- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Dhanushka
සිය ඉල්ලීම් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර විසඳුම් ලබා දෙන බවට ප්‍රවාහන අමාත්‍යවරයා ලබා දුන් පොරොන්දුව අද දිනයේදී ඉටු නොකළහොත් යළිත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා . එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සිය සංගමය හෙට දිනයේදී රැස්වී අවසන් තීරණය ගන්නා බවයි .
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් අද සිට සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා . සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.
අමෙරිකාවේ ෆ්ලෝරිඩා හි පැවති කෝපා අමෙරිකා පාපන්දු තරඟාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට අද ආර්ජන්ටිනාව සමත් වුණා. ඒ, කොළොම්බියානු කණ්ඩායම 1 ට 0 ක් ලෙස පරාජයට පත් කරමින්. එහිදි ආර්ජන්ටිනා කණ්ඩායමේ ජයග්‍රාහි ගෝලය වාර්තා කිරීමට ලාටාරෝ මාටිනස් සමත් වුණේ 112 වන විනාඩියේදී.
වෙඩි ප්‍රහාරයේ උණුසුම මැකී යාමට පෙර හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමු`ඵවක් ඇමතීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ඔහු විස්කොන්සින් ප්‍රාන්තයේ රිපබ්ලිකන් පක්ෂ සමු`ඵව ඇමතීමට නියමිතව ඇති බව සඳහන්. මේ සඳහා පක්ෂ නියෝජිතයින් 2000 කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතයි. ඊයේ දින රැළියක් අමතන අතරතුරදී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක් වුණා.
වීසා නොමැතිව මෙරට රැඳි සිටි විදේශිකයින් 06 දෙනෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ආඬිඅම්බලම ප්‍රදේශයේ සැකකටයුතු විදේශිකයන් පිරිසක් රැඳී සිටින බවට කටුනායක පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමක දී මෙම විදේශිකයින් අත්අඩංගුවට ගෙන තිබුණා. පොලීසිය පැවසුවේ නීතිවිරෝධි ලෙස ගෙන්වන ලද දුම්වැටි 1,000ක් එක් විදේශිකයෙකු සතුව තිබී පොලිස් භාරයට ගත් බවයි.
පසුගියදා වාර්තා වූ කොලොන්න වෙඩි තැබීමේ සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනෙකු ආයුධ දෙකක් සහ මත්ද්රසව්ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවාග පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායමක් විසින් සිදු කල සෝදිසි මෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පවසන්නේ
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා. ඔහු මේ දක්වා තරග 06කට මුහුණ දී රැස්ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 303ක්. ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ද ඇතුළත්. එමෙන්ම මෙවර තරගාවලියේ පිතිකරුවන් අතර දෙවන තැන පසුවන්නේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දුයි. ඔහු තරග 06කදී ලකුණු 284ක් ලබා සිටිනවා. මේ අතර ගෝල් මාවර්ල්ස් කණ්ඩායමේ ඇලෙක්ස් හේල්ස් සහ කැන්ඩි ෆැලැන්කන්ස් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් පිතිකරුවන් අතර තෙවන සහ සිව්වන ස්ථානවල පවසුවනවා.
මාදුරුඔය රක්ෂිතයට අනවසරයෙන් ඇතුලුවී මොණරෙකු දඩයම් කර පුළුස්සා අනුභව කළ වීඩියෝවේ පෙනී සිටි ආදිවාසීන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා මාදුරුඔය – දෙහිඅත්ත ඇළ ප්රටදේශයේදී සිදුකල මෙම සිද්දිය විදේශිකයෙකුට අයත් යූ ටියුබ් නාළිකාවට 2020 වසරේදී රූ ගත කල බව සදහන් වනවා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටයි නියෝග කෙරුණේ
යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම සඳහා ආපසු හැරවිය නොහැකි මාවතක් විවර කිරීමට එහි සාමාජික රටවල් ප්‍රතිඥා දී තිබෙනවා. ඇමරිකාවේ වොෂින්ටනයේ පැවති සමුලුවකදී මෙම එකඟතාවට එළැඹුණා. එහෙත් ඒ පිළිබඳ විධිමත් කාල සටහනකට එකඟ නොවූ අතර යුක්‍රේනයේ යුද ක්‍රියාමාර්ග වලට අඛණ්ඩ සහාය ලබා දෙන බව නේටෝ සාමාජික රටවල් 32 සහතික වී තිබෙනවා.
මෙරට තුළ ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදුකර ඩුබායි හි සැඟවී සිටි ශ්රීන ලාංකිකයන් දෙදෙනෙකු එරට දී අත්අඩංගුවට ගෙන තිබෙනවා අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්යෙවෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළ වෙත ඔවුන් රැගෙනවිත් තිබෙනවා මෙලෙස රැගෙනවිත් ඇත්තේ කොළඹල නුගේගොඩ ප්රොදේශයේ පදිංචි 48 හැවිරිදි කලුදුර දිනේෂ් සාමන්ත ද සිල්වා නොහොත්,බබී, නැමැත්තා සහ මට්ටක්කුලියල සමිට්පුර ප්රවදේශයේ පදිංචි 26 හැවිරිදි කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා නැමැති අපරාධකරුවන් දෙදෙනාය
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222