Author: Kesara Athipola

මැතිවරණයක් ආසන්නයේ අයුක්ති සහගත වැඩවර්ජන දියත් කිරීමෙන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද අහිමි කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. මෙම වර්ජන, උද්ඝෝෂණ මඟින් බලාපොරොත්තු වන්නේ ජනතාවට ලැබෙමින් තිබෙන සහනදායී ජීවන තත්ත්වය කඩාකප්පල් කිරීම ද යන්නට විපක්ෂය පිළිතුරු සැපයිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න

වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක වැට් බද්ද 20% – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවත්, මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. මහා භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි. මේ වන විට රාජ්‍ය සේවයට අදාළ වෘත්තීය සමිති කිහිපයක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ…

තව කියවන්​න

මෙතෙක් කලක් කිසිදු සැලකිල්ලකට භාජනය වී නොතිබුණු ක්ෂේතු 14 ක් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී, අනිවාර්යෙන්ම බදු ගෙවීම සඳහා යොමු කරගෙන තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ බදු ගෙවිය යුතු අංශ පිලිබඳව මේ ආකාරයෙන් අවධානය යොමුකළ වකවානුවක් කෙදිනකවත් නොතිබූ බවයි. ඒ අනුව කිසිවෙකුටත් බදු දැලෙන් රිංගා යාමට ඉඩදී නොමැති බවද අමාත්‍යවරයා පවසා සිටියේ ය. අනිවාර්යෙන්ම බදු ගෙවිය යුතු පෞද්ගලික පාසැල්, පෞද්ගලික උපකාරක පංති, මහා පරිමාණ පෞද්ගලික වෛද්‍ය සේවා සපයන ආයතන, ඉංජිනේරු සේවා, නීතිඥ සේවා, මිනින්දොරු සේවා ආදී ක්ෂේත්‍රවලින් බදු අය නොකරන බවට ඇතමුන් සඳහන් කළ ද , ගිය වසරේ සිට අනිවාර්යයෙන්ම බදු ගෙවිය…

තව කියවන්​න

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නුවරඑළිය ආරම්භ කරන ලද අපනයනය ඉලක්ක කරගත් ස්ට්‍රෝබෙරි වගාව මේ වනවිට සාර්ථක වී තිබේ. මෙම ස්ට්‍රෝබෙරි ආදර්ශ වගාව ශ්‍රී ලංකාවේ රජය මැදීහත් වී ක්‍රියාත්මක කරන පළමු ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ව්‍යාපෘතියයි. නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශය හා ඒ ආශ්‍රිතව ගොවීන් 52කගේ දායකත්වයෙන් හරිතාගාර 40ක මෙම වගාව ආරම්භ කර ඇත. වගාව ආරම්භ කර දැනට මාස දෙකක් පමණ ගත වී ඇති අතර ඊයේ එම වගාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිරීක්ෂණය කළේය. ඊජිප්තුවේ සිට ආනයනය කරන ලද ස්ට්‍රොබෙරි පැල මෙම ගොවීන් අතර බෙදාහැර තිබෙන අතර මෙම වගාව සඳහා වන සියලු මුල්‍ය ප්‍රතිපාදන හා තක්ෂණික දායකත්වය ගොවීජන සංවර්ධන…

තව කියවන්​න

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මට්ටමේ මහජන සෞඛ්‍ය කාර්ය සාධන ප්‍රගති සමාලෝචන රැස්වීම (Regional Level Public Health Performance Review of Anuradapura District) පසුගියදා (06) සෞඛ්‍ය ලේකම් විශේෂඥ ‌වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි මෙහිදි උතුරු මැද පළාතේ සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ දළ විශ්ලේෂණයක් සිදු කරමින් පළාත් පැතිකඩ, මානව සම්පත් කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, උපකාරක සේවා, අධ්‍යාපන පුහුණු සහ පර්යේෂණ, විශේෂ මහජන සෞඛ්‍ය ගැටලු ඩිජිටල් සෞඛ්‍ය වැඩසටහන් හි වැදගත්කම සහ ඉදිරි දැක්ම පිළිබඳව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‌වෛද්‍ය ඩබ්.එම් පාලිත බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කළේය.

තව කියවන්​න

ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන සතිය ආරම්භ කරමින් පළමු ගම්මානය ලෙස හඟුරන්කෙත ගලඋඩගල ගම්මානයේ ගොවි පවුල්වලට ප්‍රතිලාභ ලබා දීම සඳහා පැවැති උත්සවයට සහභාගි වෙමිනි. ග්‍රාමීය අංශයේ කුඩා ව්‍යාපාරවල නිරත වන කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව හැකියාව නංවාලීම සඳහා සහන පදනම යටතේ ණය මුදලක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවත්, ඒ අනුව මෙම වසරේ දී ඒ සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් වෙන්…

තව කියවන්​න