- ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්වෙළා – ඉන්දික අනුරුද්ධ
- නිසි බස් ගාස්තු සංශෝදනයක් සිදු කළ යුතුයි-අසේළ සම්පත්
- තුර්කියේ ලැව් ගිනි
- නව කම්කරු පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක්
- වාර්ෂික පළාත් පුස්තකාල සමුළුව 6 වැනි වරටත්
- බීමතින් රිය පැදවූ රියදුරුට අධිකරණයෙන් ලැබුණු දඬුවම
- වෛද්‍ය මහේෂිගේ ඇප ඉල්ලීම සලකා බැලීම 8 වැනිදා
- අස්වැසුම අභියාචනා භාරගැනීම 16 වැනිදායින් අවසන්
Author: Kesara Athipola
උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය මාර්ගයට බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය මාර්ගයට පස් කඳු සහ ගල් කඩා වැටීම හේතුවෙන් මෙම බාධා මතුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් අවහිරව ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. එම හේතුවෙන් මහජනතවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි එම දෙපාර්තම්න්තුව පවසන්නේ.
වර්ෂාවත් සමග මී උණ රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව, මාර්තු සිට මැයි දක්වාත්, ඔක්තෝම්බර් සිට මේ දක්වාත් මී උණ රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. පසුගිය කාල සීමාවේ සහ පවතින අධික වැසිත් සමග ගංවතුර ඇතිවන අවස්ථාවලදී මී උණ රෝගය පැතිරීම ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර, වසරේ මේ දක්වා කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් මී උණ රෝගීන් 500 කට වඩා වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. ඒ හේතුවෙන් මරණ 35ක් ද වාර්තා වී තිබෙනවා.
දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ගංවතුර අවධානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදයක් නිකුත් කරමින් පැවසුවේ මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව සහ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් හැඩ ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. එමෙන්ම මහවැලි ගඟ ද්‍රෝණියේ දිඹුලාගල, එච්චලම්පට්ටෙයි, හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, කොරාලෙයිපත්තු උතුර, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල, තමන්කඩුව, තම්පක්කමම් හා වැලිකන්ද ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට ඒ සම්බන්ධව විමසිල්ලෙන් පසුවන ලෙස හා ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන…
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ දින රාත්‍රී 11.30 පමණ වනවිට මඩකලපුව සිට කී.මී. 290 ක් සහ ත්‍රීකුණාමලයට කී.මී. 410 ක් පමන එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තිබුණු බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ඉතා ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං අපේක්ෂා කරනවා. විශේෂයෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම ,ඌව සහ දකුණු පළාත්වලත්…
නාවික හමුදා විසින් පසුගියදා අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 1 152ක් බවට අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ලංකාවට කිලෝමීටර් 200 ක් බටහිර දෙසින්, ගැඹුරු මුහුදේදී මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදා භාරයට ගනු ලැබුවේ, පසුගිය 16වැනිදායි. අනතුරුව සිදු කළ වැඩිදුර පරීක්ෂාවේදී, මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46යි ග්‍රෑම් 116ක් පාර්සල් හතලිහක් සොයා ගැනීමට හැකි වුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ත් 33 ත් අතර වන ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. මේ ඒ පිලිබදව අදහස් පල කල නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසුරිය මහතා.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා පත් කිරීම ගැටළු සහගත බව එම පක්ෂයේ හවුල්කාර පාර්ශව පවසනවා. රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහය දක්වන අනෙකුත් පක්ෂවල කිසිදු අනුමැතියකින් තොරව බවයි ඔවුන් සදහන් කලේ. එම පෙරමුණේ නියෝජිතයන්ට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත්තේ අත්නෝමතික ආකාරයකට මෙම නම් කිරීම සිදුකර ඇති බවයි. ඒ අනුව හිටපු අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතාට එරෙහිව ගත හැකි විනය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඊයේ පස්වරුවේ හදිසි රැස්වීමක්ද පවත්වනු ලැබුවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් එම…
කොන්දොස්තරවරයෙක් ධාවනය වෙමින් තිබූ බස් රථයකින් ඇද වැටී මියගොස් තිබෙනවා. ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක පාපූරුවෙන් අද අලුයම ඇද වැටුණු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයෙක් වන කොන්දොස්තරවරයා මෙසේ මිය ගිය බවයි තලංගම පොලිසිය පවසන්නේ. අනතුරින් මියගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. පානදුර ඩිපෝවට අයත් බස් රථය පානදුර සිට මහනුවර දක්වා කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය කර තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි අද තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
මෑන් යී සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ ඇති වූ විපත් වලින් පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකුට තුවාල සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අධික සුළං හැමීම හේතුවෙන් නුඑවා පළාතේ අම්බගුයෝ හි නාය යෑමක් සිදු වූ අතර නිවසක් කඩා වැටීමෙන් ළමයින් ඇතුළු හත් දෙනෙකු මිය ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. අතුරුදන් තවත් තුන් දෙනෙකු සෙවීමට හමුදා භටයන්, පොලිසිය හා ගම්වාසීන් එක්ව මෙහෙයුමක නිරත වනවා.
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි. 21 දෙනෙකුගෙන් සමන්විත නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන් අතර, කැබිනට් මණ්ඩලය නවක මුහුණු රැසකින් සමන්විතයි. මේ අතර, නියෝජ්‍ය අමාත්‍යවරුන් අනිද්දා දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222