Author: Dhanushka

නේපාලයට බලපා ඇති අධික වැසි තත්ත්වයත් සමඟ ගං වතුර සහ නායයෑම්වලින් පුද්ගලයින් 150 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දින දෙකක් පුරා මෙලෙස අධික වැසි ඇද හැලෙමින් පවතින අතර, 70 කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, 3,600ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි සහන කණ්ඩායම් අනතුරු අඟවන්නේ. පසුගිය සිකුරාදා දිනයේදී පමණක් කත්මණ්ඩු නිම්නයට මිලිමීටර් 200 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී ඇති බවද නේපාල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලැබුවා.

තව කියවන්​න

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැරණි වීසා ක්‍රමවේදය යළිත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට පැරණි වීසා නිකුත් කිරීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශ්‍ය සදහන් කළේ.

තව කියවන්​න

වසර දෙකකට පසු සිදු කෙරෙන නඩත්තු හා මෙහෙයුම් කටයුතු හේතුවෙන් පොල්ගොල්ල ජලාශය අද මධ්‍යම රාත්‍රියේ හිස් කිරීමට නියමිතව තිබෙනවා. එහි ජලය, මහවැලි ගඟට මුදාහැරෙන අතර, මසුන් ඇල්ලීමට මෙන්ම ක්‍රීඩා කිරීමට ජලාශයට සහ ගංඟාවට බැසීමෙන් වළකින ලෙසයි මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.එම් ධර්මදාස මහතා කියා සිටියේ. ජලාශයේ ගේට්ටු අනිද්දා පස්වරු හයට වසා දැමෙන අතර, නඩත්තු කටයුතු නිසා අද මධ්‍යම රාත්‍රියේ සිට පොල්ගොල්ල වේල්ල හරහා දිවෙන මාර්ගයද වසා තැබෙන බව ඔහු සඳහන් කළා. මේ අතර පොල්ගොල්ල ජලාශය හිස් කිරීම හේතුවෙන් ඉන් ජලය සපයන ප්‍රදේශවලට හෙට අලුයම 1 සිට ලබන 30 වනදා පස්වරු 6 දක්වා පැය 65…

තව කියවන්​න

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි යුධ, නාවික සහ ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කරනු ලැබුවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මුල්වරටයි මෙලෙස සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ.

තව කියවන්​න

අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් මෙම වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

තව කියවන්​න

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍යධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා. මෙම දැනුම් දීමට අනුව හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පහළොවකට ආසන්න පිරිසක් මේ වන විට රජයේ නිල නිවාස සහ බංගලා භාර දීමට විමසීම් කර ඇති බවයි අමාත්‍යංශ්‍ය පවසන්නේ. හිටපු අමාත්‍යවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ ආයතන කිහිපයකට රජය ලබා දී තිබූ කොළඹ රජයේ බංගලා සංඛ්‍යාව 50 ක් වනවා.

තව කියවන්​න

25 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට ආරම්භ වනවා. ඒ, කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදීයි. මෙම පොත් ප්‍රදර්ශනය අද සිට ඔත්තෝබර් මස 06 වනදා දක්වා පවත්වනු ලබන අතර උදෑසන 09 සිට රාත්‍රී 09 දක්වා විවෘතව පවතිනවා.

තව කියවන්​න

මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 38,874 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. විශේෂඥ ප්‍රජා වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සදහන් කළේ කොළඹ, කළුතර, ගම්පහ ආශ්‍රිත ප්‍රදේශවලින් රෝගින් වාර්තා වීම වැඩිවශයෙන් දක්නට ලැබෙන බවයි. එමෙන්ම ඉදිරියේදී මෙම ප්‍රමාණය අඩු කරගැනීමට අවශ්‍ය වැඩකටයුතු කිරීමට පියවර ගන්නා බවයි වෛද්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියේ.

තව කියවන්​න

ඇමරිකාව, බි්‍රතාන්‍යය ඇතුලු තවත් රටවල් කිහිපයක් සටන් විරාමයකට එකඟ වන ලෙස ඉල්ලීම් සිදු කළද ලෙබනනයේ සිටින හිස්බුල්ලා සටන්කාමීන්ට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තම හමුදාවට නියෝග කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ ද ඊශ්‍රායලය ලෙබනනයට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් 92 කු ජීවිතක්ෂයට පත්වුණා. පසුගිය සඳුදා සිට ඊයේ දිනය දක්වා සිදුකළ ප්‍රහාරවලින් 600 කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා.

තව කියවන්​න

රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. නවකවද සිද්ධීන් පිටුදැකීමේ මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සදහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නවක වද සිද්ධියකින් පීඩාවට පත් සිසුවකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිදුවන නවකවද සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බවයි.

තව කියවන්​න