Author: Dhanushka

විශ්‍රාමිකයන්ට රුපියල් 3000 ක දීමනාව මේ මස සිට ලබා දීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා . ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් සමග කළ සාකච්ඡාවේදීයි මෙම දීමනාව ලබා දීමට තීරණය කර තිබෙන්නේ. ඒ අනුව ඉදිරි කන්නය වෙනුවෙන් ගොවීන් සදහා ලබා දීමට තීරණය කළ පොහොර සහනාධාරය වන රුපියල් 25,000 සහ ධීවරයන්ට ලබා දීමට එකඟ වූ ඉන්ධන සහනාධාරය ලබා දීමට ද මැතිවරණ කොමිසම අනුමැතිය පළ කර තිබෙනවා.

තව කියවන්​න

මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන් වුණා. ඒ හේතුවෙන් අද දිනයේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, නාම යෝජනා භාරදීමේ කාලය අවසන් වීමෙන් පසු පෙලපාලි යාම තහනම් බවයි.

තව කියවන්​න

සමගි ජනබලවේගය පක්ෂය හා සන්ධාන ගතවී මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට එක්සත් ජනරජ පෙරමුණ තීරණය කර තිබුණා. කෙසේ වෙතත් එම පක්ෂ දෙක අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම, සමගි ජනබලවේගය විසින් උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙවර මහ මැතිවරණයට එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් නොවන බවයි එහි නායක පාඨලි චම්පික රණවක මහතා පවසන්නේ. මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක මහතා.

තව කියවන්​න

හිටපු අමාත්‍යවරයෙකු වන ඩලස් අලහප්පෙරුම මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසනවා. ඩලස් අලහප්පෙරුම මහතා මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය පක්ෂය යටතේ තරග වැදීමට නියමිතව සිටියා. ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊට තරග කළ ඔහු අනතුරුව විපක්ෂයට එක්වී පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීම සදහා මැතිවරණ ව්‍යාපාරයේ නිරත වනු ලැබුවා.

තව කියවන්​න

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ තවදුරටත් ඩොලරයකට වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 78 යි ශත 29 ලෙස සටහන වන අතර, එහි මිල ඉහළ යාම සියයට 2 යි දශම 2.3 ක් ලෙස සටහන් වුණා. එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 74 යි ශත 86 ක් වූ අතර, එය සටහන් වන්නේ ප්‍රතිශතයක් ලෙස සියයට 2 යි දශම 2.1 ක පහළ යාමක් ලෙසයි.

තව කියවන්​න

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණු,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරුවේ නිකුත් කළ නවතම වාර්තාවට අනුව උදෑසන 06 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතතනය හොරණ ප්‍රදේශයට ලැබී තිබෙනවා. මේ අතර අත්තනගලු ඔය සහ උරුවල් ඔය ආශ්‍රිත පහත් බිම්වලට ඉදිරි පැය 48 තුළ ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නායයෑම් පිළිබඳව අදියර…

තව කියවන්​න

ජනාධිපතිවරයාගේ ඡායාරූප සහ පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගත යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව විවිධ උත්සව, සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ රුව පළ කිරීමේදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අවසර ලබා ගත යුතු වනවා. රජයේ අරමුදල් ලබා ගනිමින් සිදු කරන කාර්යයන් සංවිධානය කිරීමේදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු කිරීම අවශ්‍ය බවද ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය ආයතනවලට වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

පකිස්ථානය සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. ඊයේ සිව් වන දිනයට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රිඩා කරන පකිස්ථාන කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 152 ක් ලබා සිටියා. එංගලන්තය සිය පළමු ඉනිම සදහා කඩුලු 07 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 823 ක්. එය ටෙස්ට් ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් රැස් කළ 4 වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වනවා. එමෙන්ම, මෙය සැලකෙන්නේ පකිස්ථානයට එරෙහිව ටෙස්ට් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

තව කියවන්​න

ලෙබනනයේ මධ්‍යම බේරූට් වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 117 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ෂියා මුස්ලිම්වරුන් වෙසෙන ප්‍රදේශයක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඝාතනයට ලක් වූ හිස්බුල්ලා සංවිධානයේ හිටපු නායකයාගේ ඥාතියෙකුට සහ එම සංවිධානයේ තවත් ඉහළ පෙලේ නායකයෙකු ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සදහන්. කෙසේ වෙතත් ඔවුන්ට ප්‍රහාරයෙන් හානියක් සිදු වී ඇත්ද යන්න මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදීයි. මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා නව සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබෙනවා. ඒ අනුව එහි නව සභාපතිවරයා ලෙස සරත් ගනේගොඩ මහතා පත් කර ඇති අතර ඔහු මෙරට පිහිටි පුමුඛ පෙලේ සමාගම් රැසක ඉහළ නිලතල දැරු පුද්ගලයෙකු වනවා. මේ අතර ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද ශ්‍රී ලංකන් ගුවන් සේවයට පත් කර තිබෙනවා.

තව කියවන්​න