Author: Dhanushka

මෙරට ග්‍රාමීය ප්‍රදේශ තුළ විද්යුත් දුම්වැටි උවදුරක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි මහතා පැවසුවේ මේ වන විට කොළඹ, ගම්පහ, පානදුර සහ හදුනාගත් ප්‍රදේශවල වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයින් සහ පාසල් ළමුන් අතර විද්යුත් දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බවට අනාවරණය වී ඇති බවයි. මේ අතර අද උදෑසන ජාඇල සුරාබදු වැටලීමේ ඒකකය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී විද්යුත් දුම්වැටි තොගයක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් එම විද්යුත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 5 ක් පමණ වන බවයි සුරාබදු කොමසාරිස්වරයා පැවසුවේ.

තව කියවන්​න

ඇලපාත නිරිඇල්ල ප්‍රදේශයේ කාන්තාවක තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳව මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. 40 හැවිරිදි කාන්තාවක් ඝාතනයට ලක්ව ඇති අතර 43 හැවිරිදි ඝාතනය සිදු කළ සැකකරු පොලිසියට භාර වී තිබෙනවා.

තව කියවන්​න

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Ogilvy Sri Lanka සහ Women In Need සංවිධානය එක්ව සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් පිටකොටුවේදී පැවැත්වුණා. එම වැඩසටහනේදී කාන්තාවන්ට මුහුණ දීමට සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ අපයෝජනයන් පිළිබඳ කරුණු ඇතුළත් පුවත්පත් පිටු යොදාගෙන නිර්මාණය කරන ලද කාන්තා මූර්තියක් නිරාවරණය කරනු ලැබුවා. දිවයින පුරා කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන මෙම ගැටලු මෙන්ම ඒවාට මුහුණ දුන් කාන්තාවන් එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන දුෂ්කර අභියෝගයන් පිළිබඳව මෙහිදී ජනතාවගේ අවධානයට යොමු කෙරුණා.

තව කියවන්​න

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයට සිරගතව සිට නිදහස ලැබූ වී. ශ්‍රී හරන් නොහොත් මුරුගන් විසින් තමාට එංගලන්තයට යාමට අවශ්‍ය ගුවන් ගමන් ලේඛන ලබාගැනීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා මදුරාසි මහාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබේ. එහිදී ඔහු අවසර ඉල්ලා ඇත්තේ චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලේට් කාර්යාලයට ගොස් තම ගුවන් ගමන් ලේඛන සාදා ගැනීමට සහ එංගලන්තයට යෑම සඳහා වීසා ලබාගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට අවසර දෙන ලෙසයි. ඔහුගේ අරමුණ වන්නේ එංගලන්තයට ගොස් එහි සරණාගතභාවය සඳහා ඉල්ලුම් කිරීම බව වාර්තා වනවා.

තව කියවන්​න

ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පවසන්නේ එම සුපිරි ධනවතුන් 100 දෙනාගේ ආදායම්,වත්කම් හා වාර්තා ගොනු කිරීමේ ඉතිහාසය ගැඹුරින් සමාලෝචනය කරන බවයි. ඒ සඳහා ඉහළ ධනවත් පුද්ගල අංශය නමින් විශේෂ කාණ්ඩයක්ද සකස් කර ඇති අතර එහි විමර්ශන කටයුතු සඳහා විශේෂඥයින් 10 කුගෙන් යුත් කණ්ඩායමක් ද අනියුක්ත කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

කොළඹ නගරයේ වායු දූෂණ තත්වය තවදුරටත් අයහපත් වන බව කාලගුණ අංශ පවසනවා. කොළඹ නගරයේ වායු තත්ත්ව දර්ශකය 158 (පීඑම්2.5) ක් ලෙස දැක්වෙන බවත් එම දර්ශකය තව දුරටත් අයහපත් වුවහොත් දැඩි අවදානය යොමු කළ යුතු තත්ත්වයකට පත්වන බවත් අදාල බලධාරීන් පවසනවා. කොළඹට අමතරව අකුරණ, යාපනය සහ මහනුවර යන නගරවල වායු දූෂණ තත්වය ද අයහපත් බව කාලගුණ අංශ වැඩිදුරටත් සඳහන් කරනවා.

තව කියවන්​න

මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කාන්තා දින සැමරුම් ජාතික උත්සවයට එක්වෙමින්. මෙවර කාන්තා දිනයේ ජාත්‍යන්තර තේමාව වන්නේ , “කාන්තාවන් සඳහා ආයෝජන කරන්න – ප්‍රගතිය වේගවත් කරන්න” යන්නයි. ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී අද පැවැත්වුණා. මෙවර එහි තේමාව වන්නේ “ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන්නයි.

තව කියවන්​න

ගර්භණී සායනයන්හි ඇතැම් ඖෂධ වර්ග සහ සෞඛ්‍ය උපකරණ නොමැති වීමෙන් ගර්භණි මව්වරුන් දැඩි පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා. ඇතැම් ගර්භනී සායනයන්හි කැල්සියම් පෙති නිකුත් කිරිම සිදු නොවන බව ද සදහන්. එමෙන්ම රුධිර සහ මුත්‍රා පරීක්‍ෂණ සදහා අවශ්‍ය උපකරණවලද අඩුවක් පවතින බව ගර්භණී මව්වරුන් පවසනවා.

තව කියවන්​න

කුඩුවක් සකස් කර එයට උගුලක් අටවා හදුන් දිවියෙකු අල්ලා ඝාතනය කල සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පවසනවා. තලවකැලේ පොලිස් වසමට අයත් කටුකැලේ වත්තේ පදිංචි සැකකරු නිවස අසල කම්බියෙන් සකස් කරන ලද කුඩුවක් සාදා එම කුඩුව තුලට උගුලක් අටවා හදුන් දිවියා අල්ලා පහර දි ඝාතනය කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

තව කියවන්​න

තවදුරටත් පවතින ප්‍රචණ්ඩකාරි සහ අවුල්සහගත තත්ත්වයන් හමුවේ හයිටියේ ප්‍රධාන වාරායේ මෙහෙයුම් කටයුතු අත්හිටුවා තිබෙනවා. හයිටි රාජ්‍යයේ පෝර්ට් ඔර් ප්‍රින්ස් නගරයට කඩාවැදී සන්නද්ධ කණ්ඩායම් වරායේ බහාලුම් කොල්ලකා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. එමෙන්ම අදාළ නගරයේ ගුවන් තොටුපලට, පොලිස් ස්ථානවලට සහ බන්ධනාගාරයට ද සන්නද්ධ කල්ලි විසින් ප්‍රහාර එල්ල කර තිබුණා. එමෙන්ම අදාළ නගරයට යොදවා ඇති හදිසි නීතියද මාසයකින් දීර්ඝ කිරීමටයි එරට බලධාරින් කටයුතු කර ඇත්තේ. අදාල සන්නද්ධ කල්ලි බලකර සිටින්නේ හයිටියේ අගමැති ඒරියල් හෙන්රි වහාම ඉවත් කරන ලෙසයි.

තව කියවන්​න