- බස්නාහිර හා දකුණේ අපරාධ ක්‍රියාකාරකම්වල වැඩිවීමක්
- හෙට කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමට
- මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්රගමනය වෙනුවෙන්සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් තීරණයක්
- මහාමාර්ග ව්‍යාපෘති නැවතීමට හේතුව ඇමති බිමල් කියයි.
- කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද අවලංගුයි
- තරුණ සේවා සභාවේ අක්‍රමිකතා සොයන්න කෝප් අනුකමිටුවක්
- ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි
- ජනාධිපති ලේකම් සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්
Author: Kesara Athipola
2022 උසස් පෙළ සමතුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදෑරීමට පොලී රහිත ශිෂ්‍ය ණය ලබා දීමේ කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් 2017 වර්ෂයේ අය-වැය යෝජනා අනුව පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇත. එම ණය යෝජනා ක්‍රමය යටතේ රු. 800,000/-ක (ලක්ෂ අටක) උපරිමයකට යටත් ව පොලී රහිත ණය මුදල් සිසුන්ට ලබා දේ. මේ වන විට ශිෂ්‍ය කණ්ඩායම් හතක් යටතේ සිසු සිසුවියන් 17,313ක සංඛ්‍යාවකට අධ්‍යාපන…
2024 අප්‍රේල් මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තොගය 2.76% (රුපියල් බිලියන 803.2) කින් අඩු වූ අතර, 2023 දෙසැම්බර් 31 දින රුපියල් බිලියන 29,150.4 සිට 2024 අප්‍රේල් 30 වන දින රුපියල් බිලියන 28,347.2 දක්වා අඩු වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි. මුළු විදේශ ණය තොගය රුපියල් බිලියන 12,076.7 සිට රුපියල් බිලියන 10,963.3 දක්වා 9.2%ක (රුපියල් බිලියන 1,113.4) අඩු විය. මුළු දේශීය ණය තොගය රුපියල් බිලියන 17,073.7 සිට රුපියල් බිලියන 17,383.9 දක්වා 1.8% (රුපියල් බිලියන 310.2) කින් සුළු වැඩිවීමක් පෙන්නුම් කළේය. මෙම දේශීය ණය වැඩිවීම මහ බැංකු මූල්‍යකරණයෙන් තොරව අයවැය කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකාව උත්සාහයේ…
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් හා දීමනා සංශෝධන සඳහා යෝජනා කැඳවීම ඇරඹේ. අදාළ අයදුම් පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන www.presidentsoffice.gov.lk මඟින් බාගත කර ගත හැකි අතර සියළු යෝජනා MS Word හි font 12 – Iskoola Pota අකුරු මඟින් සකස් කොට එහි PDF ආකෘතියෙහි මෘදු පිටපතක් පමණක් [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට 2024-07-31 දිනට හෝ එදිනට පෙර යොමු කිරීමට කටයුතු කළ යුතුය. යෝජනා කරන තනතුර හැර වෙනත් තනතුරු සඳහා ද යෝජනා ගෙන එන්නේ නම් වෙන වෙනම ආකෘති පත්‍ර සම්පූර්ණ කොට ඒ සඳහා වන සාධාරණීකරණ වාර්තා ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය…
මූලික වියදම, මූලික ආදායමට වඩා වැඩි වීමකින් තොරව එනම් ප්‍රාථමික ගිණුම සෘණ වීමකින් තොරව මේ අවස්ථාවේ වැටුප් වැඩි කළ හැකි ක්‍රමවේදයක් ඇත්නම් පෙන්වා දෙන ලෙස විවිධ වෘත්තීය සමිති නියෝජනය කරන දේශපාලන පක්ෂ වලට තමන් ආරාධනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ තෘප්තිමත් ඵලදායී රාජ්‍ය සේවයක් ඇති කර ගැනීම වැදගත් බවයි. මීට වසර දෙකකට පමණ පෙර 1372000(දහතුන් ලක්ෂ හැත්තෑ දෙදහසක් වූ රාජ්‍ය සේවකයාගේ වැටුප ගෙවීම පවා ගැටලුවක්ව පැවති බව සඳහන් කළ අමාත්‍යවරයා 2024 වසරේදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය සේවක…
නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේදි නවීන තාක්ෂණය සමඟ එක් වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් ද අවශ්‍ය බවත්, ඒ සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට රට තුළ සිදු කරමින් තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අධ්‍යාපන නවීකරණයේ නව පියවරක් තබමින් දකුණු පළාතේ පාසල් දරුවන් වෙනුවෙන් පාසල් 200 කට සුහුරු පංති කාමර සහ ටැබ් පරිගණක යන්ත්‍ර 2000ක් ලබාදීම සඳහා ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ පසුගියදා (06) පැවති උත්සවයට එක්වෙමිනි. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉන්දියානු රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනූව දකුණු පළාත් සභාව වෙත ලැබුණු රුපියල් ලක්ෂ 3000ක (කෝටි 30ක)…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222