Author: Kesara Athipola

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 ඊ (ආ) වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම සිදු කර ඇත. ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා මෙරට 49 වන නීතිපතිවරයායි. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.

තව කියවන්​න

මෙරට අනාගත පරම්පරාව බිහි කරන ගෞරවාන්විත සේවයක් ලෙස ගුරුවරුන්ට විශාල වගකීමක් පැවරී ඇති බැවින් එය නිසි ලෙස අවබෝධ කර ගනිමින් තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා සමස්ත ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේය. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අර්වින්ද් කුමාර් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය, “වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙතෙක් සිදු නොවූ විශාල වර්ධනයක් සිදුවනු ඇති බව අප විශ්වාසය කරනවා. විශේෂයෙන් රැකියා වෙළඳපොල ඉලක්ක කර කොරියානු, ජර්මන්, ප්‍රංශ, හින්දි, චීන හා ජපන් භාෂා ගුරුවරුන්…

තව කියවන්​න

මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් පදිංචිය සඳහා ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා කොන්දේසි විරහිතව හා ගාස්තු අය කිරීමකින් තොරව සින්නක්කර අයිතිය ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කර තිබේ. මෙරට සෑම බිම් අඟලකටම සියලුදෙනාට බියකින්, සැකයකින් තොරව යාමට ඉඩ ප්‍රස්ථාව උදා කර දීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ විරෝධාර රණවිරුවන්ට මව්බිමේ බිම් කැබැල්ලක අයිතිය තහවුරු කර දීම මෙම වැඩසටහනේ අරමුණයි. ජනාධිපති කාර්යාලයේ මෙහෙයවිමෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

තව කියවන්​න

අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත්, ඒ සඳහා මූලික පදනම මේ වන විට ආණ්ඩුව විසින් තබා තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙස අක්කර 1000ක පමණ වපසරියක් සහිත බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තුන් වන අදියරේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (12) පැවති උත්සවයට එක්වෙමිනි. රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් නව ආයෝජන කලාප ඇති කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. බිංගිරිය ආයෝජන කලාපය සම්පූර්ණයෙන් අවසන් වීමෙන් පසුව ඇමරිකන් ඩොලර්…

තව කියවන්​න

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ දී පැවති 2 වන බිම්ස්ටෙක් (BIMSTEC) විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා එක්ව සිටී. මෙහි දී වෙළඳාම, සෞඛ්‍ය සේවා සහ ධාරිතා සංවර්ධනය වැනි ක්ෂේත්‍රවල සම්බන්ධතා සහ සහයෝගීතාව කෙරෙහි අවධානය යොමුව තිබේ. මේ අතර සමුළුවට සමගාමීව, ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් ද සිදු විය. මෙහි දී ඵලදායී ද්විපාර්ශ්වික කතාබහක් පැවැත්වීමට හැකිව ඇති අතර වැඩිදියුණු කළ සම්බන්ධතාව සහ කලාපීය සහයෝගීතාව ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කර ඇත.

තව කියවන්​න

මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක, කොන්ත්‍රාත්, තාවකාලික හා සහන පදනම මත සේවයේ යෙදෙන සේවක මහත්ම මහත්මීන් සදහා ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීම පසුගියදා (11) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මහනුවර නව “කරළිය” ශ්‍රවණාගාරයේ දී පැවැති මෙම අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ද එක් විය.

තව කියවන්​න

වාණිජ මණ්ඩලයේ ආනයන අංශයේ 89 වැනි වාර්ෂික මහා සභා රැස්වීම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එහි දී සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කෙටි කාලීනව වේදනාකාරී වුවත් ආර්ථිකයේ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ. මෙහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා, “මෙම ප්‍රතිසංස්කරණ සිදු නොකිරීමේ වේදනාව ප්‍රතිසංස්කරණවලට වඩා වැඩියි. උද්ධමනය හරහා රුපියලේ ආදායමෙන් 70%ක් ඛාදනය වූ බවත් එය බදු ප්‍රතිසංස්කරණවලට වඩා බෙහෙවින් හානිදායක ය. අද ශ්‍රී ලංකාවේ උද්ධමනය 1.7%ක් වන අතර, එවැනිම ණය පීඩාවකට ලක් වූ අනෙකුත් රටවල් තවමත් ඉලක්කම් දෙකක උද්ධමනයකට මුහුණ දී සිටී. තව ද, වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව ආර්ථික…

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවකට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා එක් විය. උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මැතිතුමා සහ රාජ්‍ය නිලධාරීන් සමග මෙම සාකච්ඡාව පැවැත්විණ. විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීම මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ අරමුණයි. අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් සිසුන් 5000 කට ශිෂ්‍යාධාර වෙන්කර ඇත.

තව කියවන්​න