- වීසා නීති ලිහිල් කිරිමට නවසීලන්තයෙන් සැලසුම්
- බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටිමෙන් කාන්තාවකට තුවාල
- රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට
- මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 41 මරුට
- අමෙරිකාවට උතුරු කොරියානු ජනපතිගෙන් චෝදනා
- අදත් වැසි රහිත කාලගුණයක්
- ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට
- ඉහළ හන්තාන කොටසේ ගින්නක්
Author: Dhanushka
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණ සිටින ජනතාව පැවසුවේ, ඇතැමුන් දින තුන හතරකට වැඩි කාලයක් පෝලීම්වල රැඳී සිටින බවයි. එමෙන්ම විදෙස් ගමන් බලපත්‍ර සඳහා ටෝකන් ලබාගැනීමට ජනතාවට දින ගණනක් පෝලීම්වල සිටීමට සිදුව ඇති අතර, ලබාදෙන අංක තැරැව්කරුවන් විසින් ජාවාරම් කිරීමේ තත්ත්වයක් ද උදාවී ඇති බව සදහන්.
ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලයිතිව් දූපත්වල ඉන්දීය මුදල් ආධාර යටතේ හයිබි්රඩ් විදුලිබල ව්‍යාපෘති ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. ඊට අදාළ පළමු වාරිකය ඉන්දියාව විසින් නිල වශයෙන් මෙරටට භාර දී තිබෙනවා. මෙම ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2022 වසරේ මාර්තු මාසයේදී අත්සන් තැබුවා.
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තමන් තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි. ඔහු පසුගිය මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.
දෘශ්‍යාබාධිත හෝ ශාරීරික දුබලතා සහිත ඡන්ද දායකයින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ යෝග්‍යතා සහතික නොපමාව ලබා ගන්නා ලෙසට මැතිවරණ කොමිසම දන්වා තිබෙනවා. යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍රය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ ැකැජඑසදබගටදඩගකන වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි. එමෙන්ම අදාළ ඉල්ලුම් පත්‍රය පිරවීමෙන් අනතුරුව එය ග්‍රාම නිලධාරී මගින් සහතික කිරීමෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කර ඡන්ද හිමියාගේ යෝග්‍යතාවය සටහන් කරගත යුතු වනවා.
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් අට දෙනාගෙන්, රැස්වීම් සංවිධාන කර ඇත්තේ අපේක්ෂකයන් පහළොස් දෙනෙකු පමණක් බව ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය පවසනවා. එහි විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළේ අපේක්ෂකයන් තිදෙනෙකු පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවයි. එමෙන්ම මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ ඡන්ද ලකුණ මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන බවයි ඒ මහතා සදහන් කළේ.
ෂැන්ෂාන් සුළි කුණාටුව අද අලුයම ජපානයේ ප්‍රධාන දකුණු දූපතක් වන කියුෂු වෙත ළඟා වුණා. මේ හේතුවෙන් සුළං සහ කුණාටු ඇතිවීම සඳහා ඇති ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටමද එරට බලධාරීන් විසින් නිකුත් කර තිබෙනවා. මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 252 වේගයෙන් හමා ගිය බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මෙම ආපදා තත්වය මත පුද්ගලයින් තිදෙනෙක් ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස පළමු සතිය තුළ එළිදැක්වීමට නියමිතව තිබෙනවා. එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ප්‍රකාශ කළේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ අවසන් කටයුතු මේ දිනවල සිදුවන බවයි. එමෙන්ම සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා දිනයේ නිකුත් කරන බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ මහතා පවසනවා. ඒ මහතා කියා සිටියේ අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සැලසුම් සියල්ල මේ වන විට අවසන් කර ඇති බවයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතාට වසර 2 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10 ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියෝග කළා. 2010 වසරේ ආපදා කළමනාකරණ අමාත්‍ය ධුරයේ යෙදී සිටියදී අමාත්‍යංශ දේපල අයථා ලෙස පරිහරණය කිරීම ඇතු`ඵ තවත් චෝදනා කිහිපයක් හේතුවෙනුයි ඒ මහතාට මෙම සිරදඬුවම නියම වී ඇත්තේ. ඒ. එච්. එම් ෆවුසි මහතා වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුව එම චෝදනාවට වරදකරු කරමින් අධිකරණය එම නියෝගය ලබාදුන්නා. එමෙන්ම විත්තිකරුට ලක්ෂ 4ක දඩයක් ගෙවීමට ද විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
2024 පැරා ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී හෙට ආරම්භ වනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු එක්වීමට නියමිතයි. මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩක නවීඩ් රෂීඩ් අනිද්දා මෙරට වේලාවෙන් පස්වරු 1 ට මිටර් 400 නිදහස් ආර පිහිනුම් මූලික වටයේ තරගයකට සහභාගි වනවා.
ඊසානදිග සුඩානයේ වේල්ලක් කඩා වැටීමෙන් 60 කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. මෙම දිනවල සූඩානයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ අධික ගංවතුර තත්ත්වයේ බලපෑම මත මෙම වේල්ල කැඩී ගොස් තිබෙනවා. මෙම අනතුරින් මියගොස් ඇති පිරිස තවත් ඉහල යා හැකි බවයි එරට බලධාරීන් පවසන්නේ. ආපදාවන්ට ලක්වූවන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර, මේ හේතුවෙන් බරපතල පානීය ජල හිඟයකට මුහුණ දිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222