03) පෙරවරුවේ චීන උප අමාත්‍යවරයා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී මේ බව සඳහන් කළේය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වගා කරන කෘෂිකාර්මික බෝග එනම්, තේ, පොල්, මෙන්ම අන්නාසි සහ කුළුබඩු වර්ග මෙන්ම ධීවර නිෂ්පාදන වැඩිදුරටත් චීන වෙළඳපොළට අපනයනය කිරීමේ අවස්ථා පුළුල් කිරීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි. මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි…

තව කියවන්​න

ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළයුතු බවත් විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන බවත්, ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සොයා බැලීමට තමා නීතිපතිවරයාට උපදෙස් දී තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය හා උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරින් හට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (03) පැවති උත්සවයට එක්වෙමිනි. දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස මෙහිදී සියලු…

තව කියවන්​න

තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමේ අරමුණ පෙරදැරිව තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 160ක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කර තිබේ. මේ අනුව කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන සතියක් මෙම මස පළමු වනදා (01) සිට 07 වන දා දක්වා ප්‍රකාශයට පත් කර තිබේ. මෙහි පළමු ගම්මාන දෙක කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සියඹලාණ්ඩුව පහත අරාව හා බිබිල මැදගම තඹාන ගම්මානවල දී ආරම්භ කෙරිණි. මේ අනුව තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි තෝරාගෙන ඇති ගම්මාන 160 තුළ කුකුළු කර්මාන්තය සඳහා තරුණ ප්‍රජාව උනන්දු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට…

තව කියවන්​න