Author: Kesara Athipola

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සහ තත්කාලීන මාධ්‍ය භාවිතය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව සහ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධාන කර තිබිණි. ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජයලත් පෙරේරා යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ. නීතිපති…

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්තික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්තික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. උතුරු සහ උතුර-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැක. ඌව පළාතේ අම්පාර සහ මඩකළපුව දිස්තික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් තිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්තික්කවලත් විටින් විට මන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළ වලින් සහා අකුණු…

තව කියවන්​න

මෙරට පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව සහ ඉහළ පහසුකම්වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමඟින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කර ගනිමින් දිස්ත්‍රික්ක මට්ටමින් එම රෝහල්වල පවතින අඩුපාඩු සොයා බලමින් එයට කඩිනම් විසඳුම් ලබාදෙමින් මෙරට ජනතාවට ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ අදහසකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. ඒ අනුව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (04) කෑගල්ල, ගම්පොල සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල් වල විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහි දී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අතීතයේ සිට…

තව කියවන්​න

ගල්කිස්ස වෙරළ තීරයට හඳුනා නොගත් ප්‍රභවයකින් තෙල්, තාර වැනි ද්‍රව්‍යක් වෙරළට ගසා ගෙන ඇවිත් තිබෙන බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට පසුගියදා (03) වාර්තා විය. ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එහි පරීක්ෂණ කටයුතු සිදු කරමින් නියදි ලබා ගැනීමට කටයුතු කරන ලදී. මෙම දූෂණය පිළිබඳ සැක කළ හැකි ප්‍රභවයක් මෙතෙක් හඳුනා ගෙන නොමැත. එහෙත් මෙය නෞකාවකින් බැහැර කරන ලද යම් ද්‍රව්‍යයක් විය හැකි බව සැක කළ හැකිය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානයන්ගේ සහය ඇතිව මෙම තෙල්, තාර වැනි ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු ඊයේ (04) ආරම්භ කරමින්…

තව කියවන්​න

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම හේතුවෙන් පසුගිය අර්බුද සමයේ ඇනහිට තිබූ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපෘති යලි ක්‍රියාත්මක කිරීමට හැකි වන බවත් එය බල ශක්ති අර්බුදය විසඳාගැනීමට මහත් පිටුවහලක් වන බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය. රට සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ අඩපණ කිරීමට විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවන්වල නිරතව සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න