Author: Kesara Athipola

ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූලි 09 සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූලි 11 පාර්ලිමේන්තුව ජූලි 09 වැනිදා සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගියදා (03) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ සිදුකරන්නා වූ පාර්ලිමේන්තු කටයුතු තීරණය කරන ලදි.

තව කියවන්​න

රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාපිටිගම ගම්මානය, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හල්ලොලුව සහ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ ලෙනගල ගම්මාන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන යටතේ ප්‍රදේශයේ සත්ව නිෂ්පාදන සඳහා ගොවීන්ට අවශ්‍ය කුකුල් පැටවුන් ලබා දීම, කෘෂි උපකරණ සහ බීජ හා පැළ ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

තව කියවන්​න

පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදීමේ අරමුණින්, ලංකා ධීවර සංස්ථාව දිවයින පුරා ස්ථාපිත කරමින් සිටින නවීන වෙළඳසැල් ජාලයේ නවතම ශාඛාව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ අංක 457 නිකාඩෝ ගොඩනැගිල්ල ඉදිරිපිට ඉන්ධන පිරවුම්හලට යාබදව විවෘත කෙරුණි. මෙම නවීන වෙළඳසැල හරහා පාරිභෝගික ජනතාවට ගුණාත්මක පෝෂදායි මත්ස්‍ය වර්ගවලට අමතරව උම්බලකඩ ඇතුළු මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට අවකාශ සලසා දී තිබේ. බදුල්ල දිස්ත්‍රීක් පර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා, ධීවර අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්.වික්‍රමසිංහ මහතා, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මානව සම්පත් සංවර්ධන) අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය, ලංකා ධීවර සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂක සුරංග හිදැල්ලආරච්චි මහතා ඇතුළු ධීවර සංස්ථා නිලධාරීන් පිරිසක් සහභාගී විය.

තව කියවන්​න

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන “සුවසැරිය රෝහල් සේවා” බස් රථ සේවාව ආරම්භ කිරීම ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා විසින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට අනුව ආරම්භ කෙරුණ මෙම සේවාව මාකුඹුර සිට මහරගම, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, තලවතුගොඩ, බොරැල්ල හරහා පිටකොටුව දක්වා දෛනිකව ක්‍රියාත්මක වෙයි. මීට සමගාමීව එම මාර්ගයේම පිටකොටුව සිට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල හරහා මාකුඹුර දක්වා තවත් බස් රථයක් ධාවනය වීමට නියමිත වේ.

තව කියවන්​න

චීනයේ සීසැං දිස්ත්‍රික්කයෙහි පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ 4 වන Trans-Himalayan සංසදයට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහභාගී විය. එහි දී රාජ්‍ය අමාත්‍යවරයා පිළිගනු ලැබුවේ, චීනයේ සීසැං ස්වයං පාලන කලාපීය මහජන රජයේ විධායක උප සභාපති, ගරු Ren Wei මහතා විසිනි. සංචාරක ව්‍යාපාරය, සංස්කෘතිය සහ ආර්ථිකයේ විශිෂ්ටත්වය සඳහා කලාපයට ආවේණික නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම වැනි විවිධ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය අත්දැකීම් හුවමාරු කර ගැනීම පිළිබඳ මෙහි දී සාකච්ඡා කර තිබේ. දෙරටෙහි අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සාක්ෂාත් කර ගැනීම සඳහා එක්ව කටයුතු කළ හැකි මාර්ග පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

තව කියවන්​න