Author: Kesara Athipola

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බවත් ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලාභීන් 73,143ක් අතුරින් පුද්ගලයන් 463ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ (05) පෙරවරුවේ කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේ පැවති උත්සවය අමතමිනි. මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇතැමුන් සමාජවාදය…

තව කියවන්​න

ආඩ්වේල් කතරගම දේව උත්සවය හා රිදීරිය පෙරහර ජූලි මස 20 දින පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වීමට නව කදිරේසන් කෝවිලේ ප්‍රධාන පූජක භාබු ශර්මා කුරුක්කල්තුමා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත බුද්ධශාසන අමාත්‍යාංශයේදී ආරාධනා පත්‍රය පිළිගන්වනු ලැබීය. 1874 වසරේ සිට අඛණ්ඩව පවත්වනු ලබන මෙම උත්සවය සහ පෙරහර බම්බලපිටිය සහ හෙට්ටි වීදියේ පිහිටා ඇති නාට්ටූක්කොට්ටෙයි නගරත්තාර් ශ්‍රී නව කදිරේසන් කෝවිල විසින් සංවිධානය කරනු ලබයි. නාට්ටූක්කොට්ටෙයි නගරත්තාර් ශ්‍රී නව කදිරේසන් කෝවිලේ කළමනාකාර භාරකරු එස්.රාජෙන්දිරන් චෙට්ටියාර් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

තව කියවන්​න

නියමිත දිනට මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවේදී කරුණු පහදා දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ හමුවේ ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ වැඩ සිටින නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත අද (05) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය. මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආශිර්වාද පළ කළ මහා නායක හිමිපාණන් වහන්සේ ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

තව කියවන්​න

රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා සඳහන් කළේය. විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා ලබා දීමටත් ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ප්‍රමුඛස්ථානය දී, උදය සෙනවිරත්න කමිටුවට යොමු කර 2025 අයවැයට ඇතුළත් කිරීමට පොරොන්දු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න

ආර්ථිකය ඉදිරියට යන අඩිතාලම මේ වනවිට යොදවා ඇති බවත් විදේශ රටවල් අපේ රට කෙරෙහි විශ්වාසය යළිත් තබා ඇති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, චීන රජයේ ආධාර මත අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ලද බිත්තර රැක්ක වීමේ යන්ත්‍ර සහ විමධ්‍යගත අරමුදලින් කඩුවෙල ආසනයේ සමිති සඳහා නෙස්කැෆේ මැෂින් බෙදාදීම සඳහා පසුගියදා (30) අරංගල සණස ශාලාවේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා “අපේ රට කෙරෙහි විදේශ රටවල විශ්වාසය යළිත් අපි දිනාගෙන, බැංකු ක්‍රමය දිනාගෙන ජාත්‍යන්තරව ගනුදෙනු කරන්න පුළුවන් තත්ත්වයට රට ගෙන ආවා. අපි වැටුණු අර්බුදයේදී අපිට ජාත්‍යන්තරව එල්. සී එකක් ඕපන් කරන්න බැරි තත්ත්වයක් තිබුණා. එවැනි…

තව කියවන්​න

ජනාධිපතිවරණය පැවැත්වීම කල්දැමීම සඳහා උසාවියට පෙත්සමක් ඉදිරිපත් කිරීම පිළිබඳව පළව ඇති ප්‍රවෘත්ති වාර්තා සමඟ මේ තුළින් ජනාධිපතිවරණය කල්දැමීමක් සිදු වේද? යන්න පිළිබඳව සතිපතා පැවැත්වෙන ආයතන ප්‍රධානී හමුවේදී රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහතා මතු කළ ගැටලුවකට පිළිතුරු ලබා දුන් ප්‍රවාහන මහා මර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා. “කිසිඳු හේතුවක් මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධානයන්ට පරිබාහිරව ජනාධිපතිවරණය පිළිබඳව තීරණයක් ගන්නේ නැහැ. කැබිනට් ප්‍රකාශකවරයා වශයෙන් නිරන්තරයෙන්ම මාධ්‍යවේදීන් මේ පිළිබඳව මාගෙන් ප්‍රශ්න කරන බැවින් “යම්කිසි පුද්ගලයෙකු ඔබතුමා විසින් අධිකරණයට යවා උසාවි තීන්දුවක් ලබා ගනිමින් ජනාධිපතිවරණය කල්දැමීමට සැරසෙනවාද?” යන්න පිළිබඳව ජනාධිපතිතුමාගෙන් පුද්ගලිකවම විමසීමක් සිදු කළා. ඉතාමත් පැහැදිලිවම…

තව කියවන්​න