Author: Kesara Athipola

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි සේත්ම විකිණීමට කටයුතු නොකරන බවත් සිදු කරන්නේ ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය. නීතිය අනුව පවා වෙනත් සමාගමකට ලබා දිය හැක්කේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වලින් 49% ක් පමණක් බවත් කෙසේ නමුත් මේ දක්වා ඊට සුදුසු ආයෝජකයකු ඉදිරිපත් වී නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර ප්‍රජාවම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක ඇති නමුත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් එය සුබවාදීව දැකීම ප්‍රතික්ෂේප කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න

ආරක්ෂාව, නිවරද්‍යතාව සහ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව චීනය පවසයි. චීනයේ රේගු පරිපාලන කටයුතු පිළිබඳ උප අමාත්‍ය වැං ලිංජුන් (Wang Lingjun) මහතා පවසන්නේ පියවර තුනක් ඔස්සේ මෙම කටයුතු සිදු කිරීමට චීන රජය සූදානම් බවයි. ලිංජුන් මහතා ඇතුළු දූත පිරිස, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු මූලස්ථානයේ පැවැති හමුවක දී මෙම අදහස් පළ විය. සුහුරු රේගු ව්‍යාපෘතිය (Smart Customs Project) යටතේ එකම මාර්ග ගත වේදිකාවක් තුළ ලොව සෙසු රටවල් සමග සහයෝගීතාවයෙන් රේගු කටයුතු කිරීමේ ක්‍රමවේදය චීනය අනුගමනය කරන බව පෙන්වා දුන් ඒ මහතා ශ්‍රී ලංකාවට ද එහි ඵලදායි ප්‍රතිඵල ලබා දීමට සූදානම් බව…

තව කියවන්​න