Author: Dhanushka

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. මෙම විශේෂ ප්‍රකාශය අද පස්වරු 7.30 ට සියලු රුපවාහිනි මාධ්‍ය ඔස්සේ ඒ අනුව විකාශය කෙරෙනු ඇති. මෙහිදි ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශය තුළින් ඉදිරියේදී මෙරට කටයුතු සම්බන්ධයෙන් ගන්නා වු තින්දු තීරණ පිළිබදව සඳහන් කිරීමට නියමිතයි.

තව කියවන්​න

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . මේ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවද සදහන් . එමෙන්ම ත්‍රිකුණාමලය සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා වැඩිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

තව කියවන්​න

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් තැබීමත් සමඟ මහ මැතිවරණයට දින නියම වී තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිතයි. මහ මැතිවරණය සඳහා නාම යෝජනා කාල සීමාව ඔක්තෝම්බර් 04 වැනිදා සිට 11 වැනිදා දහවල් 12 තෙක් ලබා දී තිබෙනවා. නව පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ. මේ අතර එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට සිදුකෙරෙනු ඇති බව ද සදහන්.

තව කියවන්​න

තායිලන්තයේ පැවති අන්තර්ජාතික ජුඩෝ තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලාංකික ජූඩෝ කණ්ඩායම ඊයේ රාත්‍රියේදී දිවයිනට පැමිණ තිබෙනවා. එම තරගාවලියේදී ඔවුන් රන් පදක්කමක්, රදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගැනීමට සමත් වුණා. ආර්.සී. ධර්මවර්ධන ක්‍රීඩකයා විසින් කිලෝග්‍රෑම් 73 බර පන්තිය යටතේ තරග කරමින් රන් පදක්කම දිනාගැනීමට සමත් වුණා. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙකු ද වනවා. මෙම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් 15 කට අධික සංඛ්‍යාවක් සහභාගි වී තිබීම විශේෂත්වයක්.

තව කියවන්​න

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල විසින් එල්ල කරන ලද දැඩි සහ පුළුල් පරාසයක ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 569 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අතර දරුවන් 50 දෙනෙකු සහ කාන්තාවන් 90 දෙනෙකුද වන අතර, පුද්ගලයින් 1835 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම බේරුට් අගනුවර සහ තදාසන්න ප්‍රදේශවල හිස්බුල්ලා සංවිධානයේ සමාජිකයන් සහ ඉහළ පෙළේ නිලධාරීන් රැදි සිටි ස්ථාන ඉලක්ක කරමින් එල්ල කෙරුණු ගුවන් ප්‍රහාර මාලාව හමුවේ ලෙබනන ජනතාව දහස් ගණනක් තම වාසස්ථාන අත්හැර දමා බේරුට් අග නගරයෙන් පිටත්ව ගොස් ඇති බවටයි සඳහන් වන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමග කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ලබාගත් ආර්ථික ප්‍රගතිය පවත්වා ගෙන යාමට එමගින් හැකි වනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වැඩසටහන සමාලෝචනය කළ යුතු කාලය සම්බන්ධයෙන් ද නව පාලනය සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය පිළිබදව සාකච්ඡා කිරිම සදහා සමගි ජන සන්ධානයේ නායකයින් අද රැස්වීමට නියමිතයි. කොළඹදී පැවැත්වෙන එම රැස්වීමට සමගි ජන බලවේගය සමග සන්ධානගත වී සිටින දේශපාලන පක්ෂවල නායකයින්ට ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර, ඊයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන නියෝජිතයින් අතරද නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී ඊයේ සාකච්ඡාවක් පවත්වා ඇති බව සදහන්.

තව කියවන්​න

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමින් ඉලක්ක කර ඊශ්‍රායලය අඛණ්ඩව එල්ල කරන රොකට් ප්‍රහාර සම්බන්ධයෙන් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් අවධානයෙන් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා . ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 492 දෙනකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා ඉලක්ක 1300 ක් වෙත රොකට් ප්‍රහාර 200 කට අධික ප්‍රමාණයක් එල්ල කර තිබෙනවා. ලෙබනනයේ දකුණු කොටසේ සහ නැගෙනහිර බේකා නිම්නයේ ප්‍රදේශ රැසක් ඊශ්‍රායල ඉලක්ක වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තව කියවන්​න

විදුලිබල හා බලශක්ති අමාත්‍යාවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර මහතා ධුරයෙන් ඉවත් වන බවට සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව තම කාර්යාලය සහ භාවිතා කළ වාහනය යළි අමාත්‍යාංශය වෙත භාර දුන් බවයි එහි දැක්වෙන්නේ. එමෙන්ම, අර්බුදකාරී වාතාවරණයකදී තමන් භාරගත් අමාත්‍යාංශය මේ වන විට ශක්තිමත් මුල්‍ය තත්වයකින් යුතුව මෙන්ම ඉන්ධන සහ බලශක්ති උත්පාදනය අඛණ්ඩව සැපයීමට හැකි තත්වයකට පත් කළ බවටද ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම කිසිදු ගැටලුවකින් තොරව විදුලිබල උත්පාදනය සහ ඉන්ධන සැපයීම සඳහා ප්‍රමාණවත් ඛනිජ තෙල් නිෂ්පාදන සහ ගල් අඟුරු තොග සහිතව පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් එමගින් සදහන් කර ඇත්තේ.

තව කියවන්​න

දිවයිනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය හමුවේ රක්ෂිත ගිනිතැබීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා. බදුල්ල හිගුරුගමුව රක්ෂිතයේ ඊයේ හටගත් ගින්නෙන් මේ වන විට අක්කර 10කට වැඩි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති බවයි පොලිසිය සදහන් කළේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න අද අලුයම වන විට පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම වැල්ලවාය කොටවෙහෙරගල රක්ෂිතයේ ද ඊයේ රාත්‍රීයේ හටගත් ගින්න මේ වන විට මැඩපවත්වා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තව කියවන්​න