Author: Dhanushka

කොළඹ කොටුව සහ මඩකලපුව අතර අද දිනට ධාවනය වීමට නියමිතව තිබූ සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ, අද උදෑසන මින්නේරිය – රොටවැව මංසන්ධිය ආසන්නයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන්. මෙම අනතුරින් අලින් දෙදෙනෙකු මිය ගොස් තවත් අලියෙක් තුවාල ලබා ඇති බවයි වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කළේ. අනතුරත් සමඟ දුම්රිය පීලි පැන ඇති අතර, එහිදී ටැංකි දෙකක් පෙරලී තිබෙනවා. එමෙන්ම, ඉන්ධන කාන්දුවක් ද සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් පවසා සිටියේ.

තව කියවන්​න

මෙරට රෝහල් 8 කට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි ඔවුන් පවසන්නේ. එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ පසුගිය රජය සමයේ පරිපූරක වෛද්‍ය සේවාවට අවශ්‍ය නිලධාරින් බදවා ගැනීම නතර කිරිම හේතුවෙන් සී.ටී ස්කෑනර්, එම්.ආර්.අයි ස්කෑනර් සහ හෘද කැතීටර්කරණ ඒකකයන්වල පරීක්ෂණ රැසක් ද සිදුකිරීම මේ වන විට ගැටළු සහගත වි ඇති බවයි.

තව කියවන්​න

ගංවතුරට හසු වු ආහාර, පාරිභෝගිකයින්ට අලෙවි කරන වෙළෙඳසැල් ඇත්නම් ඒ පිළිබඳ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාව දැනුවත් කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලිමක් කරනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ පසුගිය සමයේ එවැනි සිදුවිම් වැඩිවශයෙන් වාර්තා වූ බවයි. මේ අතර, පාරිභෝගිකයින්ට ලබාදෙන ආහාර නිසි ප්‍රමිතියකට තබා නොගන්නේ නම් නීතිමය පියවර ගන්නා බව එම ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් මහතා පවසනවා.

තව කියවන්​න

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එම ක්‍රියාමාර්ගය නොගන්නේ නම්, පසුගිය ජනාධිපතිවරණයේදී ආදායම් වියදම් වාර්තා ලබාදීමේදී ඇතැම් අපේක්ෂකයින්ට සිදු වු අපහසුතාවලට මෙම අපේක්ෂකයින්ට ද මුහුණ දීමට සිදුවිය හැකි බවයි.

තව කියවන්​න

2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට වියදම් කල හැකි සීමාව දිස්ත්‍රික්ක මට්ටමින් සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් පත්‍රයට අනුව වැඩි මුදලක් වියදම් කළ හැකි දිස්ත්‍රික්කය වන්නේ කොළඹ වන අතර එය රුපියල් 114 ක් වනවා. එමෙන්ම අපේක්ෂකයෙකුට අඩුවෙන්ම වියදම් කළ හැකි දිස්ත්‍රික්කය වන්නේ වන්නි දිස්ත්‍රික්කය වන අතර එය රුපියල් 82 ක් ලෙස සදහන්. එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයේ ජනගහනය, ජන ඝනත්වය, භූමි ප්‍රමාණය සලකා බලමින් අදාළ ගණනය කිරීම් සිදුකර තිබෙනවා. ඒ අනුව, අපේක්ෂකයෙකුට වියදම් කළ හැකිවන්නේ තමන් තරගවදින දිස්ත්‍රික්කය සඳහා වෙන්කර ඇති සමස්ත උපරිම වියදම් සීමාවෙන් සියයට 60 ක් බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ. ඉතිරි මුදලින් සියයට…

තව කියවන්​න

ගෙවුණු වසරකට ආසන්න කාලය තුළ මෙරට මුහුදු සීමාව හරහා ගමන් කළ නෞකා 26 කින් දිවයින අවට සාගර කලාපය දැඩි ලෙස දූෂණය වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එම අධිකාරිය මේ බව අනාවරණය කළේ නවීනතම චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කර ගනිමින් ලබාගත් දත්ත පදනම් කර ගනිමිනුයි. මෙරට සමුද්‍රීය කලාපයේ මෑත කාලීනව සිදු වූ ප්‍රධානම අනතුරු දෙක වන්නේ, නිව් ඩයමන්ඩ් නෞකා අනතුර සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරයි. එම අනතුරු දෙකෙන් මෙරට සමුද්‍රීය පරිසරයට අති විශාල හානියක් සිදු වුණා. මේ හේතුවෙන් ප්‍රංශ රජය සමග එක්ව මෙරට සමුද්‍රීය කලාපය හරහා යාත්‍රා කරන නෞකාවලින් සිදුවන තෙල් කාන්දු වීම් පිළිබඳව විශේෂ නිරීක්ෂණයක් සිදුකිරීමට සමුද්‍රීය පරිසර…

තව කියවන්​න

සිලින්ඩරය ලකුණ යටතේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් පාර්ලිමේන්තුව නියෝජනයට සිටිය යුතුම පිරිසක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙම පිරිස පාර්ලිමේන්තුවට යැවීම සදහා සියළු දෙනාගේම මනාපය ලබා දෙන ලෙසට ද හිටපු ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

තව කියවන්​න

උතුරු පළාතේ අද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නැවත වරක් ප්‍රහාර එල්ල විය හැකි බව අමෙරිකානු වාර්තා ප්‍රකාශ කරනවා. පසුගිය ජූලි මස 13 වනදා පෙන්සිල්වේනියාවේදී හිටපු ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් සිදු වූ වෙඩි තැබීම පිළිබඳව විමර්ශනය කළ ස්වාධීන මණ්ඩලය ඊයේ සිය වාර්තාව එලි දක්වනු ලැබුවා. එමගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ එක්සත් ජනපද රහස් ඔත්තු සේවයේ දුර්වලතාවය හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. එමෙන්ම, හිටපු ජනාධිපතිවරයාට එල්ල වූ ප්‍රහාරයක් නැවත සිදු විය හැකි බව ද අදාල වාර්තාවේ සදහන්.

තව කියවන්​න

ICC මගින් නිකුත් කළ නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පස් වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මහේෂ් තීක්ෂණ සමත්වී තිබෙනවා. ඒ ස්ථාන 5 කින් ඉදිරියට පැමිණෙමින්. එම ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානයේ සිටි වනිදු හසරංග හත් වන ස්ථානය දක්වා ස්ථාන දෙකක් පසුපසට පැමිණ තිබීමද විශේෂත්වයක්. එමෙන්ම පැතුම් නිස්සංක T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමවල 12 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

තව කියවන්​න