Author: Dhanushka

ශ්‍රි.ල.නි.ප. ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිණිඅවියක් සහ හිස් පතොරම් කොපුවක් සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සැකකරු ජූලම්පිටිය ,ගල්පොත්තෙයාය ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර, 25 හැවිරිදි අයෙකු බවයි පැවසෙන්නේ. මෙම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් බවට සැකපිට මැදමුලන ,මැදගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඇගලුම් හල් සේවකයෙකු ද අත්අඩංගුවට ගත් බවද මිද්දෙනිය පොලිසිය පවසනවා. විදේශයක සැඟව සිටින මිද්දෙනිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නියෝගයක් අනුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ

තව කියවන්​න

මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ දොඹගහවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් දොඹගහවෙල ඉන්ධන පිරවුම්හල ආසන්නයේ දී සිදුවු බිහිසුණු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා තිබේග බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් සහ යතුරුපැදි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදු වී තිබුණිග අනතුරින් පසු කැබ් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් තවත් පුද්ගලයකු කැබ් රථය තුළ සිරවී සිටි අතර එම පුද්ගලයන් දෙදෙනා බේරාගැනීමට අසල සිටි පිරිස්වලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවියග අනතුරින් තුවාල ලැබූ දෙදෙනා කඩිනමින් මුදවාගෙන මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එම පුද්ගලයන් දෙදෙනා මහකලුගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසීයග

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අන්තර්ජාතික තරගවලට සහභාගි වීමට නම් පච්චා කෙටීම්ල මාල හෝ කරාබු පැළඳ ක්‍රීඩා කිරීම අතහැරල කොණ්ඩය නිසි පරිදි කපා විනයක් ඇතිව පැමිණිය යුතු යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා ක්‍රීඩකයන්ට පවසා තිබේ තමන් පුහුණුකරුවා වශයෙන් සිටින්නේ තාවකාලික පදනමකින් වුවත්ල ජාතික ක්‍රීඩකයන් දෙස බලාගෙන ඔවුන්ව ආදර්ශයට ගනිමින් සිටින පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ද සිටින බැවින් ර්‍ණවිනයක් ඇතුව අඳින්න පළඳින්න” ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පුරුදු පුහුණු විය යුතු බව ද සනත් ජයසූරිය මහතා ක්‍රීඩකයන්ට කියා තිබේ

තව කියවන්​න

ගඩලාදෙණිය සද්ධර්මතිලක රජ මහා විහාරයේ ගෙඩිගේ සම්ප්‍රදායේ පිළිමගෙය ආරක්ෂා කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතග ගඩලාදෙණිය සද්ධර්මතිලක රජමහා විහාරය පල්ලව ගෘහනිර්මාණ ශිල්පයට අනුව ගම්පොල යුගයේදී ධර්මකීර්ති නම් හිමිනමකගේ මූලිකත්වයෙන් ඉදි කරන ලද්දකිග එම රජමහා විහාරයේ ගෙඩිගේ සම්ප්‍රදායට අයත් පිළිමගෙය සංරක්ෂණය කිරීමේ කාර්‌යය සඳහා ආවරණ වහළක් ඉදි කිරීමට යෝජනා වී ඇතග ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවශ්‍ය මානව සම්පත් හා තාක්ෂණික උපකරණ නොමැති බැවින්ල ඒ සඳහා හැකියාව සහ සම්පත් සහිත ආයතනයක් වන මධ්‍යම උපදේශක කාර්‌යාංශය වෙත ඉංජිනේරුමය කාර්යයන් පැවරීම පිණිස බුද්ධ ශාසනල ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේයග

තව කියවන්​න

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති සියළු දෙනාට සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මස වන විට ස්ථීර රියදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරින් ජනරාල් අනුරුද්ධ වීරසිංහ පවසනවාග ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ :24* පැවැති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව පැවසුවේග එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ 2020 වසරේ ඇති වූ ආර්ථික ගැටලුවත් සමග රියදුරු බලපත් කාඩ්පත් මුදුණයට අවශ්‍ය කාඩ් ගෙන්වීමේ ගැටළුවකට මුහුණ දීමට සිදුවු බවත් මෙම ප්‍රශ්ණය හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණය නිකුත් කිරීමට නියමිතව තිබුනද ඔවුන් සඳහා තාවකාලික මුද්‍රිත රියදුරු බලපත්‍ර ලබා දීමට සිදුවූ බවයිග මේ වනවිට අවශ්‍ය කාඩ් ආනයනය කර ඇති බවත් සාමාණයෙන් අලුතින් රියදුරු…

තව කියවන්​න

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පැතිරෙන චන්දිපුර වෛරසය හේතුවෙන් ගෙවුණු මාසයේදී අවම වශයෙන් පුද්ගල මරණ 32ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා එලෙස මරණයට පත්ව ඇති පිරිසෙන් වැඩිදෙනෙක් ළමයින් සහ නව යොවුන් වියේ පසුවන්නන් බව සඳහන් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ගුජරාට් ප්‍රාන්තයේ පුද්ගලයින් 80කට වැඩි පිරිසකට මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවයි

තව කියවන්​න

බටහිර අප්‍රිකානු මුහුදේදී බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා . සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසන්නේ 150කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බවයි. මෙම බෝට්ටුවේ මගීන් 300ක් පමණ ගමන් කර ඇති බව අනාවරණය වුණා. මොරිටේනියානු වෙරළාරක්ෂක බලකාය විසින් පුද්ගලයින් 120 දෙනෙකු පමණ මුදාගෙන ඇති අතර, අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් දියත් කර තිබෙනවා .

තව කියවන්​න

පරිසරයට අහිතකර ලෙස දුම් පිටවන වාහන 93ක් , මේ වසර තුළ අසාදු ලේඛනට ඇතුලත් කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ, මහජනතාවගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි යම් වහනයක් අහිතකර ලෙස දුම් පිටකරමින් මාර්ගයේ ධාවනය වන්නේ නම් 070 3500 525 යන වට්ස්ඇප් අංකයට ඡායාරූපයක් හෝ වීඩියෝවක් යොමුකර විස්තර ලබාදෙන ලෙස මෝටර් රථප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා

තව කියවන්​න

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. මේ අතර වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

තව කියවන්​න

කර්මාන්ත සඳහා යොදාගන්නා ඉන්ධන ලීටර් මිලියන 1.5 ක් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් පිලිපීනය ආසන්න මුහුදේ ගිලී ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් අවට මුහුදු කලාපයේ, විශාල තෙල් පැල්ලම් දක්නට ලැබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 17 දෙනාගෙන් 16 දෙනෙකුව නිරුපද්‍රිතව බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා. අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

තව කියවන්​න