Author: Dhanushka

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු – උතුරුමැද සහ වයඹ පළාත්වලත් පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තව කියවන්​න

ක්ලබ් වසන්තගේ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි ප්‍රදේශය හෙළි වෙයි ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත නමැති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ දකුණු පළාතේ සිට බව තොරතුරු අනාවරණය වනවා. එමෙන්ම අදාළ පුද්ගලයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද සැලසුමට විශාල මුදලක් වියදම් කර ඇති බවද වාර්තා වනවා. කංජිපානි නමැත්තාගේ නියෝගයකින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ. මේ අතර වෙඩි වැදී රෝහල්ගත කළ ජනප්‍රිය ගායන ශිල්පිනියක වන කේ සුජීවා හට ද මේ වන විට සැත්කම් 4 ක් සිදු කර ඇති බව සදහන්.

තව කියවන්​න

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2), 62 (2) සහ 83 (ආ) ව්‍යවස්ථාවන්හි ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සම්බන්ධයෙන් අනනුකූලතාවයක් පවතින බවට නිරීක්ෂණය වීම හේතුවෙනුයි මෙම අනුමැතිය ලැබී ඇත්තේ. ඒ පිළිබදව පවතින සැකය මගහරවා ගැනීමට මෙමගින් හැකිවනු ඇති බවද සඳහන්.

තව කියවන්​න

එළඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා මේ බව කියා සිටියා. ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේදී නිදහස ජනතා සභාව විසින් සමගි ජනබලවේගය සමග සිදු කළ දීර්ඝකාලීන සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

තව කියවන්​න

මිනුවන්ගොඩ , ජාපාලවත්ත ප්‍රදේශයේදී ගිනි අවි සඳහා යොදන පතරොම් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුක්තිය මෙහෙයුමට සමගාමීව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසිනුයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. එහිදී ටී-56 ගිනි අවි පතරොම් 2 ක්, පිස්තෝල පතරොම් 2 ක් සහ ටී – 56 ජීව පතරොම් 144 ක් සොයාගෙන තිබෙනවා.

තව කියවන්​න

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි දෙවැනි පර්යන්තයේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමට ජපානයේ ජයිකා ආයතනය එකඟ වී තිබෙනවා. එම ව්‍යාපෘතිය සහන ණයක් යටතේ සිදුකිරීමට නියමිත බවයි ගුවන්තොටුපොළ හා වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ.

තව කියවන්​න

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 30 කට අධික පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ආබාදිත පුද්ගලයින් සහ තුවාලකරුවන් රැදී සිටින කදවුරකට බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. හමාස් සංවිධාන ප්‍රධානියෙකු ඉලක්ක කරගනිමිනුයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

තව කියවන්​න

රේගු නිලධාරින් පසුගියදා ආරම්භ කළ වර්ජයත් සමඟ බහාලුම් පරීක්ෂා කිරීමේ කටයුතු වේගවත් නොවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව බහාලුම් රථ රියදුරන් පවසනවා. ඔවුන් පවසන්නේ මෙම තත්ත්වය කඩිනම් කිරිම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.

තව කියවන්​න

ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ උන්නාඕ ප්‍රදේශයේදී සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් පුද්ගලියින් 19 දෙනෙකු එයින් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූවන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දරුවෙකුද වන බව එරට පොලිසිය පවසනවා. බස්රථයක් බිහාර් සිට දිල්ලි දක්වා ධාවනය වෙමින් තිබියදී ලක්නව් ආග්‍රා අධිවේගී මාර්ගයේ පිටුපසින් පැමිණි කිරි ප්‍රවාහනය කළ රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

පක්ෂීන් සහ උරග විශේෂ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ බහුදින ධීවර යාත්‍රාවක් උපයෝගී කරගනිමින් මොවුන් මෙම ජාවාරම සිදුකර ඇති අතර එම යාත්‍රාව ද නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති බව සඳහන්ය පක්ෂීන් සහ උරග විශේෂ ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි අංශය දීර්ඝ කාලයක සිට සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස සුරක්ෂා නෞකාව යොදවා සිදුකළ විශේෂ මෙහෙයුමකදී දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ මෙම බහුදින ධීවර යාත්‍රාව පරීක්ෂාවට ලක් කර තිබේ

තව කියවන්​න