- ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න එක්සත් ජාතීන්ගේ සහාය
- විපක්ෂය අන්ත අසරණයි – ඇමති බිමල් – VIDEO –
- ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !
- සොබා දහම අපිට දඬුවම් දුන්නා – කාදිනල් හිමි – VIDEO –
- විනාශයට පෙර නිමිති පහල වුණා – මිහින්තලා නායක හිමි – VIDEO –
- ශිෂ්‍යත්ව ප්‍රතිඵල වෙනස් වූ සිසුන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීම හෙටින්අවසන්
- උසස්පෙළ විභාග ගැටළු දැනුම් දීමට දුරකථන අංක කිහිපයක්
- රට ගොඩනගන මෙහෙයුමට එකසත් ජාතීන්ගේ සංවිධානයත් එක්වෙයි
Author: Dhanushka
ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් සමාජ සත්කාරක වැඩසටහනක් හෙට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 6.30ට දියවැඩියා පිළිබඳ දැනුම්වත් කිරීමේ පාගමනක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ සිට ක්‍රියාත්මක වනවා. ඉන් අනතුරුව පෙරවරු 7.30ට සිට කොළඹ නගර සභා ක්‍රීඩාංගණයේ දී සෞඛ්‍ය කඳවුරක් ඇතුළුව දැනුම්වත්කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සියලු කටයුතු නොමිලේ සිදුකරන බවයි ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය සදහන් කලේ.
අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කර තිබෙනවා. ජාත්‍යන්තර පාපන්දු පිටියේදී රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වනවා. යුරෝපා කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ අයර්ලන්තය සහ පෘතුගාලය අතර තරගය ඊයේ පැවැත්වුණේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදීයී.
නවීන තාක්ෂණය සහිතව සුවසැරිය ගිලන් රථ බලඇණිය 500 ක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා කෙරෙන විශේෂ පුහුණු වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා අවශ්‍ය වූ සැලසුම් සහ ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටින බවයි.
ඓතිහාසික සිදුවීම් රැසකට මුල් වූ චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. මෙලෙස විනාශවී ඇත්තේ ෂැංජියාගෑං හි ප්‍රතිසංස්කරණය කරන ලද ඓතිහාසික යොංකිං විහාරස්ථානයේ මණ්ඩපයක් බවයි වාර්තා වන්නේ. පසුගිය බදාදා මෙම ගින්න හටගෙන ඇති අතර, එහි දේව මාළිගයේ තෙමහල් ලී වෙන්චැං මණ්ඩපයෙන් ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වසර 1500ක ඉතිහාසයක් ඇති මෙම විහාරස්ථානය වර්ෂ 536 දී දකුණු ලියැං රාජවංශයේ ෆෙන්ගුවාං කන්දේ ඉදිකර තිබෙනවා.
ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය අද වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්ව තිබෙනවා. කෙසේවෙතත් එහිදී පොදුජන එක්සත් පෙරමුණේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණා. එහිදී ජාතික ජන බලවේගයේ සභිකයින් 7 දෙනා සහ පොදුජන එක්සත් පෙරමුණේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණා.. විපක්ෂය නියෝජනය කරන සෙසු සභිකයින් 12 දෙනා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩි ඡන්ද 4කින් අයවැය පරාජයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය ක්‍රියාත්මක කරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් ඊයේ දිනයේ දී සැකකරුවන් 734දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දිනයේ දී පමණක් පුද්ගලයන් 32,737 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කලේ. ඒ අතුරින් සැකපිට පුද්ගලයින් 734 දෙනෙකු අත්අඩංගුවට ගත බව ද එම කොට්ඨාශය වැඩිදුරටත් සදහන් කළා.
ආරක්ෂක අංශ යටතේ පවතින යාපනය – පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරින් විශේෂ සාකච්ඡා පවත්වා තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම සාකච්ඡාවේදී ඉඩම් නිදහස් කිරීම සදහා ඇති බාධා පිළිබදව අධ්‍යයනයක කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. මේ සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක් එක්ව සිටියා. එමෙන්ම අත්‍යවශ්‍ය ආරක්ෂක යටිතල පහසුකම්වලට හානි නොවන පරිදි, නීත්‍යානුකූල අයිතිවාසිකම් සහිත ඉඩම් ඒවායේ හිමිකරුවන් වෙත නැවත ලබා දීම පිළිබදව ද අවධානය යොමුව තිබෙනවා.
ඊශ්‍රායලයේ ලෝරා බැලස්ටික් මිසයිල සහ අයිස් බ්‍රේකර් කෘස් මිසයිල ඉන්දියාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම සදහා ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමීර් බරාම් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රාජේෂ් කුමාර් සිං අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඊශ්‍රායලයේ විශාලතම ආරක්ෂක නිෂ්පාදන ගැනුම්කරු වන ඉන්දියාව 2020 වසරේ සිට 2024 වසර දක්වා වූ කාලය තුළ ඊශ්‍රායලයේ ආරක්ෂක උපකරණ නිෂ්පාදනයෙන් සියයට 34 ක් මිල දී ගෙන ඇති බවයි වාර්තා වන්නේ. දෙරට අතර ආරක්ෂක, තාක්ෂණික සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉදිරියේදී ද අඛණ්ඩව පවත්වාගෙන යාමට අදහස් කරන බව අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඊශ්‍රායල ආරක්ෂක…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද රාත්‍රී 11 දක්වා වලංගු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.
ව්‍යාජ සමාජ මාධය ගිණුම් සකස් කර මුදල් වංචා කළ බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගනක විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔහුව ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ රබෑව ප්‍රදේශයේ පදිංචි ජනිත් ප්‍රදීප් නැමැති පුද්ගලයෙක්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















