Author: Kesara Athipola

සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව, යුක්ති ගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත් වීමේ අයිතිය තහවුරු කර දීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 77 වන් ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. අග්‍රාමාත්‍යතුමියගේ නිදහස් දින පණිවුඩය පහතින්. සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව, යුක්ති ගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත් වීමේ අයිතිය තහවුරු කර දීමයි. එසේම සැබෑ නිදහස තහවුරු කිරීමේ දී වාර්ගික, ආගමික, කුල, ගෝත්‍ර, ස්ත්‍රී පුරුෂ හෝ පන්ති භේදයකින් තොරව සෑම දෙනාටම එකාමෙන් ජීවත්වීමේ පරිසරයක් තහවුරු කර දිය යුතුව ඇත. එවිට සමාජය තුළින්ම සාධාරණත්වය පිළිබිඹු වේ. “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”…

තව කියවන්​න

යුද්ධය මුවාවෙන් රට තුළ බිහි වූ ඒකාධිපති වියරුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසනවා. එ හේතුවෙන් පවතින දූෂිත ක්‍රමවේදය වෙනස්කොට රටට සැබෑ නිදහසක් උදාකරලීම වෙනුවෙන් වහාම වත්මන් ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස කාදිනල් හිමියන් ජනපති ඇතුළු වත්මන් රජයෙන් ඉල්ලා සිටි‍යා. 77 වන නිදහස් දිනය නිමිත්තෙන් අද (04) උදෑසන බොරැල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ දී පැවති දිව්‍ය පුජාවට එක්වෙමින් උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කළා.

තව කියවන්​න

සුපිරි චිත්‍රපට නිෂ්පාදක කේ.පී. චෞද්රි නොහොත් සුන්කර ක්‍රිෂ්ණ ප්‍රසාද් චෞද්රි පසුගියදා (03) සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සුප්‍රසිද්ධ දමිළ චිත්‍රපටයක්වන රජිනිකාන්ත් රඟපෑ කබාලි චිත්‍රපටයේ තෙළිඟු අනුවාදයේ නිෂ්පාදක වන ඔහු මූල්‍ය අර්බුදයක් හේතුවෙන් මෙසේ සියදිවි නසාගෙන ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ. උතුරු ගෝවාහි පිහිටි ඔහුගේ නිවසේදී මියයන විට ඔහු 44 හැවිරිදි වියේ පසුවුණා.

තව කියවන්​න

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම, නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවටද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් සඳහන්.

තව කියවන්​න

පුනරුද යුගය සඳහා වන සාමූහික ඇරඹුමට එක්වන ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කර සිටිනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ 77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින්. ජනාධිපතිතුමන්ගේ පණිවිඩය පහතින්. “අද දින අප 77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තු හද දරමිනි. ශ්‍රී ලංකා ඉතිහාසය ප්‍රව‍ර්තනය කරමින් උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක් ව ගොඩනැඟූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අප මේ වන විට අලුත් මඟකට පිවිස ඇත. පසුගිය සියවසේ අපට අහිමි වූ සහ අපට මඟහැරුණු පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් යළි ගොඩනඟා ගැනීමේ…

තව කියවන්​න

අමෙරිකානු ජනාධිපතිවරයා සහ මෙක්සිකානු සහ කැනඩාවේ ජනාධිපතිවරුන් සමග කළ සාකච්ඡාවකින් අනතුරුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝව සහ කැනඩාව වෙත පනවා තිබූ අධික තීරුබදු දින 30 කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ දේශසීමා ආරක්ෂාව වැඩි දියුණු කිරීම මෙන්ම නීති විරෝධී සංක්‍රමණයට එරෙහිව සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට පියවර ගැනීමට අදාළ රටවල් එකඟවීමෙන් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවයි. එමෙන්ම දේශසීමා ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් දහස් ගණන් යොමු කිරීමට ද මෙහිදී අවධානය යොමුව ඇති බවත් එම වාර්තා සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස් ප්‍රකාශ කර තිබෙනවා ජාතික ආරක්ෂාව මුවාවෙන් එවැනි වැරදි ක්‍රියාවන් සිදු කිරීමට චීනය දැඩිව විරුද්ධ වන බව ඔහු කියාසිටියා. චීන සමාගම්වල නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ චීනයේ සංවර්ධන්‍ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව චීන විදේශ අමාත්‍යංශ මෙහිදී සදහන් කළා.

තව කියවන්​න

පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට නොහැකි වීම හේතුවෙන් . ඔවුන් එම තරගයේදී පන්දුවාර පහක් යවා අවසන් කිරීමට නියමිත කාල සීමාවන් තුළදී අසමත් වී ඇති බවටයි විනිසුරුවන් තීරණය කර ඇත්තේ. ඒ අනුව තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් ක්‍රීඩකයින්ට පැනවීමටත්, ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ඔවුන්ට හිමි ප්‍රසාද ලකුණු පහක් කපා හැරීමටත් තරග තීරකවරයා විසින් තීරණය කර තිබෙනවා. පාකිස්තාන නායක ශාන් මසූඩ් සිය කණ්ඩායමේ වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බව අයි.සී.සීය නිවේදනය කළා. මෙම ටෙස්ට්…

තව කියවන්​න

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන පිළිබඳ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය හෙවත් ජයිකා ආයතනය සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි මහතා පැවසුවේ, මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික සහය ලබා දීමටද සූදානම් බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි යන මහත්වරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන පිළිබඳ හාරා ෂෝහෙයි මහතා එහිදී සිය ප්‍රසාදය පළ කරමින් පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික සහය ලබාදීමටද සූදානම් බවයි. මෙරට ප්‍රවාහන පද්ධතිය ප්‍රතිසංස්කරණය සහ නගර පවිත්‍රකරණ කටයුතු…

තව කියවන්​න

ශ්‍රී ලාංකිකයින් අටදහසකට මේ වසරේ කොරියාවේ රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා . එහි සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා කියා සිටියේ නීතිවිරෝධී ලෙස කොරියාවේ රැදී සිටින පිරිස් වහාම මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි. දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන 96 දෙනෙකුට ගුවන් ටිකට්පත් ප්‍රදානය කරමින් සභාපටහිවරයා මේ බව පැවසුවා. ඔවුන් දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා මේ වසරේ පිටත්ව යන පළමු කණ්ඩායමයි. නීතිවිරෝධී ලෙස කොරියාවේ රැදී සිටින අයගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඉදිරි නීතිමය පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළා. විදේශ රැකියාවල නිරත වූවන් වාර්ෂිකව ඇමෙරිකා ඩොලර් මිලියන 6,000ට අධික මුදලක් මෙරටට සපයාදෙන බවද විදේශ…

තව කියවන්​න