- කැරිබියන් සහ කේමන් දූපත් වලට ප්‍රබල සුනාමි අනතුරු ඇගවීමක්
- දියේ ගිලී තරුණයෙක් අතුරුදන්
- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
Author: Dhanushka
එක් අපේක්ෂකයෙකුට ඡන්දයක් හා වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපය ලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් තුන් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කිරීම හේතුවෙනුයි. ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන පිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කරන්නේ. කෙසේ වෙතත් අවශ්‍යනම් ඡන්දය පමණක් ලකුණුකළ හැකි බව ද ඒ මහතා පවසනවා. ඡන්ද පත්‍රිකාවේ තමන් කැමති අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියේ වෙන්කර ඇති කොටසේ එකේ ඉලක්කම සලකුණු කර ඡන්දය ප්‍රකාශ කළ යුතු වනවා. ඉන්පසු දෙවන සහ තුන්වන ඉලක්කම් සලකුනු කිරීමෙන් මනාප දැක්විය හැකියි. ඡන්ද දායකයෙකු ඡන්ද…
රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී ප්‍රහාරයට ලක්වූ ග්‍රීක ඉන්ධන ප්‍රවාහන නෞකාව පුපුරවා හැරීමට හූති කැරළිකරුවන් කටයුතු කර තිබේ. ඒ වනවිට එම යාත්‍රාවේ ඉන්ධන බැරල් මිලියනයක් පමණ ප්‍රවාහනය කරමින් තිබුණි. හූති කැරළිකරුවන් විසින් එම යාත්‍රාවට අගෝස්තු 21 වනදා පළමුවෙන් ප්‍රහාරයක් එල්ල කළ අතර පසුව එහි කාර්ය මණ්ඩලය නෞකාවෙන් ඉවත් විය. හූති කැරළිකරුවන් නිකුත්කළ වීඩියෝවක දැක්වෙන්නේ එම නෞකාවට පුපුරණ ද්‍රව්‍ය අටවා දුරස්ථ පාලකයක් ක්‍රියාත්මක කර නෞකාව පුපුරුවා හරින ආකාරය යි.
කාන්තා ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස ඔස්ට්‍රේලියාවේ සේවය කරන හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට එරෙහිව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් පරීක්ෂණයක් ආරම්භකර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවල සඳහන් වන්නේ සමරවීර ට එරෙහිව “ක්‍රීඩිකාවකට බරපතළ විෂමාචාරයක්” සිදුකළ බවට චෝදනා එල්ලවී තිබුණි. එය අතීතයේ සිදුවී ඇති සිද්ධියක් බවද සඳහන් ය. 1993 – 95 කාලසීමාවේදී සමරවීර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 7ක් සහ එක්දින තරග 5ක් ක්‍රීඩා කළේය. දැනට 52 හැවිරිදි වියේ පසුවන ඔහු වසර 10ක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරයි.
මැදපෙරදිග කලාපයේ රටවල් නියෝජනය කරන මාධ්‍යවේදීන් පිරිසක් පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවක නිරත වුණා. මෙහිදී ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කොට තිබුණා. පාර්ලිමේන්තුවේ ව්‍යුහය සහ කාර්යභාරය, නීති සම්පාදනය ක්‍රියාවලිය, පාර්ලිමේන්තු විවාද කිරීමේ ක්‍රමවේද, පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය සහ පාර්ලිමේන්තු කටයුතු මහජනතාව වෙත ගෙන යාම ආදිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. මෙම චාරිකාව සඳහා කුවේට් රාජ්‍යය, ඊජිප්තුව, ඇල්ජීරියාව, මොරොක්කෝ රාජධානිය ඇතුළු රටවල් ගණනාවක් නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් සහභාගී වුණා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. ඌව පළාතෙත,් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් තමන් ඉවත් කළ බවට පවසන ප්‍රකාශයන් අසත්‍ය බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. එවන් ලිපියක් පක්ෂයෙන් තමන් වෙත නොලැබුණ බවයි ඒ මහතා සදහන් කරන්නේ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් පාලිත රංගේ බණ්ඩාර ඉවත් කිරීමට එම පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව පක්ෂයේ අභ්‍යන්තර වාර්තා සඳහන් කරනවා.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. තරගයේ පළමු දිනය නිමා වන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 20 ක් ලබා ගනිමින් කඩුල්ලේ රැදී සිටියා. තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 3.30 ට ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
ජපානයට බලපා ඇති ෂැන්ෂාන් චන්ඩ මාරුතය හේතුවෙන් ලක්ෂ 50 කට අධික පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා. පැයට කිලෝමීටර 252 ක වේගයෙන් හමා යන සුළි කුණාටුව හේතුවෙන් සිව්දෙනෙකු මියගොස් 90 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ. සුළි කුණාටුවේ බලපෑමෙන් ගත වු පැය 24 තුළ මිලිමීටර 600 කට අධික වර්ෂාපතනයක් කියුෂු දූපතට ඇද හැළුණා.
ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයිග සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේ පදිංචිව සිටි කරුණාරත්න මුදියන්සේලාගේ ගුණසිංහ නමැති 59 හැවිරිදි තිදරු පියෙකිග වෙඩි පත්තුවීමත් සමඟ පසුපසට පැමිණි බඳින තුවක්කුව ඔහුගේ පපුවේ වැදීමෙන් ඔහු බරපතළ තුවාල ලබා සිටියදී ප්‍රදේශවාසීන්ට හමුව තිබේග පසුව ඔහු රෝහල්ගත කර තිබිණිග
සංවිධානාත්මක අපරාධ චෝදනා එල්ල වී සිටින ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය වේදිකාවේ ප්‍රධානී පාවෙල් ඩුරොව්ට ප්‍රංශයෙන් පිටවීම තහනම් කර තිබෙනවා. අදාළ චෝදනා ලබා සිටින 39 හැවිරිදි ටෙලිග්‍රෑම් ප්‍රධානියා මේ වන විට බන්ධනාගාරගත කොට නැති අතර ඔහුට සතියකට දෙවරක් ප්‍රංශයේ පොලිසියක පෙනී සිටිය යුතු බව දන්වා තිබෙනවා. අධිකරණයේ අධීක්ෂණය යටතේ තබා ඇති පාවෙල් ඩුරොව්ට යුරෝ මිලියන 5ක දඩයක් ද පනවා ඇති අතර ඔහුට එරෙහිව මේ වන විට සමාජ විරෝධයක් ද එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. මෙවන් තත්ත්වයක් යටතේ ටෙලිග්‍රෑම් ප්‍රධානියාට එල්ල වී ඇති චෝදනාවන් වන්නේ, සංවිධානාත්මක කල්ලියක් විසින් නීතිවිරෝධී ගනුදෙනු සක්‍රීය කිරීම සඳහා මාර්ගගත වේදිකාවක් පරිපාලනය කිරීමේ සංකීර්ණත්වය, බලධාරීන්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222